මඩකලපුව ජනතාවගේ කෘෂිකාර්මික සහ පානීය ජල අවශ්‍යතා ඉටු කරන ජල ව්‍යාපෘතියක් වෙනුවෙන් කොකා-කෝලා පදනම We Effect සංවිධානය සමගින් අත්වැල් බැඳගනී

4

 



 

 

 

කොකා-කෝලා පදනම ජලය නැවත පිරවීම, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ජල කළමනාකරණය සඳහා වන ‘අද තබන පියවර- හෙට අපේ අනාගතයයි’ (the ‘Our Actions – Our Future’ ) යන සම්පූර්ණ ව්‍යාපෘතියට සහාය දැක්වීම සඳහා  We Effect Sri Lanka සහ ත්‍රිකුණාමලේ දිස්ත්‍රික් තරුණ සංවර්ධනය (AHAM) වෙනුවෙන් ආධාර ලබාදී ඇත. මෙම ව්‍යාපෘතිය 2022 ලෝක ජල දිනය යෙදුණු මාර්තු 22 වැනිදා මඩකලපුව, වාකරෙයි,පාවක්කොඩිච්චෙනෙයිහීදී දියත් කෙරුණි.

කොකා-කෝලා පදනම යනු කොකා-කෝලා සමාගමේ ගෝලීය මානුෂීය හස්තයයි. ගෝලීය වශයෙන්, කොකා-කෝලා සමාගම සිය  නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා ජලය 100%ක් නැවත ශ්‍රී ලාංකීය  ප්‍ර‍ජාව සහ සොබාදහම වෙත ලබාදීමට සහාය දැක්වීම සඳහා පොරොන්දු වී තිබේ. ශ්‍රී ලංකාව තුළ, කොකා-කෝලා පදනම ඇතුළු බොහෝ බාහිර හවුල්කරුවන්ගේ සහාය ඇතිව 2021 වසරේදී සිය නිෂ්පාදන කටයුතු සඳහා යොදාගන්නා ලද ජලය 209%ක් නැවත පරිසරයට මුදා හරිමින් එම ඉලක්කය අභිබවා යාමට කොකා-කෝලා සමාගමට හැකියාව ලැබුණි. ඉන් අදහස් කෙරෙන්නේ සමාගම සිය නිෂ්පාදන සඳහා යොදා ගන්නා සෑම ජලය ලීටරයක් වෙනුවෙන්ම ජලය ලීටර් 2ක් ඵලදායී දේශීය ජල ව්‍යාපෘති හරහා ප්‍ර‍ජාව සහ සොබාදහම වෙත නැවත ලබාදී ඇති බවයි.

මෙම නව ව්‍යාපෘතිය මගින් මඩකලපුව දිස්ත්‍රික්කයේ කොරලයිපත්තු උතුර (වාකරෙයි,) කොට්ටාසයේ කයන්කෙනි, පනිච්චෙන්කෙනි සහ කතිර්වෙලි ග්‍රාම නිලධාරී වසම්වල ගොවි ජනතාව සවිබල ගැන්වීම අරමුණු කෙරේ. මෙම උත්සවය අතරතුර නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, රජයේ නිලධාරීන්, කොකා-කෝලා සහ  We Effect නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් තික්කනයිකුලම්, මානිකම්කුලම් සහ පනිචන්කර්නිකුලම් යන ජල සංචිත/වැව් නැවත පිරවීමේ විශේෂ කාර්යය ද සිදු කෙරුණි. අඩු ආදායම්ලාභී පවුල් 1,772කට ප්‍ර‍තිලාභ ලැබීම, සාමූහික ක්‍රියාකාරකම් සඳහා ගොවීන්ගේ මූලික සහයෝගිතා ශක්තිමත් කිරීම, ප්‍ර‍තිසංස්කරණය කරන ලද වැව් 3ක් ඔස්සේ කෘෂිකාර්මික ජලය වෙත වැඩි ප්‍ර‍වේශයක් ලබාදීම, පවුල් 1,000ක් සඳහා පිරිසිදු සහ සුරක්ෂිත පානීය ජල පහසුකම් සැලසීම, වැඩි ආර්ථික අවස්ථා සමගින් කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධනය ඉහළ නැංවීම සහ තෝරාගත් ප්‍ර‍දේශ 3ක අපද්‍ර‍ව්‍ය කළමනාකරණ ක්‍රියාකාරකම් ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතිය සාර්ථකව සම්පූර්ණ කිරීම මගින් ඉටු කෙරෙනු ඇත.කොකා-කෝලා පදනමේ සභාපති සාඩියා මැඩ්ස්බර්ග් ප්‍ර‍කාශ කර සිටියේ “1984 වර්ෂයේ කොකා-කෝලා පදනම අරම්භයේ පටන් ප්‍ර‍ජාවන්හි ජීවන තත්ත්වය ඉහළ නැංවීම, පරිසරය ආරක්ෂා කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම තුළින් ලොව පුරා තිරසර ප්‍ර‍ජා වැඩසටහන් සඳහා සහාය ලබාදී තිබෙනවා. යළිත් වරක්  We Effect වෙත සහාය ලබාදීමත් 2019 වසරේ ආරම්භ කළ වැඩසටහනේ සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමටත් හැකිවීම සම්බන්ධයෙන් අපි ඉතාමත් සතුටට පත් වෙනවා. ” යනුවෙනි.  ස්වීඩනයේ We Effectහි කලාපීය අධ්‍යක්ෂ නීනා ලැරියා මෙසේ සිය අදහස් පළ කළාය. “ප්‍ර‍මාණවත් ජල පහසුකම් නොමැති වීම සහ කෘෂි කාර්මික කටයුතු සඳහා ඉඩම් හිඟ වීම හේතුවෙන් ජීවනෝපායයන්ට එල්ල වන බරපතල තර්ජනවලට විසඳුම් සොයා යමින්, එමෙන්ම ආයතනික ප්‍ර‍තිපත්ති යොදාගනිමින් තිරසර ජීවනෝපාය සංවර්ධනය දිරිමත් කරන කොකා-කෝලා පදනම සහ ප්‍ර‍ජාවන් සමගින් දෙවැනි වරටත් කටයුතු කිරීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් අපි ආඩම්බරයට පත් වෙනවා. ආර්ථිකය, ප්‍ර‍ජාවට සහ පරිසරයට ගෞරවය දැක්වීම මත ගොඩනැංවුණු සහ අනාගත අර්බුදකාරී තත්ත්වයන්ට ඔරොත්තු දෙන ශක්තිමත් සමාජ ආර්ථිකයක් ගොඩනැංවීමට මෙම ප්‍ර‍තිපත්තිය මගින් අපට මහගු අවස්ථාවක් උදා වෙනවා.”මඩකලපුව දිස්ත්‍රික් ලේකම් සහ රජයේ නියෝජිත කනපතිපිල්ලෙයි කරුණාහරන් මෙසේ සිය අදහස් පළ කළේය. “මෙම වැව් 3 ප්‍ර‍තිසංස්කරණය කිරීමට පෙරමුණ ගැනීම සහ කන්න දෙකම වී ගොවිතැන් කිරීම සදහා ප්‍ර‍දේශයේ ගොවි ජනතාවට හැකියාව ලබාදීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වයන් නගා සිටුවීමට දායකත්වය ලබාදීම වෙනුවෙන් අපි කොකා-කෝලා පදනම සහ We Effect ආයතනවලට අපගේ හෘදයාංගම කෘතඥතාවය පුද කර සිටිනවා. මඩකලපුව සැලකෙන්නේ වියලි කලාපයට අයත් දිස්ත්‍රික්කයක් ලෙසයි. ඒ නිසා කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ජලය සපයාගැනීම ප්‍ර‍දේශවාසී ජනතාව නිරන්තරයෙන්ම මුහුණ පාන විශාල අභියෝගයක් වී තිබෙනවා. මේ වැව් තුන නැවත ජලයෙන් පිරුණු පසු ගොවි ජනතාව, කාන්තා ව්‍යවසායකයින් සහ ඔවුන්ගේ පවුල්වලට ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නංවාගැනීමට අවශ්‍ය සහාය නිතැනිත්ම ලැබෙනු ඇති.”

කොකා-කෝලා පදනමේ ආධාර යටතේ We Effect විසින් ක්‍රියාවට නංවනු ලබන දෙවැනි ජල ව්‍යාපෘතිය මෙයයි. පළමු ව්‍යාපෘතිය 2019 වසරේදී ක්‍රියාවට නංවන ලද අතර වසර 100ක් පමණ පැරණි තම්මැන්නාව සහ ඇල්පත්වැව ජල සංචිත ඒ යටතේ ප්‍ර‍තිසංස්කරණය කරන ලදී. එමගින් අනුරාධපුර කැබිතිගොල්ලෑව දිස්ත්‍රික් ලේකම් කොට්ටාසයේ තම්මැන්නාව ග්‍රාමයේ අඩු ආදායම්ලාභී ජනතාවට සිය කෘෂි අස්වැන්න දෙගුණ කරගැනීමටත්, වැඩි ආදායමක් ලැබීමටත්, පිරිසිදු සහ සුරක්ෂිත පානීය ජල පහසුකම් ලබාගැනීමටත් හැකියාව ලැබුණි. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2020 වසරේ විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම තිරසර ව්‍යාපෘතිය’ ලෙස නම් කරන ලදී. ***

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව