මැලිබන් සමාගම කිරි ගොවියන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන් බලගැන්වීමේ අරමුණින් දිගු කාලයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන ‘ මැලිබන් අභය දාන’ පිංකම් මාලාවේ 2533 වැනි වැඩසටහන 2023 අප්‍රේල් මස 30 වනදා බෙල්ලන්විල රජමහා විහාරයේදී පැවැත් වුණි. රටේ ආහාර නිෂ්පාදකයින් අතරින් ප්‍රමුඛතම සමාගමක් වන මැලිබන් සමාගම දියත් කරන ප්‍රධානතම සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන හඳුන්වා දිය හැකිය.
‘මැලිබන් අභය දාන’ ව්‍යාපෘතිය මැලිබන් සමාගමේ වර්තමාන සභාපති රත්නපාල සමරවීර මහතාගේ සංකල්පයකට අනුව 2008 වසරේ දී ආරම්භ කෙරුණු අතර, මෙම වැඩසටහන හරහා දේශීය කිරි ගොවියන් නඟා සිටුවීම මෙන් ම ගව ඝාතනය පිටු දැකීම ද අරමුණු කරයි.
කිරි මෙට්‍රික් ටොන් 100ක් ආවරණය වන පරිදි කිරි ගොවියන් වෙත කිරි එළදෙනුන් පරිත්‍යාග කිරීමට මැලිබන් මිල්ක් ප්‍රොඩක්ට්ස් සමාගම විසින් අරමුදල් සපයනු ලබන අතර, එමඟින් විශේෂයෙන් අඩු ආදායම්ලාභී පවුල්වලට අමතර ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව ලැබේ. මෙම සමාජ සත්කාර වැඩසටහන මගින් ප්‍රතිලාභ ලැබූ මැලිබන් කිරි ගම්මානයේ ගොවියන් ගොම කොම්පෝස්ට් යොදා ගනිමින් එළවලු සහ පලතුරු වගා කිරීමට ද කටයුතු කරන අතර, එමගින් ගොවියන්ට වැඩි ආදායමක් උපයා ගැනීමේ හැකියාව ලැබීම අමතර ප්‍රතිලාභයකි.
ශ්‍රී ලාංකික ජනතාව වෙත ප්‍රමිතියෙන් ඉහළ කිරිපිටි ලබා දීමට කටයුතු කරන මැලිබන් සමාගම වත්මන් ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් තුළ දී පවා රට පුරා කිරි ගොවීන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා මෙම වැඩසටහන හරහා සහයෝගය ලබා දෙයි.