මැයි 3 වනදා සිට එමිරේට්ස් කොළඹට සිදුකරන ගුවන් ගමන් සංඛ්‍යාව 7 දක්වා වැඩි කරයි

Emirates Boeing 777-300ER (1)

 




 

 

මැයි 3 දා සිට එමිරේට්ස් ගුවන් සමාගම විසින් සතියකට කොළඹට ක‍්‍රියාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හය සිට හත දක්වා වැඩිකරන බව එම සමාගම නිවේදනය කර ඇත.

EK650 ලෙස නම් කර ඇති මෙම අමතර ගුවන් ගමන සෑම සඳුදාවකම ක‍්‍රියාත්මක වනු ඇත. පැය 02:05 ට ඩුබායි වෙතින් පිටත්ව පැය 08:00 ට කොළඹට ළඟා වන මෙම ගුවන් ගමන EK651 ලෙස පැය 09:30 ට කොළඹින් පිටත්වී පැය 12:15 ට ඩුබායි වෙත ළඟාවේ. මේ අනුව, එමිරේට්ස් මගීන්ට ඩුබායි හරහා එමිරේට්ස් ජාලයේ ගමනාන්ත 90 ක් වෙත පහසුවෙන් සහ ආරක්ෂාකාරීව ගමන් කිරීමේ අවකාශය වර්ධනය වේ.

කොළඹට ගුවන් ගමන් ක‍්‍රියාත්මක කිරීම සඳහා එමිරේට්ස් විසින් පුළුල් බඳ සහිත Boeing 777-300ER වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබේ. සමාගම සඳහන් කරන්නේ emirates.com වෙබ් අඩවිය, එමිරේට්ස් අලෙවි කාර්යයාල හෝ ට‍්‍රැවල් ඒජන්ත සමාගම් මගින් ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර වෙන්කර ගත හැකි බවයි.

පසුගිය පෙබරවාරි මාසයේදී එමිරේට්ස් කොළඹට සතියකට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හතර සිට හය දක්වා වැඩිකරන ලදී.

එමිරේට්ස් ගුවන් සේවය 1986 වසරේදී ශ‍්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කළ අතර සමාගම විසින් කොළඹට ගුවන් ගමන් ආරම්භ කර 35 වන වසර අපේ‍්‍රල් 1 දා සමරන ලදී. විදේශීකයින්ට සහ ශ‍්‍රී ලාංකිකයින්ට පහසුකම් සලසමින් පසුගිය වසරේදී ශ‍්‍රී ලංකාවේ සිට ගමන් නැවත ආරම්භ කළ පළමු ගුවන් සමාගම් අතර එමිරේට්ස් ගුවන් සමාගමද සිටී. එසේම, සතියකට භාණ්ඩ ගුවන් ගමන් හතරක් සිදුකරමින් කොළඹ සිට සහ කොළඹට භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳ ජාලයන්ට සම්බන්ධ කිරීමට එමිරේට්ස් ස්කයිකාර්ගෝ අංශය විශාල සේවාවක් සිදුකර ඇත.

එමිරේට්ස් ගුවන් ප‍්‍රවේශපත් වෙන්කර ගැනීමේ ප‍්‍රතිපත්තිය යටතේ පාරිභෝගිකයින්ට නම්‍යශීලී සහ විශ්වාසවන්ත ලෙස තමන්ගේ ගුවන් ගමන් සැලසුම් කර ගැනීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. 2020 සැප්තැම්බර් 30 වනදාට පෙර නිකුත් කර තිබෙන 2021 දෙසැම්බර් 31 වනදාට පෙර සංචාරය කළ යුතු ප‍්‍රවේශ පත් හිමි මගීන්ට මාස 36 ක කාලයක් තුල තමන්ගේ ගුවන් ගමන යළිත් වෙන්කර ගැනීමේ අවස්ථාව සමාගම විසින් ලබාදී තිබේ. 2020 ඔක්තෝම්බර් 1 වනදාට පසුව නිකුත් කර තිබෙන 2021 දෙසැම්බර් 31 වනදාට පෙර ගමන් කළ යුතු ප‍්‍රවේශ පත් හිමි මගීන්ට තමන් මුලින්ම ප‍්‍රවේශපත් වෙන්කර ගත් දිනයේ සිට මාස 36 ක් ඇතුළත තම ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර භාවිතා කළ හැකි බව එමිරේට්ස් සඳහන් කරයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව