“ බින්දුමතියට FM අභය හමුවෙයි” කාව්‍ය ග්‍රන්ථය ජනගත කිරීම

IMG_3488 (LBN)

 


 

 

ප්‍රදීප් බමුණුසිංහ, සිය වසර 18ක නිර්මාණ දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයකට සනිටුහන් කරමින්    “බින්දුමතියට FM අභය හමුවෙයි” නම් ඔහුගේ පළමු කාව්‍ය ග්‍රන්ථය 2023 සැප්තැම්බර් මස 03 වැනි දින මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වුණා.

2005 – 2008 අතර කාලයේ ප්‍රදීප් වී ලක්මාල් යන නමින් ශ්‍රි ලංකාවේ ජාතික පුවත්පත් රැසකට ස්වකීය කාව්‍ය නිර්මාණ යොමු කළ තරුණ කවීන් අතර කැපී පෙනුණු කවියෙකු  වූ ප්‍රදීප්, එකළ කාගේත් අවධානය දිනාගත් කවියෙකි. එයිනුත් වසර ගණනාවකට පසු ඔහු සිය ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය සමග අප හමුවට පැමිණ සිටියේ අතීත රස මතක ගොන්නක් කරපින්නාගෙනය.

මේ පිළිබඳව අපට අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, “කවියෙකු ලෙස ඔහුව හඳුන්වනවාට වඩා උපතින්ම තමන් සතු නිර්මාණාත්මක ලේඛන හැකියාවේ සියුම් තැන් හාරා අවුස්සා ඔප දමමින් සතුටු වන්නෙකු” ලෙස ඔහුව හදුන්වාදීමට කැමති බවයි. එසේම, “මේ කාව්‍ය ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් ඔහුට සහයෝගය දුන් ඔහුගේ ආදරණිය බිරිඳ, ඩිලූෂා සමරසිංහ ඇතුළු සියලුම දෙනාටමත් ඔහුව දිරිගැන්වීමට පැමිණි, පැමිණිමට සිටියත් පැමිණීමට නොහැකිවුණු සහ සුබ පැතූ  ආදරණීය හිතවතුන් සැමටත් හදවතේ ගැඹුරුම තැනින් නැගෙන ස්තුතිය පුදකරන බවයි”

මේ අවස්ථාවට පැමිණි ජනප්‍රිය ගුවන්විදුලි නිවේදක අරවිනද ලොකුගේ, පුවත්පත් කලාවේදී තිඹිරියාගම බණ්ඩාර, භාෂා පරිවර්ථක සහ ලේඛක චූලානන්ද සමරනායක, සාහිත්‍ය විචාරක සඳුන් ප්‍රියන්කර විතානගේ යන මහත්වරුන් අදහස් දැක්වීමට එකතු වුනා.

සිංහල කවිය සඳහා ප්‍රදීප් බමුණුසිංහගේ මේ මැදිහත්වීම නූතන සිංහල සාහිත්‍යයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කරනු ඇති බවයි ප්‍රවීණයන්ගේ අදහස.

පොත පිළිබඳ විමසීමට 0711 44 00 15ට WhatsApp පණිවුඩයක් තබන ලෙස ප්‍රදීප් දන්වා සිටියා.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + twenty =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව