
මෙතෙක් කාලයක් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්, වැඩිහිටියන්, බොහෝ දෙනෙක් මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් තිබුණා. ඔවුන් සතුව නවීන සහ වෙනස් අදහස් තිබුණත්, එම අදහස් මහ පොළවේ පැළ කිරීමට තිබූ අවස්ථාවන් විරල වුණා. ඔවුන්ට අවශ්‍ය ප්රාග්ධනය, මගපෙන්වීම සහ ගුරුහරුකම් ලබා දීමට විධිමත් ආයතනයක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකාව ව්‍යවසායකත්ව මනසකින් හෙබි, අභිප්‍රේරිත ජනතාවක් ජීවත් වන ව්‍යවසායකත්ව රාජ්‍යයක් කිරීම පරම සහ එකම සිහිනය වන අප මේ රික්තය හඳුනා ගත්තා. එම රික්තකය පිරවීමේ අරමුණින් ඇති කළ ‘සර්වජන භාරය’ ඊයේ එළිදැක්වුණා.
කොළඹ ශැංග්‍රීලා හෝටලයේ දී, විදෙස් තානාපතිවරු, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරික ප්‍රජාව සහ සර්වජන භාරයට මුදල් පරිත්‍යාග කළ පරිත්‍යාගශීලින්ගේ ප්‍රධානවත්වයෙන් උත්සවය පැවැත්වුණා. බිලී ෆර්නෑන්ඩු ඇතුළු 2FORTY2 සංගීත කණ්ඩායම විසින් සංගීතවත් කළ රාත්‍රීය බොහෝ විනෝදජනක වූවත් එම ස්ථානයට පැමිණ සිටි සියලූම දෙනාට එක් අරමුණක් තිබුණා. ඒ සර්වජන භාරය හරහා ව්‍යවසායකත්ව මගට පිය මැනීමට උත්සාහ කරනා ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් ලබා දීමටම පමණයි. ඔවුන්ට අවශ්‍ය ප්රාග්ධනය, මගපෙන්වීම, අවස්ථාවන් සහ අභිප්‍රේරණය සර්වජන භාරය හරහා ලබා දීමට අප සුදානම්.
අද සිට සර්වජන භාරය ක්‍රියාත්මකයි.


