බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ පුහුණු වැඩසටහනේ පළමු පියවර අනුරාධපුරයේදී සාර්ථකව අවසන් වෙයි

1689223787229 (LBN)

 



 

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සහ ශ්‍රී ලංකා බැඩමින්ටන් පදනම එක්ව සංවිධාන කරනු ලැබූ බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ මූලික මට්ටමේ පුහුණු වැඩසටහනේ පළමු පියවර ලෙස උතුරු මැද පළාත සහ උතුරු පළාත නියෝජනය කරන බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ වැඩසටහන සාර්ථකව නිමාවට පත් විය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය  යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ සහ සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අනුරාධපුරයේ මයික් කුක් බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පසුගියදා මේ වැඩසටහන පැවැත්විණි.

උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමයේ දායකත්වය යටතේ පැවති එම වැඩසටහන උතුරු පළාත් බැඩ්මින්ටන් පුහුණුකරුවන් සහභාගි වූ ජාතික මට්ටමේ පළමු පුහුණු වැඩසටහන ද වේ.

මෙරට බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ හැකියාව සහ නිපුණතා ඉහළ නැංවීමේ අරමුණින් සහ ඔවුන්ගේ වෘත්තීයභාවය තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමට පුහුණුකරුවන් සවිබලගැන්වීමේ අපේක්ෂාවෙන් සිදු කෙරෙන්නකි.රට පුරා විසිරී සිටින බැඩ්මින්ටන් පුහුණුකරුවන් ඒකරාශී කරමින් ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශේෂිත පුහුණුවක් සහ සහතිකපත්‍රයක් ලබා දීමට ද කටයුතු යොදා තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව