බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් දෙස් විදෙස් තරග බිම දිනන්න මොබිල් සහ 3M අනුග්‍රහයෙන් 13න් පහළ දිස්ත්‍රික් සංචිත

IMG-20230227-WA0080 (1) (LBN)

 



 

 

මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අරමුණ ඇතිව සියලු දිස්ත්‍රික්කවල අවුරුදු 13න් පහළ සංචිත ගොඩ නැගීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය පියවර ගෙන ඇත. පළාත් බැඩ්මින්ටන් සංගම්වල සහයෝගය ඇතිව දිස්ත්‍රික්ක 25 පුරා එවැනි සංචිත ගොඩ නැගීමට ප්‍රාදේශීය සංවර්ධන කමිටු වෙත වගකීම් පැවරී ඇති අතර, ඒ අනුව දකුණු පළාත් බැඩ්මින්ටන් ප්‍රවර්ධන වැඩසටහනේ පළමු පියවර ලෙස ඊයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී මේ වැඩසටහන්මාලාව ආරම්භ කෙරිණි.

අවුරුදු 13න් පහළ බාලක හා බාලිකා වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනා බැගින් එක් දිස්ත්‍රික් සංචිතයකට 30 දෙනකු තෝරා ගන්නා අතර, සියලු සංචිත සඳහා පුහුණුකරුවන්, සම්බන්ධිකාරකවරුන් පත් කිරීමට ද නියමිතය. ජාතික තලයේ හෝ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද අදාළ දිස්ත්‍රික්කයේ පුහුණුකරුගේ හෝ සම්බන්ධිකාරකවරයාගේ නිර්දේශය මත තෝරා ගැනේ. අදාළ සංචිතවල පුහුණුව සතියකට දින දෙකක් බැගින් සිදු කෙරෙන අතර, ශාරිරීක අභ්‍යාස පුහුණුව සඳහා අතිරේක දිනයක් යොදා ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ ද සහයෝගය ඇතිව සිදු කෙරෙන අවුරුදු 13න් පහළ දිස්ත්‍රික් සංචිතගත කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සංවර්ධන කමිටු සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ සම්බන්ධිකරණයෙන් සහ බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ සිදු කෙරේ. මේ සඳහා පූර්ණ අනුග්‍රහය මොබිල් සහ 3M අනුග්‍රාහකත්වය ලබා දී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව