බ‍්‍රැන්ඩික්ස් ‘RightToRead’ වැඩසටහන ශ්‍රී ලංකාවේ සිසුන්ගේ අධ්‍යාපනයේ නව පිටුවක් පෙරලීමට පෙරමුණ ගනී

H. E. Julie Chung, US Ambassador to Sri Lanka, engages with children from Susamayawardhana Vidyalaya, Borella, during her visit to the school. (LBN)

 



 

 

දිවයින පුරා පාසල් 10,194ක් ‘RightToRead’ වැඩසටහන මගින් සවිබල ගන්වයි

ශ්‍රී ලාංකික දරුවන්ට ඉගෙනීම සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සැපයීමේ අරමුණෙන් ඉංග්‍රීසි කියවීමට සහ අවබෝධ කර ගැනීමේ අභියෝගයට පිළිතුරක් ලබාදෙමින් බ්‍රැන්ඩික්ස් ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව 2018 දී ‘RightToRead’ ව්‍යාපෘතිය දියත් කරන ලදී.

බ්‍රැන්ඩික්ස් ආයතනය  විසින් හදුන්වාදුන් ඉන්දියාවේ නිෂ්පාදිත ‘ReadToMe’ ඉංග්‍රීසි ඩිජිටල් ඉගෙනුම් උපකාර පදනම ඔස්සේ ලාංකීය සිසුන්ගේ ඉංග්‍රීසි කියවීමේ හා අවබෝධ කරගැනීමේ හැකියාව වර්ධනය  කිරිම මෙහි අරමුණයි. මෙම ‘RightToRead’ ඩිජිටල් ඉගෙනුම් උපකාර පදනම ක්‍රියාකාරිත්වය හා මෙම තාක්ෂණය සමග සම්බන්ධ වූ සිසුන්ගේ හා අධ්‍යාපනවේදීන්ගේ අත්දැකීම් නිරීක්ෂණය කිරිමට  ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය  පසුගියදා   බොරැල්ලේ පිහිටි  සුසමයවර්ධන විද්‍යාලයෙහි සංචාරයක ද  නිරත විය.

මෙම අවස්ථාවට සම්බන්ධවූ සීමාසහිත බ‍්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ අධ්‍යක්ෂ, අජිත් ජෝන්පිල්ලේ මහතා මෙසේ පැවසීය “අධ්‍යාපනය යනු සමාජය හා අනාගතය සවිමත් කිරීමට ඇති වඩාත් බලගතුම මෙවලමකි. බ‍්‍රැන්ඩික්ස් ආයතනය ශ්‍රී ලංකාව පුරා සිටින සිසුන් සඳහා පරිවර්තනීය ඉගෙනීම සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීමට කැපවී සිටී. පසුගිය වසර දෙක තුළ RightToRead සමඟ අප ලබා ඇති ප්‍රගතිය මහත්ය, එවැනි ඩිජිටල් තාක්ෂණයන් උපයෝගී කර ගනිමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනසක් කිරීමට ඇති හැකියාවද  අපමණ ය. එමෙන්ම අඛණ්ඩව ලාංකික සමාජයට පිබිදුණු විසදුම් ලබා දීමට බ‍්‍රැන්ඩික්ස් ආයතනය නිරන්තරයෙන් උත්සහ කරයි”

සුසමයවර්ධන විද්‍යාලය    RightToRead වැඩසටහන ක්‍රියාත්මක කළ පළමුම  පාසල් වලින් එකක් වන අතර ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ඇතුළු ආරාධිතයින් බ‍්‍රැන්ඩික්ස් ආයතනය මඟින් ඉදි කරන ලද ස්මාර්ට් පන්ති කාමරය නැරඹීමට එක් වුයේ පාසලේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ ගමන් මඟට සහයක් වීමටයි.

තාක්‍ෂණික යටිතල පහසුකම් සහ සම්පත් සීමිත අවස්ථාවක සිසුන්ට ReadToMe වැඩසටහනට ප්‍රවේශය ලබා දීම සඳහා රට පුරා පාසල් 10,194 කට අන්තර් ක්‍රියාකාරී ස්මාර්ට් පුවරු ද බ්‍රැන්ඩික්ස් ආයතනය ලබා දීමට නියමිතය. මෙම වැඩසටහන  ශ්‍රී ලංකාවේ මිලියන 4 කට අධික සිසුන් ප්‍රමාණයක් සඳහා ළඟා කිරීමට බලාපොරොත්තුවේ. බ්‍රැන්ඩික්ස් ආයතනය දැනටමත් දිවයින පුරා පාසල් 1,260 කට ස්මාට්බෝඩ් සවි කර දී ඇති අතර සිසුන් 790,000 කට අධික සංඛ්‍යාවක් මෙයින් ප්‍රතිලාභ ලබයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව