![Photo Caption 03 (1) (LBN)](https://sinhala.lankabusinessnews.com/wp-content/uploads/2025/02/Photo-Caption-03-1-LBN.jpg)
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය (Markspen Group) අභිමානයෙන් යුතුව 2025 ජනවාරි මස 24,25,26 තෙදින තුළ මුත්‍රවේලි ක්‍රීඩාංගනයේ දී පැවති 15වන යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය සදහා සහභාගී විය. ප්‍රදර්ශනය අතිසාර්ථකව අවසන් වූ අතර, එයට 73,000 කට අධික පිරිසක් සහභාගී විය.
මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම සහ මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම , මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය යටතේ පවතින කැපීපෙනෙන සමාගම් ද්විත්වයකි. මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම (Markspen Holdings (Pvt) Ltd) ‘Smart Agriculture’ සංකල්පය හරහා ඉදිරිපත් කරනු ලබන DOMA CTP 20 ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රයට 15වන යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ දී සුවිශේෂී ස්ථානයක් හිමිවිය. DOMA CTP 20 යන්ත්‍රය, විදුලි පිරිවැය අඩු කරමින් ගල් වැලි 100%ක් ඉවත් කර පැයකට වී කිලෝ 1000ක් සහල් බවට පත් කරනු ලබයි. දිනකට පැය 16ක් පමණ යන්ත්‍රය අඛණ්ඩව ක්‍රියා කරන අතර, DOMA CTP 20 යන්ත්‍රය භාවිතයෙන් කාර්යක්ෂමව කෙටි කාලයක් තුළ වැඩි ක්රියාකාරීත්වයක් ලබා ගත හැකි වීම සුවිශේෂී වේ.
මෙහිදී වඩාත් කැපීපෙනෙන කරුණක් වන්නේ, මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය විසින් මෙතෙක් වෙළඳපොලට හදුන්වා නොදුන් උසස් ප්‍රමිතියෙන් යුතු යන්ත්‍ර සූත්‍ර සහ නව්‍ය විසඳුම් රැසක් වෙළඳ ප්‍රදර්ශනයට එක් කර තිබීමත්, එය පාරිභෝගිකයින්ගේ වැඩි ඉල්ලුමට සහ අවධානයට හේතු විය. වෙළඳ ප්‍රදර්ශනයේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ සභාපති අමිල් ගල්අංග මහතා පවසා සිටියේ, “15වන යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ දී ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ජනතාවගෙන් අපට සුවිශේෂී ප්‍රතිචාරයක් ලැබුණු අතර, මාර්ක්ස්පෙන් සමාගමේ යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම සැලකීමේ දී, උතුරු පළාතේ ජනතාව මාර්ක්ස්පෙන් සන්නාමය කෙරෙහි තබා ඇති විශ්වාසය නැවතත් තහවුරු කර ගැනීමට හැකි වුනා”.
15වන යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ 192, 193 සහ 194 වෙළඳ කුටි තුළ මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගමෙහි (Markspen Labels (Pvt) Ltd) නිෂ්පාදන ඇතුළුව මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය විසින් පිරිනමනු ලබන උසස් තත්ත්වයේ උපකරණ සහ නව්‍ය විසඳුම් රාශියක් ඉදිරිපත් කරන ලදී. ඒ අතර මෘදුකාංග, බාර්කෝඩ් මුද්‍රණ යන්ත්‍ර, බාර්කෝඩ් දත්ත කියවීමේ යන්ත්‍ර (POS Terminals, Barcode Labels, Printing Ribbons” POS Printers Barcode Scanners) ඇතුළත් විය.