
විශේෂිත මානව සම්පත් උපදේශන සහ ව්‍යාපාර විසඳුම් සපයන්නෙකු වන සීමාසහිත ITS ග්‍රෑන්ඩියර් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාවේ මානව සම්පත් සහ ව්‍යාපාර සේවා අංශයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නිල වශයෙන් සිය කටයුතු දිවයිනේ ආරම්භ කර ඇත. පුළුල් මානව සම්පත් උපදේශන සහ බාහිර සේවාසැපයුම් සමාගමක් ලෙසින්, ITS ග්‍රෑන්ඩියර් සමාගම ක්ෂේත්රීය ප්‍රමිතීන්වල අර්ථ දැක්වීමට නව සීමා පිහිටුවීමට කැපවෙමින් පුද්ගල සහ ව්‍යාපාරික විසඳුම් ලබා දීමට ඉදිරිපත්ව සිටියි.
ITS ග්‍රෑන්ඩියර් (පුද්ගලික) සමාගම ක්ෂේත්රයට පිවිසෙන්නේ සක්‍රීය හා අනාගතයට සූදානම් මානව සම්පත් සහ මෙහෙයුම් රාමු ගොඩනැගීමට සමාගම්වලට උපකාර කිරීමේ පැහැදිලි අරමුණක් සහිතවය: එමෙන්ම සමාගමේ ප්‍රවේශය සාම්ප්‍රදායික බාහිරව ලබා ගන්නා සේවාවලින් ඔබ්බට ගොස් වෙනස්වීම් සමග ඉදිරියට ගෙනයන හා ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර වර්ධනය සඳහා උපායමාර්ගික සගයෙකු ලෙසද තමන්ව ස්ථානගත කර ඇත.
කළමනාකාර අධ්යක්ෂ ලෙස කටයුතු කරමින් සමාගමේ මෙම දැක්ම මෙහෙයවනු ලබන්නේ දේශීය මෙන්ම බහුජාතික සංවිධාන යන ඉසව් ද්විතයෙහිම මානව හිමිකම් නියමුවෙකු ලෙසින් දශක තුනක් ක්‍රියා කිරීම හරහා රැස් කර ගත් අගනා අත්දැකීම් සම්භාරයකින් සන්නද්ධ මානව සම්පත් නිපුණයෙකු වන තිලාන් පෙරේරා මහතා විසිනි. ITS ග්‍රෑන්ඩියර් නියමු ලෙසින් පොර්රා මහතා මානව සම්පත් උපාය මාර්ග සහ ව්‍යාපාර සංස්කෘතිය හැඩගැස්වීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.
මෙම අභිනව මුලපිරීම ගැන අදහස් දැක්වු පෙරේරා මහතා, ITS ග්‍රෑන්ඩියර් (පුද්ගලික) සමාගම බිහි වන්නේ කුසලතා කළමනාකරණය සහ නියාමන අනුකූලතාවයේ ව්‍යාපාර ගැටළු පිළිබඳ ගැඹුරු අවබෝධයකින්. යුතුව බව අවධාරණය කළේය.
වැඩිදුරටත් සිතුවිලි බෙදා ගත් එම මහතා ිඅපගේ ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවේ සමාගම් සඳහා විශ්වාසදායක මානව සම්පත් සහ ව්‍යාපාර වර්ධන හවුල්කරුවෙකු වෙමින් හුදුවේ සේවා සපයන්නෙකුට වඩා වැඩි යමක් වීමය. මෙම මුලපිරීමට නායකත්වය දීමට මට අවස්ථාක් ලැබීම මා ඉමහත් ගෞරවයක් ලෙසින් සලකන අතර අචල විශ්වාසයෙන් යුතුව සියලු අභියෝග ජය ගැනීමට ව්‍යාපාර බලගැන්වීම මගේ අපේක්ෂාවයිී යයි පැවසීය.
සමාගමේ පුළුල් සේවා පිරිනැමීමට විධායක සහ කුසලතා හඹා යෑමද ඇතුලත් වෙයි. සුවිශේෂී ලෙසින් – මානව සම්පත් බාහිරකරණය සහ වැටුප් කළමනාකරණය, අනුකූලතාව සහ කම්කරු නීති උපදේශනය, ආයතනික ගැටළු විශ්ලේෂණය විනිශ්චය සහ මානව සම්පත් විගණන, ප්‍රතිපත්ති සංවර්ධනය සහ සේවක සහභාගීත්ව විසඳුම් සහ පුහුණුව සහ සංවර්ධනයද සමඟ- සමූහ ව්‍යාපාර සහ මහා පරිමාණ සමාගම් සඳහා ක්ඞධ මට්ටමේ පත්වීම් මෙන්ම ජ්‍යෙෂ්ඨ කළමනාකරණ පත්වීම් සඳහා වන සේවාවලටද ITS ග්‍රෑන්ඩියර් යොමු වනු ඇත.
ලොකු කුඩා සියලුම ප්‍රමාණයේ ව්‍යාපාර ආයතන සමඟ කටයුතු කරන්නට ITS ග්‍රෑන්ඩියර් බලාපොරොත්තු වන අතර, එහි මූලික අවධානය යොමු වන්නේ නායකත්ව බඳවා ගැනීම් සහ විවිධ කර්මාන්ත හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සකස් කරන ලද මානව සම්පත් උපදේශන සහ ඊඡධ විසඳුම් වෙතය. මෙම ප්‍රවේශය සෑම සේවාදායකයෙකුටම ඔවුන්ගේ අද්විතීය මෙහෙයුම් අවශ්‍යතා සහ වර්ධන මුලෝපා සමඟ අනුකූල වන ප්‍රායෝගික එමෙන්ම අගයන් මත පදනම් වූ ප්‍රතිඵල ලබා ගන්නට උපකාරි වනු ඇත.
දිවයිනේ සමාගමික භූ දර්ශනය අඛණ්ඩව විකාශනය වෙමින් පවතින වත්මන් කාලවකවානුවෙහි ආයතනික විශිෂ්ටත්වය සඳහා උත්ප්‍රේරකයක් ලෙසින් ස්ථානගත වෙමින් මානව සම්පත් මෙහෙයුම් සහ ව්‍යාපාර උපදේශන කටයුතු සඳහා වන ව්‍යුහය, ක්‍රියාශීලී බව සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ITS ග්‍රෑන්ඩියර් පිටුවහලක් වනු නියතය. මෙයට අමතරව අන්තර් කාලීන මානව සම්පත් නායකත්වය, ආරම්භක මානව සම්පත් සැකසුම් සහ ඩිජිටල් මානව සම්පත් ක්‍රියාවලි පරිවර්තනය සඳහාද සිය විශේෂඥ දැනුම ආයෝජනය කරමින් වර්ධනය වන සහ සංක්‍රාන්ති සංවිධාන සාර්ථකත්වය කරා යන මාවත සැලසුම් කරන කර්තව්යයයන්ටද ITS ග්‍රෑන්ඩියර් සිය අගනා සහය ලබා දෙනු ඇත.


