මිනිසා සහ මිහිකත වෙනුවෙන් ආයුර්වේදය

Image - Link natural Aurveda (LBN)

ලෝක ආයුර්වේද  දිනය සමරනු ලබන්නේ, නීරෝගී ජීවිතයක් සඳහා ලොව පුරාණතම, ජිිවන දර්ශනයක් වූ ආයුර්වේදයට ගෞරව දැක්වීම පිණිස සහ ආයුර්වේදය සඳහා අධිපති ලෙස ගෞරව දක්වන ධන්වන්තරිි දෙවියන්ගේ උපන්දිනය සැමරීම නිමිති කොට ගෙනය. ආයුර්වේදය හුදෙක්ම වෛද්‍ය විද්‍යාවක් පමණක්ම නොවන බවත් එය  ජීවන දර්ශනයක් බැවින්,මිනිසාට නිරෝගිව සිටිය හැකි ආකාරය ගැන ද ස්වභාව ධර්මය හා මිනිසා අතර ඇති සහජීවනය තුළින් තිරසාර ජීවන රටාවකට යොමු වීමේ වැදගත්කම ඉස්මතු කිරිමටය.
 



 
මෙම දිනයේ අභිමතාර්ථය වනුයේ ආයුර්වේදයේ  වැදගත්කම පිළිබඳව ගෝලීය දැනුවත්භාවය ඉහළ නැංවීම, සෞඛ්‍යය සම්පන්න  ජීවන රටාවන් දිරිමත් කිරීම, සාම්ප්‍රදායික දැනුම ආරක්ෂා කිරීම සහ ජීවන රටා හා බැඳුණු ශාරිිරික, මානසික සහ සමාජිිය විපර්යාස වැනි වර්තමාන ජිිවන රටාව හා බැඳුණු අභියෝගවලට ආයුර්වේදය තුළින් පිළිතුරු ලබා දීමය.

ආයුර්වේද ක්ෂේත්‍රයේ පුරෝගාමි ආයතනයක් ලෙස, ලින්ක් නැචුරල් සමාගම “මිනිසා සහ මිහිකත සඳහා ආයුර්වේදය” යන මෙම වසරේ තේමාව තුළින්, සියවස් ගණනාවක් පුරා පැවත ගෙන එන විශ්මිත ආයුර්වේද දැනුම, මිනිසාගේ යහපැවැත්ම සඳහා පමණක් නොව අපගේ ජීවය සුරකින පරිසර පද්ධතියේ  සමතුලිතතාවය පවත්වා ගැනීමට ද දායක වන බව අවධාරණය කෙරේ. ඉපැරණි ආයුර්වේද  ඥාණ සම්භාරය, අතීතයට සාපේක්ෂව වර්තමානයේ දී වඩාත් උචිත හා වැදගත් වේ .

හුදෙක් මෙම කාලීන අවශ්‍යතා සපුරමින් ලින්ක් නැචුරල්  අපි, ආයුර්වේද  උරුමය, ආයතනයේ දැක්ම තුළින් මිනිසා සුවපත් කිරීමට හා  සුරක්ෂිතව තැබීමට, නවීන විද්‍යාව හා තාක්ෂණය මුසුකොට උසස් ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබා දීමට ඇපකැප වෙමු.

ආයුර්වේද දර්ශනයට අනුව ශාරිිරික, මානසික, සාමාජිය සහ සොබාදහම අතර සහසම්බන්ධය මැනවින් විග්‍රහ කෙරේ. අප නිෂ්පාදන, ජාත්‍යන්තර තත්ත්ව සහතික යටතේ (GMP, ISO වැනි), නවීන පර්යේෂණ සංවර්ධනය තුළින් ගුණාත්මකභාවයෙන් ඉහළ තලයක පවත්වා ගෙන යෑමට අප කැප වී සිටිමු. මෙහි දී පරිසර හිතකාමී ක්‍රමවේද අනුගමනය කරන අතර නිෂ්පාදන ක්‍රියාවලියේදී  වන පරිසරික බලපෑම් අවම කිරීම දක්වාත්, අපගේ තිරසාර භාවිතයන් තුළින් මිනිසා සහ මිහිකතෙහි  අනාගත පැවැත්ම සඳහා අප වගකිිමෙන් කටයුතු කරන්නෙමු.

මෙම ආයුර්වේද සැමරුම් දිනයේ දී, ආයුර්වේද ක්ෂේත්‍රයේ පුරෝගාමි ආයතනයක් ලෙස ලින්ක්  නැචුරල් සමාගම, ආයුර්වේද උරුමය ආරක්ෂා කරමින්, සෞඛ්‍යය සම්පන්න ජීවිත සවිබලගැන්වීම සඳහා වඩාත් තිරසාර අනාගතයක් ගොඩනැගීමට අතහිත දිිමෙන්, ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා කටයුතු කිරිිමට බැඳී සිටින්නෙමු.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව