
මෙල්බර්න් හී දී CBD Campus විවෘත කරමින් සිය අධ්‍යාපන සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට Federation University Australia කටයුතු කර තිබේ. මෙමඟින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධිකාරීන් සහ අනෙකුත් ආයතන අතර අනාගත අධ්‍යයනයන් පිළිබඳ සහයෝගීතාවය වැඩිදියුණු කර ඇති අතර ජාත්‍යන්තර සිසුන්ටද එම ආයතනවල අධ්‍යාපන කටයුතුවල නියැලීම සඳහා මාවත සකස් කර දී තිබේ. මෙම නවතම City Centre Campus හරහා මෙල්බර්න් හි අධ්‍යයන හා වෘත්තීය ප්‍රජාව අතර ආයතනික පැවැත්ම තවදුරටත් සවිමත් වේ. එමෙන්ම අධ්‍යයන නවෝත්පාදනයන් සම්බන්ධයෙන් Federation University දක්වන ප්‍රමුඛත්වය ද මෙම co-operative educational ක්‍රමය ඔස්සේ මැනවින් ප්‍රදර්ශනය වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් Federation University Australia හි උපකුලපති සහ සභාපති මහාචාර්ය ඩන්කන් බෙන්ට්ලි මහතා (Duncan Bentley) මෙසේ ප්‍රකාශ කළේය. ” අලුතින් ස්ථාපනය කළ CBD University සතු නවීන පහසුකම් ඔස්සේ මීළඟ පරම්පරාවේ නායකයන්ට සහ චින්තකයන්ට කදිම ආරම්භක වේදිකාවක් සකස් කරනවා. අධ්‍යයන ක්ෂේත්‍රයට මෙන්ම ප්‍රජාව වෙත ද මහඟු සේවයක් එමඟින් සිදු කරනවා. එමෙන්ම මෙය උසස් අධ්‍යාපන කටයුතු සඳහා වඩාත් ගැළපෙන ඉගෙනුම් පරිසරයක් මෙන්ම හරිත ශිෂ්‍ය අවකාශයන් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”
මේ වන විට ජාත්‍යන්තර සිසුන් සඳහා ද මෙම විශ්වවිද්‍යාලය විවෘතව පවතී. උසස් අධ්‍යාපන ආයතන අතර අධ්‍යයන කටයුතු, අනාගත වර්ධනය සහ සහයෝගීතාවය පෝෂණය කිරීමට ද මෙය දායක වන අතර අවශ්‍ය පහසුකම් සපුරමින් විශිෂ්ටත්වය වෙත ළඟාවීම සඳහා සිසුන් වෙත අවස්ථාව සලසයි. තවද, අධ්‍යාපන ක්ෂේත්‍රයේ හවුල්කාරීත්වය දරන සම්පත් දායකයන් සහ දේශීය ව්‍යාපාර දායක කරගනිමින් වැඩමුළු සහ තොරතුරු සැසි ආදී විවිධ අවස්ථාවන් සම්පාදනය කර නව සබඳතා ගොඩනගා ගැනීම සඳහා ද මේ ඔස්සේ සිසුන්ට අවස්ථාව සලසා දෙයි.
Nawaloka College of Higher Studies හි (NCHS) ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සභාපති වික්ටර් රාමනන් (Victor Ramanan) මහතා මෙම නව සමාරම්භය පිළිබඳ සිය සුබ පැතුම් එකතු කරමින් අනාගත අභිවෘද්ධිය කෙරෙහි මෙම සහයෝගීතාවය ඉවහල් වන ආකාරය පිළිබඳව පැහැදිලි කළේය.
Nawaloka College of Higher Studies (NCHS) අධ්‍යයන පීඨාධිපති ආචාර්ය ඇලන් රොබට්සන් මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. “නවලෝක ආයතනය මෙල්බර්න්හි Federation University සමඟ එක්ව සිසුන් වෙත ජාත්‍යන්තර දැනුම බෙදාදීම සඳහා මාවත විවර කිරීමට දායකත්වය සපයනවා. එම කර්තව්‍යයන් තවදුරටත් සවිමත් කිරීමට CBD Campus බෙහෙවින් උපකාරී වෙනවා.”
මෙල්බර්න් නගරය යනු ඕස්ට්‍රේලියාවේ විශිෂ්ටතම පොදු ප්‍රවාහන පහසුකම් සහිත සංස්කෘතික විවිධත්වයෙන් ඉහළ කාර්යබහුල නගරයකි. 2025 වසරේ මුල් භාගයේදී දියත් කරන ලද මෙම මුලපිරීම ඔස්සේ ජාත්‍යන්තර සිසුන්ට මෙහිදී ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, සයිබර් ආරක්ෂාව සහ තොරතුරු තාක්ෂණය ආදී විෂයන් රාශියක් පිළිබඳව අධ්‍යයනය කිරීමට අවස්ථාව විවර කර දී තිබේ.