ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පදනම එක්ව සංවිධාන කරනු ලබන මූලික මට්ටමේ බැඩ්මින්ටන් පුහුණු වැඩසටහන මේ මස 8 සහ 9 දෙදින අනුරාධපුර මයික් කුක් බැඩ්මින්ටන් ක්රීඩාගාරයේදී පැවැත්වේ. මෙරට බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ හැකියාව සහ නිපුණතා ඉහළ නැංවීමේ අරමුණින් සහ ඔවුන්ගේ වෘත්තීයභාවය තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමට පුහුණුකරුවන් සවිබලගැන්වීමේ අපේක්ෂාවෙන් සිදු කෙරෙන්නකි.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ සහ සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
පළමු වරට ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස අනුරාධපුරයේ පැවැත්වෙන පුහුණු වැඩසටහන උතුරු පළාතේ සහ උතුරු මැද පළාතේ නව බැඩ්මින්ටන් පුහුණුකරුවන් ඉලක්ක කරමින් පැවැත්වෙන අතර, රට පුරා විසිරී සිටින බැඩ්මින්ටන් පුහුණුකරුවන් ඒකරාශී කරමින් ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශේෂිත පුහුණුවක් සහ සහතිකපත්‍රයක් ලබා දීමට ද කටයුතු යොදා තිබේ.