මහනුවර සියරට හර්බල්ස් 25 වන සංවත්සරය සමරයි

Dr. Ranjan Muhandiram

මහනුවර පල්ලෙකැලේ සියරට හර්බල්ස් 25 වන සංවත්සරය උත්සවාකාරයෙන් සමරයි. කීර්තිමත් පාරම්පරික වෛද්‍යවරයෙකු වන රංජන් මුහන්දිරම් මහතා 2000දී ඇරැඹූ සියරට හර්බල්ස් සහ සියරට පාරම්පරික රෝහල වෛද්‍ය උරුමය සුරකිමින් විශිෂ්ට රෝගී සත්කාර සේවා සපයයි. රට පුරා ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇති මුහන්දිරම් වෙද මහතා පැවැත එන්නේ වසර දහසකට වැඩි ඉතිහාසයක් සහිත දෙවුන්දර ප්‍රදේශයේ වෙද පරම්පරාවකිනි. ඔහුගේ පියාගේ පරම්පරාව සර්වාංග රෝගවලට ප්‍රතිකාර කිරීමට විශාල ප්‍රසිද්ධියක් උසුලන අතර ඔහුගේ මවගේ පරම්පරාව වන ගලගම වෙද පරම්පරාවද සියවස් ගණනාවක් පුරා විස වෙදකමට සහ ඇස් වෙදකමට ප්‍රසිද්ධියක් උසුලයි. මෙම වෙද පරම්පරා දෙක සතු පාරම්පරික දැනුමෙන් රට පුරා ජනතාවට සේවය කිරීමේ අරමුණෙන් සියරට රෝහල ආරම්භ කරන ලදී.

සියරට රෝහල හිසේ සිට දෙපතුල දක්වා ඇති වන සෑම සර්වාංග රෝග තත්ත්වයකටම ප්‍රතිකාර කරයි. රෝගීන්ට සපයන සෑම ඖෂධයක්ම එම පරම්පරාවලට ආවේණික වට්ටෝරු අනුව නිපදවන අතර සියරට හර්බල්ස් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව මහනුවර පල්ලෙකැලේ පිහිටා තිබේ. සියරට හර්බල්ස් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව 2000දී ඇරැඹුණත් මුහන්දිරම් මහතා රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ ඊට බොහෝ කාලයකට පෙර සිටය. සියරට රෝහල සහ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව දේශීය හා විදේශීය සම්මාන, ගෞරව නාම, සහතික පත්‍ර 100කට අධික සංඛ්‍යාවකින් පිදුම් ලබා ඇත. 2023දී හිමි වූ සුව සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටම සේවා සපයන්නා සඳහා වන රන් සම්මානය සහ එම වසරේදීම පැවති ජනාධිපති සම්මාන උළෙලේදී හිමි වූ විශිෂ්ටම ව්‍යවසායකයා සම්මානය ඒ අතරින් ප්‍රධාන වේ. සියරට  රෝහලේ සංකල්පයකට අනුව මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සමඟ එක් වී දේශීය වෛද්‍යවරුන්ට සම්මාන පිරිනැමීමේ උළෙලක්ද ඔවුන් සංවිධානය කර ඇත. සියරට රෝහල සහ සියරට හර්බල්ස් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව ක්‍රියාත්මක වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව