බෙන්ඩිගෝ ජාත්‍යන්තර තරගාවලියේ පළමු වටය ජයගත් රනිත්මා ලියනගේ දෙවැනි වටයේදී සටනක් දී පරදී

ranithma

 



 

 

ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා ඒකල තරග අංශයේ දෙවැනි වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩිකා රනිත්මා ලියනගේ එහිදී සිංගප්පූරුවේ යූ යැන් ජස්ලින් හූයි හමුවේ තියුණු පරාජයක් ලැබුවාය. එම තරගයේ පළමු වටය ලකුණු 21-14ක් වූ අතර, දෙවැනි වටයේදී ඇය  22-20ක් ලෙස ප්‍රතිවාදී ක්‍රීඩිකාව හමුවේ දැඩි සටනක නිරතවීම කැපී පෙනිණි. ඇය දෙවැනි වටයට සුදුසුකම් ලැබුවේ 32 දෙනාගේ වටයේදී ලකුණු 21-7ක් සහ 21-4ක් ලෙස ඔස්ට්‍රේලියාවේ යොවුන් ක්‍රීඩිකා අයිරා සමීර් ආචර්යා පරාජයට පත් කරමිනි.

අමෙරිකානු ඩොලර් 15,000ක තෑගි මුදලක් පිරිනැමෙන මේ තරගාවලිය ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර බෙන්ඩිගෝ නුවර රෙඩ් එනර්ජි ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන බෙන්ඩිගෝ අතර, බෙන්ඩිගෝ බැඩ්මින්ටන් සංගමයේ සහයෝගය ඇතිව ඔස්ට්‍රේලියානු බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබයි. ඊට ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ඕෂනියා බැඩ්මින්ටන් සංගමයේ නිල අනුමැතිය හිමි වී තිබේ.

එලැඹෙන පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරගාවලියට සුදුසුකම් හිමිවන තීරණාත්මක තරගාවලියක් ලෙස වසරේ බැඩ්මින්ටන් කැලැන්ඩරයට ඇතුළත් බෙන්ඩිගෝ බැඩ්මින්ටන් තරගාවලියට ලොව පුරා විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්වී සිටිති. මේ තරගාවලියට සමගාමීව පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් හිමිවන තවත් තරගාවලියක් වන 8 වැනි කයිරෝ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී  ආරම්භ වූ අතර,  ශ්‍රී ලංකාවේ තවත් විශිෂ්ට ක්‍රීඩකයකු වන ආශිංස හේරත් ඊට එක්වී සිටී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව