මහරාජා ෆුඩ් ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම මහජන කොටස් නිකුතුව පිළිබද නිවේදනය

IMG-20240619-WA0054 (1) (LBN)

 කොටස් 20%ක ප්‍රමාණයක්, කොටසක් රුපියල් 5 බැගින්, කොටස් මිලියන 25ක් පිරිනමා, රුපියල් මිලියන 125ක් රැස්කිරීමට සැලසුම් කර ඇත.

 ජූනි මස 26 වැනි දින දෙමුහුන් ආයෝජක සංසදය පැවැත්වෙන අතර පිරිනැමීම ආරම්භවීම 2024 ජූලි 4 වැනි දින සිදු වේ.

 වර්ෂ 1995 සිට වෙළඳපොලේ සන්නාමයක් ලෙසින් මහරාජා ෆුඩ් පැවත ඒම සහ 2016 සිට කාන්තා ව්‍යවසායකත්වය මෙම ව්‍යාපාරය තුළින් කැපී පෙනීම.

 උතුරු පළාතේ, යාපනයේ වේලනි ආරම්භකයින්ගේ සම්භවයක් ඇති පළමු කාන්තා ව්‍යවසාය CSE හි ලැයිස්තුගත කරන ලද බවට පත්වනු ඇත.

 Atarah Capital විසින් IPO හි පිරිනැමීමේ සහ අනුග්‍රාහකත්වයේ මූල්‍ය උපදේශක සහ කළමනාකරු ලෙස කටයුතු කරනු ඇත.

 USAID CATALYZE ශ්‍රී ලංකා පුද්ගලික අංශයේ සංවර්ධන ක්‍රියාකාරකම් සදහා අරමුදල් සැපයීමේ (PSD) වැඩසටහනේ CSE ලැයිස්තුගත කිරීම් යටතේ මහරාජා ෆුඩ් ප්‍රොඩක්ට්ස් (MFPE) පළමු වැන්නා බවට පත්වේ.

 



 

1995 වර්ෂයේ දී මහරාජා ෆුඩ් ප්‍රොඩක්ට්ස් සන්නාමය ආරම්භ කරන ලදී. යාපනයේ වේලනී ප්‍රදේශයෙන් පැමිණි දූරදර්ශී ව්‍යවසායකයෙකු වූ දිවංගත සිවසරමන් ගුගනාදන් මහතා මෙහි ආරම්භකයා වේ. සිය පාරිභෝගික ජනතාව වෙත ඉහළ ගුණාත්මක තත්ත්වයේ කුළුබඩු හා ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවකු වන මහරාජා ෆුඩ් ප්‍රොඩක්ට්ස් (Maharaja Food Products) දේශීය ගොවීන් සවිබල ගැන්වීම සිය ව්‍යාපාරය හරහා සිදු කරනු ලබයි. වර්තමානය වනව විට දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද සිය නිෂ්පාදනයන් බෙදාහරිමේ කටයුතු සිදු කරන අතර, එහි දී පිටි ආශ්‍රිත නිෂ්පාදනයන්, කුළුබඩු, මාළු පදනම් කරගත් ආහාර ද්‍රව්‍ය, සහල් සහ පිටි වර්ග මත පදනම් වූ ආහාර වර්ග ශ්‍රී ලංකාව තුළ මෙන්ම ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් වෙත ආපනයනය සිදු කරනු ලබයි.

මහරාජා ෆුඩ් ප්‍රොඩක්ට්ස් (MFPE) අපනයනය ඉලක්ක කරගත් සමාගමක් වන අතර, 2022 ජුනි මාසයේ දී Maharaja Marketing (Pvt) Limited සමාගම දේශීය වශයෙන් නිෂ්පාදන බෙදාහැරීම සදහා 100% ඔවුන්ටම අනුබද්ධ සමාගමක් පිහිටුවන ලදී. ලියාපදිංචි කාර්යාලය අංක 18/3, ආචාර්ය ඊ. ඒ. කුරේ මාවත, කොළඹ 06 පිහිටා ඇති අතර නිෂ්පාදන, ඇසුරුම්, ගබඩා කිරීම හා බෙදා හැරීම වත්තල ප්‍රදේශයේ ඔවුන්ගේ කර්මාන්ත ශාලාවේ දී සිදු කරනු ලබයි.

MFPE හි ස්වාධීන විධායක නොවන අධ්‍යයක්ෂ තවමලර් ගුගනාදන් මහත්මිය දක්වා සිටියේ “2016 වර්ෂයේ මගේ සැමියාගේ අභාවයෙන් පසුව ඔහුගේ දැක්ම ඉදිරියට ‌ගෙනයාම මගේ අධිස්ඨානයක් වුනා. ඒකට මට මගේ පුතාලා දෙන්නගෙ සහයෝගය නිසැකවම ලැබුණා. මගේ අවුරුදු අටක(8) නායකත්වය යටතේ මහරාජා ෆුඩ් ප්‍රොඩක්ට්ස් ආයතනය මූල්‍ය පාලනය මෙන්ම ආයතන පාලනයෙන්කොටස් වෙළදපොල ආයෝජකයින් අප වෙත ලගා කරගැනීම සදහා හොද මූල්‍ය කාර්යසාධනයක් සමග CSE ලැයිස්තුගත කිරීම් වල නිර්ණායක සුදුසුකම් සපුරාලන IPO මට්ටමකට ගෙන ඒමට හැකිවීම ගැනමම සතුටු වෙනවා.”

ස්වාධීන නොවන විධායක අධ්‍යක්ෂ විජයනාත් ගුගනාදන් ප්‍රකාශ කළේ, මහරාජා ෆුඩ් ප්‍රොඩක්ට්ස් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලබන්නේ අපනයනය සම්බන්ධ බවයි. එබැවින් ව්‍යාපාරයේ ව්‍යාප්තිය සහ වර්ධනය සදහා මූල්‍යකරණය සදහා නව ප්‍රාග්ධන කොටස් රැස් කිරීම, FY 2023/ 2024 වර්ෂයන් හී දී උපයාගත් අදායමෙන් 64% ක් ඇමරිකානු ඩොලර් මිලියන 1 ඉක්මවනු ලබයි. ” සහල් කෙටීමේ යන්ත්‍රාගාරය සහ සහල් පිරිසිද කිරීමේ යන්ත්‍රාගාරය, තල තෙල් සිදීමේ යන්ත්‍රාගාරය,  දැනට පවත්නා කර්මාන්තශාලා ගොඩනැගිලි පරීශ්‍රය පුළුල් කිරීම මෙන්ම ගබඩා ධාරිතාවය වැඩි කිරීමට සහ අනෙකුත් ප්‍රාග්ධනය සුරක්ෂිත කිරීම IPO අරමුදලින් සිදු කිරීමට බලාපොරොත්තු වේ.”

MFPE සතුව 5000ට අධික වූ දේශීය බෙදාහැරීම් මධ්‍යස්ථානද ඇත.

Atarah Capital හී මූල්‍ය උපදේශක හා කළමනාකාර අධ්‍යක්ෂ මෙන්ම IPO අනුග්‍රාක, රොහාන් සෙනවිරත්න පවසා සිටියේ, “CSE හි ලැයිස්තුගත කිරීමේ දී උතුරු පළා‌තේ ආරම්භකයින්ගෙන් ආම්භ වූ සමාගමක් මේ සදහා හදුන්වාදීමට අපි විසින් ගනු ලබන උත්සාහය ගැන සතුටු වෙනවා. MFPE කාන්තා ව්‍යවසායකත්වයක්. ඒ නිසා මෙම ලැයිස්තුගත කිරීම ශ්‍රි ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වය දිරිමත් කරන

අතර කොටස් ප්‍රාග්ධනය වර්ධනය කිරීමට, විශාල වෙනසක් ඇති කිරීමට අන් අය පෙළඹවීමට හැකියාවක් ඇතැයි මා සිතනවා.”

USAID CATALYZE PSD මගින් අරමුදල් ලබා දීමේ වැඩසටහන හරහා සහාය දක්වන සමාගම් සමූහය අතරට MFPE එක්වෙයි. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයින් ප්‍රමුඛ ආහාර , කෘෂි හා තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රවල ක්ෂ්‍රද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා විශේෂ අවධානයක් යොමු කරමින්, ව්‍යාපාර වර්ධනය සදහා අරමුදල් සැපයීම සිදු කරනු ලබයි.

MFPE සතුව ගෘහස්ථව නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන සමූහයක් ඇත. ගෝලීය වශයෙන් ආසියානු සම්භවයක් ඇති විදේශිකයින්ගේ ඉල්ලිම් මත වෙනත් විවිධ නිෂ්පාදනයන් ද අපනයනය සදහා නිෂ්පාදනය සිදු කරනු ලබයි. ආහාර නිෂ්පාදන කර්මාන්තයේ විශිෂ්ටත්වය පෙන්වා දෙමින් MFPE සමූහය ජාතිය පෝෂණය කිරීමේ අරමුණින් නවෝත්පාදන ඉදිරිපත් කිරීම මෙන්ම ඉදිරි පරම්පරාව සදහා සෞඛ්‍ය සම්පන්න උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් වෙළදපොලවෙත නිකුත් කිරීමට කැපවී ක්‍රියා කරයි.

MFPE අධ්‍යක්ෂ මණ්ඩලය වනුයේ, විජයානාන්ත් ගුගනාදන් (සභාපති/ස්වාධීන නොවන විධායක අධ්‍යක්ෂ), විත්‍යනාත් ගුගනාදන් (කළමනාකාර අධ්‍යක්ෂ/ස්වාධීන නොවන විධායක අධ්‍යක්ෂ), තවමලර් ගුගනාදන් (ස්වාධීන නොවන විධායක අධ්‍යක්ෂ), සෙයිඩ් රිස්වි මවුලානා (ස්වාධීන විධායක අධ්‍යක්ෂ), මෙලංග ඒ දූල්වල (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ) ඉම්රාන් ෆුර්කාන් (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ)

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව