බැඩ්මින්ටන් පුහුණුකිරීමේ නිරතව සිටින බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ ධාරිතාව ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන් සංවර්ධනය කිරීමේ කමිටුවේ වැඩ පිලිවෙළ යටතේ ජාතික ක්‍රීඩා විද්‍යායතනය සමඟ එක්ව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් පවත්වනු ලැබූ පළමු මට්ටමේ බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා පුහුණු පාඨමාලාවේ අවසරපත්‍ර සහ සහතික පිරිනැමීමේ උත්සවයේදී පුහුණුකරුවන් 97 දෙනකුට අවසරපත්‍ර සහ සහතිකපත්‍ර පිරි නමනු ලැබීය.
පුහුණු න්‍යාය, ක්‍රීඩා පෝෂණය, ශක්ති පුහුණුව, ශාරීරික පුහුණුව, ක්‍රීඩා ජෛව යාන්ත්‍ර විද්‍යාව වැනි දේශන ඇතුළත් මෙමවැඩසටහන අවසානයේ ලිඛිත ප්‍රායෝගික ඇගයීමක් සාර්ථකව නිම කිරීමෙන් පසුව ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය විසින් නිකුත් කරන ලද සහතිකයක් සහ බලපත්‍රයක් එම පුහුණුකරුවන්ට ලැබිණි.
‘ඔබ ලැබූ පුහුණුවෙන් ඉදිරියේදී අපගේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි දැනුමක් සහිතව ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබේවි. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ක්‍රීඩා විද්‍යායතනය මගින් නිකුත් කරන මෙම සහතිකය ඉතා වටිනවා. එබැවින් ඔබේ ජීවිතයේ විශාල ජයග්‍රහණයක් ඔබ සැම අද දිනයේ ලැබූ බවට මම විශ්වාස කරනවා.‘ මේ අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතා කියා සිටියේය.