මෙරට ප්‍රමුඛතම පළිබෝධ කළමනාකරණ සමාගම වන Exterminators සමාගමේ නිර්මාතෘ මාලන් ෆෙරෙයිරා ශ්‍රී ලංකා ව්‍යවසායක සම්මාන උළෙලේදී ව්‍යවසායකත්වය සඳහා ඔහු ලැබූ 21 වැනි සම්මානය දිනා ගත්තේය. තරුණ ලාංකික ව්‍යවසායක මණ්ඩලය (COYLE) සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. එහිදී Exterminators සමාගම සිය 68 වන සම්මානය දිනා ගත්තේ පළිබෝධ කළමනාකරණ ක්ෂේත්‍රයේ නායකත්වය තව දුරටත් තහවුරු කරමිනි. විශිෂ්ට නායකත්වයක් යටතේ ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය පිළිබඳව කැපවීමෙන් කටයුතු කරන එම සමාගම ක්ෂේත්‍රයේ තුළ විප්ලවීය වෙනසක් කර ඇත.
22 හැවිරිදි වියේ පසු වූ ෆෙරෙයිරා මාසිකව රු. 10,000ත් 12,000ත් අතර වැටුපක් ලැබූ රැකියාව අත්හැර ව්‍යවසායකයෙකු වීමට තීරණය කළේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමිනි. විශාල මුදලක් ඉතුරුම් වශයෙන් නොතිබුණු බැවින් ඔහු පවුලේ සාමාජිකයන්ගෙන් සහ මිතුරන්ගෙන් රු. 75,000ක මුදලක් ණය ලෙස ගෙන යතුරුපැදියක් සහ දියර ඉසින යන්ත්‍රයක් මිල දී ගත්තේය. එලෙස ඇරැඹුණු ඔහුගේ ව්‍යවසායකත්ව ගමන අභියෝගවලින් පිරුණු එකක් විය. ආරම්භයේදී නිවසේ සිට ව්‍යාපාර කටයුතු කළ ෆෙරෙයිරා ශක්තිමත් පාරිභෝගික ජාලයක් ගොඩ නඟා ගත්තේ කොළඹ නගරය පුරා අත් පත්‍රිකා බෙදමිනි. පළමු වසරේදී රු. 98,000ක ආදායමක් ලැබූ ඔහුට රැකියාව කළේ නම් ලැබිය හැකිව තිබූ වාර්ෂික ආදායම රු. 120,000ත් 144,000ත් අතර විය. පළිබෝධ කළමනාකරණ ක්ෂේත්‍රයට නව ප්‍රමිති හඳුන්වා දීමට Exterminators සමාගමට හැකි වී තිබේ. ක්ෂේත්‍රයේ කාබන් විමෝචනය පිටුදකින පළමු සමාගම වෙමින් තිරසාරත්වය වැළඳ ගෙන ඇති එම සමාගම ISO 9001, ISO 14001 සහ ISO 45001 ජාත්‍යන්තර තත්ත්ව සහතික ලබා ඇත. Exterminators සමාගමේ මෙහෙයුම් වර්මානයේදී එක්සත් රාජධානියේද අරඹා ඇත. නව්‍යකරණය, උත්සාහය සහ තිරසාරත්වය සඳහා වන කැපවීම තුළින් ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නංවා, සෞභාග්‍යවත් අනාගතයක් ගොඩ නැගීම එම සමාගමේ අරමුණ වේ.