මෙල්වා යතුරුපැදි ධාවකයන්ට කටුකුරුන්ද ධාවන තරගාවලි දෙකකදී ජයග්‍රහණ රැසක්

MELWA - 1 (LBN)

මෙරට ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම අනුග්‍රහය දැක්වූ යතුරුපැදි ධාවකයන් දෙදෙනෙකු වන කුෂාන් චමෝද් සහ ජනිත් චමීර පසුගියදා පැවැති ප්‍රධාන පෙළේ ධාවන තරගාවලි දෙකකදී ජයග්‍රහණ වාර්තා කළහ. ශ්‍රී ලංකා රේසින් රියැදුරු සහ ධාවක සංගමය (SLARDAR) සංවිධානය කළ කටුකුරුන්ද ධාවන තරගාවලියේදී 600 CC අංශයේ පළමු ස්ථානයත්, 1000 CC අංශයේ දෙවන ස්ථානයත් දිනා ගැනීමට කුෂාන් චමෝද්ට හැකි විය. ජනිත් චමීර එම තරගාවලියේම Tracker අංශයේ පළමු ස්ථානය දිනා ගත්තේය. 



 

ශ්‍රී ලංකා ඔටෝස්පෝර්ට් රියැදුරන්ගේ සංගමය (SLADA) සංවිධානය කළ රොදර්හැම්-කටුකුරුන්ද ටර්මැක් තරගාවලියේ 1000 CC Grand Prix (22 Laps) අංශයේ පළමු ස්ථානය දිනා ගැනීමට සිය Honda CBR1000 වර්ගයේ යතුරුපැදිය ධාවනය කළ කුෂාන් චමෝද්ට හැකි විය. ධාවකයන් රැසක් සමඟ කරට කර තරග කරමින් සිය Honda CBR600 යතුරුපැදිය ධාවනය කරමින් එම තරගාවලියට එක් වූ ජනිත් චමීරට සිව් වැනි ස්ථානය දිනා ගැනීමට හැකි විය. පසුගිය කාලය පුරා මෙරට යතුරුපැදි ධාවන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා මෙල්වා සමාගම සුවිශාල දායකත්වයක් දක්වා ඇත. ඒ යටතේ මීගමුව ප්‍රදේශයේ උපත ලැබූ අති දක්ෂ යතුරුපැදි ධාවකයන් දෙදෙනෙකු වන කුෂාන් චමෝද්ට සහ ජනිත් චමීරට අධිවේගී යතුරුපැදි දෙකක් ප්‍රදානය කිරීමට මෙල්වා සමාගම කටයුතු කළේය. මේ හරහා මෙරට තරුණ ප්‍රජාව අතර යතුරුපැදි ධාවනය ප්‍රවර්ධනය කිරීමටත්, ඒ තුළින් ජාත්‍යන්තර තරගාවලි නියෝජනය කළ හැකි ශ්‍රී ලාංකික ධාවකයන් බිහි කිරීමටත් අපේක්ෂා කෙරේ. ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට යමින් සෑම විටම අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි ජනතාවට අතිශයින් වැදගත් ක්ෂේත්‍රවල දියුණුවට මෙල්වා සමාගම නිරන්තරයෙන් දායකත්වය සපයයි. 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව