මෙම වසරේ නත්තල් උත්සවය සඳහා දින ගණනය නිළ වශයෙන් ආරම්භ කරමින්, පෙගසස් රීෆ් හිදී නත්තල් කේක් සැකසීම ආරම්භ කරයි

Image (LBN)

මෙම වසරේ නත්තල් උත්සවය සඳහා දින ගණනය නිළ වශයෙන් ආරම්භ කරමින්, පෙගසස් රීෆ් හෝටල් පරිශ්‍රයේදී  නත්තල් කේක් සැකසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිශ්‍ර කිරීම, නිවර්තන තේමාවන්ගෙන් හැඩ වූ උත්කර්ෂවත් උළෙලකින් සමාරම්භ කරනලදී! මේමඟින් වෙහෙසකර කාලයකට පසු එළඹෙන නිවාඩු සමයක ආරම්භය සනිටුහන් කරමින්, එය ගත කිරීම සඳහා මෙම සිත්ඇදගන්නාසුළු, සුන්දර වෙරළ තීරයක් අද්දර පිහිටි තම හෝටල් පරිශ්‍රයට පැමිණෙන මෙන් සියළුම ආදරණීය අමුත්තන්ට ආරාධනා කරන ලදි.
 



 

සාම්ප්‍රදායික බෙර වාදන මධ්‍යයේ සූපවේදීන් විසින් නත්තල් කේක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිශ්‍ර කිරීම ආරම්භ කරන ලදී. කුළු බඩු වර්ග, පළතුරු සහ විවිධ ඇට වර්ග මිශ්‍ර කරන මෙම පැරණි චාරිත්‍රයට පැමිණ සිටි අමුත්තන් ද සහභාගී වූ අතර, එමඟින් එලඹෙන නිවාඩු සමය වාසනාවෙන් සහ ප්‍රීතියෙන් පිරී යන බව සංකේතවත් කරන ලදි. මෙම උත්සව අවස්ථාව සුහඳ කතාබස් සහ ප්‍රණීත ආහාරපානවලින් ද තවත් වර්ණවත් වී තිබුණේය.

පෙගසස් රීෆ් හි සාමාන්‍යාධිකාරී රේණුක කොස්වත්ත මහතා විසින් මෙම නත්තල් සමයේ සිය හෝටලයේ තේමාව වන “පෙගසස් හි නිවර්තන නත්තලක් (A Tropical Christmas at Pegasus)” යන්න එළි දැක්වනු ලැබුවේය. “අපගේ උත්සවය මෙලෙස ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව අප සතුටු වනවා. මෙම උත්සවය නත්තල් නිවාඩු සමය ගැන ජනතාව තුළ ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් වනවා. එලඹෙන දෙසැම්බර් මාසයේ පෙගසස් රීෆ් හා එක්ව සැබෑ නිවර්තන කලාපීය නත්තල් සමයක සුවය අත්විඳගන්නා ලෙසට සැමට ආදරයෙන් ආරාධනා කරනවා” යනුවෙන් තවදුරටත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම උත්සවයට පැමිණ සිටි සියළු දෙනා මවිතයට පත් කරමින්, නත්තල් සීයා  උත්තර ධ්‍රැවයේ සිට මාර්ගගතව සම්බන්ධ වෙමින් තම නත්තල් කේක් ඇණවුම පෙගසස් රීෆ් වෙත ලබා දුන්නේය. මෙමඟින් පෙගසස් රීෆ් හි එළඹෙන උත්සව සමය කෙතරම් විනෝදකාමී දැයි ඉඟියක් අමුත්තන්ට ද ලබා දෙන ලදි. එම උත්සවයෙන් පසුව, අමුත්තන් ඔවුන් වටා ඇති නිවර්තන නත්තලේ අසිරිය ද, සංගීතය ද රසවිඳිමින් සැහැල්ලු හෝරාවක් ගත කරන ලදී.

මෙම කේක් මිශ්‍ර කිරීමේ උත්සවය, නත්තල් උත්සව සමයේ ආරම්භය පමණක් වන අතර පෙගසස් රීෆ් හි ප්‍රධාන අවන්හල්වලින් එකක් වන “රසකෙත” නත්තල වෙනුවෙන්, දින 7 ක් සඳහා විවිධ තේමාවන් ඔස්සේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ඇත. මෙම රාත්‍රී භෝජන සංග්‍රහයන් උතුරු ඉන්දියානු, ශ්‍රී ලාංකීය සහ BBQ වැනි අංගයන්ගෙන් සමන්විත අතර ප්‍රණීත ආහාරපානවලින් අමුත්තන් මවිත කිරීමට සූදානමින් සිටී.

මෙපමණක් නොව පෙගසස් රීෆ් හි සුප්‍රසිද්ධ මුහුදු ආහාර අවන්හල වන The Fishery හිදීද  නත්තල් උත්සවය තේමා කරමින් සිය අමුත්තන් පිනවීම උදෙසා ක්‍රියාකාරකම් රැසක්  සූදානම් වෙමින් පවතී. පෙගසස් රීෆ් විසින් නත්තල් නිවාඩු සමය පිළිබඳ තවත් ආකර්ෂණීය තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.

පෙගසස් රීෆ් මඟින් නත්තල වෙනුවෙන් සූදානම් කරන මෙම සුවිශේෂී අවස්ථාව අතපසු නොකරන්න ! ඉදිරියට සැලසුම් කරන සියළුම  උත්සව සහ අනෙකුත් විශේෂ අවස්ථා ගැන දැනගන්න. facebook.com/Pegasusreefwattala හෝ www.instagram.com/pegasusreef_wattala වන පෙගසස් රීෆ් හි  සමාජ මාධ්‍ය ඔස්සේ හෝ  ඔවුන්ගේ www.pegasusreefhotel.com  වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ලබාගත හැකිය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව