බේකරි ව්‍යවසායිකාවන් 14,000ක් හට දිරිය දීමට ‘ඇස්ට්‍රා වනිතා දිරිය‘ වැඩසටහන දියත් කරයි

Image 01 (23)

2021, පෙබරවාරි 16, කොළඹ– ශ්‍රී ලාංකේය මව්වරුන්ගේ නොමඳ විශ්වාසය දිනාගත් ජනප්‍රිය සන්නාමයක් වන ඇස්ට්‍රා මෙරට කාන්තාවන්ට උසස් ජීවන තත්වයක් උරුම කර දීම වෙනුවෙන් පසුගියදා සමෘද්ධි වැඩසටහන සමඟ එක්ව ‘ඇස්ට්‍රා දිරිය වනිතා වැඩසටහන’ හඳුන්වා දෙන ලදී. ඒ නිවසේ සිට තමන්ගේම කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එම මව්වරුන්ට දිරිය ශක්තිය ලබා දීම වෙනුවෙනි. ඒ යටතේ මව්වරුන්ට කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පුහුණුව, දැනුම සහ උපකරණ ලබා දීම වෙනුවෙන් සමෘද්ධි වැඩසටහන සමඟ එක්ව හැකියාව, අධිෂ්ඨානය සහ කැපවීමෙන් යුත් දිරිය මව්වරුන් හඳුනාගැනීමට මේ වන විටත් ඇස්ට්‍රා කටයුතු කර ඇත. මෙහි ප්‍රමුඛ අරමුණ වන්නේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකියාව ඇති කාන්තාවන්ට අවශ්‍ය පරිපූර්ණ පුහුණුවක් හා ඊට අවශ්‍ය උපකරණ ලබා දීම යි.

මෙම වැඩසටහන හඳුන්වාදීමේ සංකේතාත්මක උත්සවය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මැතිතුමා, සමෘද්ධි නිළධාරීන්ගේ සංගමයේ සහ කෘෂිකර්ම පර්යේෂණ නිළධාරීන්ගේ සංගමයේ මහ ලේකම්වරුන් ගේ සහභාගීත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පසුගියදා පැවැත්විණි.  ඊට අමතරව අප්ෆීල්ඩ් ශ්‍රී ලංකාහි ව්‍යාපාර ප්‍රධානී සහ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්ෂ අනුරුද්ධ අලුවිහාරේ, ජ්‍යෙෂ්ඨ දේශීය මූල්‍ය අධ්‍යක්ෂ ක්‍රිශාන් ප්‍රනාන්දු, වයිට් ෆ්ලවර් ඇකඩමි හි නිර්මාතෘ හා හිමිකරු සූපවේදී දුශාන්ති මදනායක යන මහත්ම මහත්මීන්, විශේෂ ආරාධිතයින් ඇතුළුව මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ පාර්ශවකරුවන් රැසක්ද ඊට එක්ව සිටියහ.

මෙම නවතම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අප්ෆීල්ඩ් ශ්‍රී ලංකාහි අලෙවි කළමනාකාර ශෙහානි ලියනගේ මහත්මිය “කොවිඩ් 19 හේතුවෙන් මව්වරුන්ට විවිධ අභියෝගයන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඉන් ප්‍රධාන අභියෝගයක් ලෙස ආර්ථික දුෂ්කරතාවය සඳහන් කළ හැකියි. මව්වරුන් සමඟ දශක ගණනාවක විශ්වසනීය සබඳතාවක් ගොඩනගාගෙන සිටින ඇස්ට්‍රා සමඟ එක් වෙමින් මෙම වැඩසටහන හරහා ශ්‍රී ලාංකේය මව්වරුන්ට ඔවුන්ගේ ආර්ථික දුෂ්කරතාවන් ජය ගැනීමටත්, මෙවන් අසීරු මොහොතක ඔවුන්ගේ දරුවන්ට සහ පවුල්වලට සහාය වීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මෙය පෝෂණයෙන් හා අධ්‍යාපනයෙන් සපිරි අනාගත පරපුරක් බිහිකිරීම සඳහා වන අපගේ මූලික අරමුණ, අපගේ ව්‍යාපාරික අරමුණු සමඟ මනාව ගැළපෙන බව සඳහන් කළ හැකියි. සමෘද්ධි වැඩසටහන සමඟ එක් වීම තුළින් අපගේ සහයෝග්‍ය අවශ්‍ය කාන්තාවන් හඳුනා ගැනීමටත්, නිවසේ සිට සාර්ථක කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හා එය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් ඔවුන් දිරි ගැන්වීමටත් අවස්ථාව උදා වනවා.” යනුවෙන් පැවසුවාය.

 




 

 

කේක් සැකසීම පිළිබඳව විධිමත් පුහුණුවක් ලබා දෙනු ලබන මෙම ඇස්ට්‍රා නිවසේ සිට කේක් නිර්මාණය කිරීමේ වැඩසටහන සඳහා සෑම ග්‍රාම සේවා කොට්ඨාසයකින්ම අවම වශයෙන් එක් කාන්තාවක් හෝ මවක් තෝරා ගනිමින් ඒ සඳහා ඔවුන් සවිබල ගැන්වීම ඇස්ට්‍රාහි අරමුණයි. ඒ හරහා ශ්‍රී ලාංක්ය පවුල් 14,000කගේ පමණ ජීවන තත්වය ඉහළ නැංවීමට ද අපේක්ෂිතය. දරුවන්ගේ සතුට හා නිරෝගී බව ඉහළ නංවමින් ඔවුන්ට යහපත් අධ්‍යාපනයක් මෙන්ම ආහාර හා පෝෂණ අවශ්‍යතාවයන්ද ලබා දීමට මේ තුළින් මව්වරුන්ගේ ආර්ථික ශක්තිය ඉහළ යනු ඇත. මීට පෙර කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මේ ආකාරයේ කුඩා වැඩසටහන් ක්‍රියාත්මක කළ ද දීප ව්‍යාප්තව මෙවන් වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත්තේ පළමු වරට වන අතර ඒ සඳහා ප්‍රතිලාභීන් හා පාර්ශවකරුවන් රැසක් එක්ව සිටීමද විශේෂත්වයකි.

1966 වසරේ සිට මෙරට මව්වරුන්ගේ විශ්වාසය දිනා ගෙන සිටින ඇස්ට්‍රා තත්වයෙන් උසස් නිෂ්පාදනයන් තුළින් දශක ගණනාවක් තිස්සේ දරුවන්ගේ දැනුම හා පෝෂණය ඉහළ නැංවීමට සුවිසල් කාර්යභාරයක් ඉටු කරමින් සිටියි. ඇස්ට්‍රා දිරිය වනිතා වැඩසටහන සෞඛ්‍ය සම්පන්න බව ඉහළ නංවමින් අනාගත නායකයන් සහ විශිෂ්ටයන් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් සවිබල ගන්වන තවත් සුවිශේෂී පියවරක් ලෙසද සඳහන් කළ හැකිය.

මෙහිදී අදහස් දැක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මැතිතුමා “දැනට පවත්නා කොවිඩ් 19 වසංගතය සමාජය තුළ දුෂ්කර අභියෝග රැසක් නිර්මාණය කිරීමට හේතු වී තිබෙනවා. විශේෂයෙන් දරුවන් සිටින පවුල්වල ආදායම් අහිමිවීම හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටිනවා. එවන් තත්වයක් තුළ මව්වරුන්ට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරමින් සැළකිය යුතු ආදායමක් උපයා ගැනීමට අවස්ථාව සළසාදීම සඳහා ඇස්ට්‍රා ගනු ලබන උත්සාහය ඉතා විශිෂ්ටයි” යනුවෙන් පැවසුවේය.

ආහාර හා පෝෂණ ක්ෂේත්‍රයේ වසර 40කට වැඩි සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන ඇස්ට්‍රා දරුවන්ගේ වර්ධනය සඳහා අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක කොටස්වලින් සපිරි ප්‍රමුඛ ආහාරමය සන්නාමයක් වේ. දරුවන්ගේ වර්ධනය වෙනුවෙන් වන ඉතා විශ්වාසයෙන් පෝෂණීය තෝරා ගැනීමක් ලෙසද ඇස්ට්‍රා මව්වරුන් අතර විශ්වාසය තහවුරු කිරීමට සමත්ව ඇත. තිරසාර අනාගතයක් සඳහා ශාකමය අමුද්‍රව්‍ය පදනම් කරගනිමින් නවීනතම තාක්ෂණයෙන් යුතුව ඇස්ට්‍රා නිෂ්පාදනය කරනු ලබයි. නිරෝගී මෙන්ම ප්‍රීතිමත් අනාගත පරපුරක් වෙනුවෙන් පරම්පරාවෙන් පරම්පරාවට මව්වරුන් තෝරා ගනු ලබන පෝෂණීය සත්කාරයක් ලෙසද ඇස්ට්‍රා ජනප්‍රිය වී ඇත. වැඩි විස්තර සඳහා www.astrasrilanka.com වෙබ් අඩවියට හෝ @AstraSriLanka ෆේස් බුක් පිටුවට පිවිසෙන්න.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව