බියුරෝ වෙරිටාස් ලංකා, 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී රනින් බැබළෙයි

1- BV Lanka Gold Award (LBN)

බියුරෝ වෙරිටාස් සමූහයට අනුබද්ධිත, බියුරෝ වෙරිටාස් කන්සියුමර් ප්‍රොඩක්ට්ස් සර්විසස් ලංකා සමාගම, 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී “පරිසර හිතකාමී පුද්ගලික ආයතන” කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. එය, පසුගිය වසරේ එම සමාගම හිමිකර ගත් රිදී සම්මානය සමග සැසඳීමේදී කැපී පෙනෙන ප්‍රගතියකි.

පාරිසරික විශිෂ්ටත්වය සහ තිරසර ව්‍යාපාරික ක්‍රමවේද සඳහා එම සමාගම දක්වන අඛණ්ඩ කැපවීම මෙම සම්මාන මගින් තවදුරටත් පිළිබිඹු වේ. ලොව පුරා කාර්යාල සහ රසායනාගාර 1,600 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියන බියුරෝ වෙරිටාස් සමූහය, රසායනාගාර පරීක්ෂණ, පරික්ෂා සහ සහතිකකරණ සේවා ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛයාය.
 



 
2025 ඔක්තෝබර් මස 23 වනදා BMICH හිදී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූයේය. මෙරට පාරිසරික යහපැවැත්ම වෙනුවෙන් කැපවන ආයතන රැසක් සහභාගී වූ ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී, විවිධ අංශ නියෝජනය කරමින් පරිසර සංරක්ෂණය, තිරසාරත්වය සහ පරිසර-හිතකාමී නවෝත්පාදනය වෙනුවෙන් ඔවුන් දක්වන විශිෂ්ට දායකත්වය ඇගයුමට ලක් කෙරිණි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති, පරිසර අමාත්‍යංශ ලේකම් කේ.ආර්. උඩවලව, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ගරු ඇන්ටන් ජයකොඩි මෙන්ම, පරිසර අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

“මෙම රන් සම්මානය, බියුරෝ වෙරිටාස් ලංකා අපට විශාල ගෞරවයක්. අපගේ කණ්ඩායම පාරිසරික පැවැත්ම වෙනුවෙන් දක්වන අපරිමිත කැපවීම, එම සම්මානය මගින් පිළිබිඹු වනවා. මෙරට තුළ තිරසර ව්‍යාපාරික ක්‍රමවේද තවදුරටත් ඉහළ නැංවීමටත්, පාරිසරික වගකීම සඳහා ප්‍රමුඛතාව ලබා දීමට පුද්ගලික අංශය දිරිමත් කිරීමටත් මෙමගින් අපට දිරියක් ලබා දෙනවා,” යනුවෙන් බියුරෝ වෙරිටාස් කන්සියුමර් ප්‍රොඩක්ට්ස් සර්විසස් ලංකා සමාගමේ සාමන්‍යාධිකාරී සොනාලි නාකන්දල මහත්මිය සඳහන් කළාය.

පුද්ගලික අංශය තුළ තිරසර පාරිසරික ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම සඳහා බියුරෝ වෙරිටාස් ලංකා සමාගම පෙන්නුම් කරන නායකත්වය, මෙම රන් සම්මානය මගින් ඇගයුමට ලක් විය. මෙවර ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී පුද්ගලයින්, ආයතන සහ සංවිධාන සඳහා සම්මාන 132 ක් පිරිනැමිණු අතර, එහිදී රන් සම්මානයක් හිමිකර ගැනීමට ඇති තරගකාරීබව එමගින් මනාව පෙන්නුම් කෙරේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පරීක්ෂණ, පරික්ෂා සහ සහතිකකරණ සේවා සම්පාදකයෙකු ලෙස බියුරෝ වෙරිටාස් ලංකා සමාගම, පාරිසරික වගකීම සහ ව්‍යාපාරික විශිෂ්ටත්වය යනු එකිනෙකට සමානුපාතික සාධක බවට අඛණ්ඩව පෙන්නුම් කරමින් සිටී. රිදී සම්මානයේ සිට රන් සම්මානයක් දක්වා සමාගම විදහා පෑ ප්‍රගතිය, පාරිසරික සුබසිද්ධිය සඳහා තිරසර ලෙස මැදිහත්වීම මගින්, පැහැදිලි ප්‍රතිඵල අත්දකර ගත හැකි බවට සාක්ෂ්‍ය සපයයි.

ඉහළ නිපුණතාවයකින් හෙබි 275කට වැඩි කාර්යමණ්ඩලයකින් සමන්විත බියුරෝ වෙරිටාස් ශ්‍රී ලංකා යනු පුළුල් ප්‍රතීතන සේවාවක් ලබාදෙන සමාගමකි. අනුකූලතා, ව්‍යාපෘති ආරම්භයේ සිට අවසානය දක්වා පවතින අවදානම් හඳුනාගැනීම සහ පාලනය, සැපයුම් දාම කළමනාකරණය ඉහළ නැංවීම සහ ගෝලීය වෙළෙඳපොළට ප්‍රවේශය සැපයීම ආදී විවිධ අංශ ආශ්‍රිතව ස්වාධීන සහ තෙවැනි පාර්ශ්වීය සහතිකකරණ සේවාවක් සමාගම ලබාදෙයි. එහි පුළුල් සේවාවන් අතරට, ඇඟලුම් පරීක්ෂණ,  ඇගයුම් සහ සමාජ අනුකූලතා විගණන සේවා, ආහාර සහ කෘෂි පරීක්ෂණ, පාරිසරික ඇගයුම්, සෙල්ලම් භාණ්ඩ සහ වෙනත් දෘඪාංග ද්‍රව්‍ය පරීක්ෂණ, ක්‍රමාංකන සේවා, ජෛවහායන පරීක්ෂණ සහ ඇස්බැස්ටෝස් ඇගයුම් ආදිය  ඇතුළත් වේ.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව