බ්‍රැන්ඩික්ස් සමූහය ශ්‍රී ලංකාවේ ආයතනික අංශයේ විශාලම රුධිර පරිත්‍යාගශීලියා ලෙස පිදුම් ලබයි

01-Brandix receiving the award from the National Blood Transfusion Service as Sri Lanka’s largest corporate blood donor. (LBN)

 



 

 

බ්‍රැන්ඩික්ස් සමූහය ශ්‍රී  ලංකාවේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙස අඛණ්ඩව 11වන වරටත්  ජාතික රුධිර පාරවිලයන සේවයේ ඇගයීමට ලක්විය. පසුගිය වසරේදී සමස්ත ලංකාවම ආවරණය කරමින්  සියලුම බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගෙන් රුධිර පයින්ට් 5700  වඩා ප්‍රමාණයක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පරිත්‍යාග කරන ලදී. 2011 වසරේ සිට  බ්‍රැන්ඩික්ස් සමූහය රුධිර පයින්ට් 42,041 ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත. ශ්‍රී ලංකාවේ සෑම රුධිර පරිත්‍යාගශීලීන් 100 දෙනෙකුගෙන් එක් අයෙක් බ්‍රැන්ඩික්ස් පවුලට අයත් සාමාජිකයෙකි.

කොළඹදී ජාතික රුධිර පාරවිලයන සේවය මගින් සංවිධානය කළ වැඩසටහනකදී බ්‍රැන්ඩික්ස් මෙලෙස ලංකාවේ  විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙසත්, විශාලතම ජංගම ව්‍යාපාරයේ සංවිධායකයා ලෙසත් ඇගයීමට ලක්විය. එහිදී මඩකලපුවේ පිහිටි බ්‍රන්ඩික්ස් ආයතනය නැගෙනහිර පළාතේ හොඳම ජංගම ප්‍රචාරක සංවිධායකයා හා ඉහළම දායකයා ලෙස ද, අවිස්සාවේල්ලේ පිහිටි බ්‍රන්ඩික්ස් ආයතනය කලාපයේ හොඳම ජංගම රුධිර පරිත්‍යාග ප්‍රචාරක සංවිධායකයා ලෙස ද  සම්මානයට පාත්‍ර විය.

ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂක ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ “බ්‍රැන්ඩික්ස්  සේවකයන්ගේ දායකත්වය වසර ගණනාවක් පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිස් ඇතුළු ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකගේ  ජීවිත පෝෂණය කර ඇත. නිතිපතා රුධිර සැපයුමක් පවත්වා ගැනීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවය වෙත ලබා දුන් සහයෝගයට අමතරව, සමාගම මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර බැංකුවක් ස්ථාපිත කිරීමට සහය වූ අතර රට පුරා රෝහල්වල ඵලදායී මෙහෙයුම් සහතික කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ පුළුල් ලෙස සහයෝගයෙන් කටයුතු කරයි. මෙහිදී පිරිසිදු ජලය සම්පාදනය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම ප්‍රධාන ස්ථානයක් ගනී.  ජාතික රුධිර පාරවිලයන සේවය බ්‍රැන්ඩික්ස් සමූහය සමග එක්ව දීප ව්‍යාප්ත සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කටයුතු ක්‍රියාත්මක කරයි. ”

කොග්ගල බ‍්‍රැන්ඩික්ස් එසෙන්ශල් ආයතනයේ නලින් ද මෙල් මහතා මේ දක්වා පයින්ට් 49ක් ලබා දෙමින් වැඩිම පුද්ගල රුධිර දායකත්වය ලබා දී ඇත. පසුගිය වසරේ   බ‍්‍රැන්ඩික්ස් මඩකලපු ආයතනයේ සාමාජිකයින් 800 දෙනෙකුත්, පොළොන්නරුවෙන් 498 දෙනෙකුත්, ගිරිතලෙන් 367 දෙනෙකුත්, වතුපිටිවලින් 343 දෙනෙකුත් සහ වැලිසර ප්‍රදේශයෙන් 310 දෙනෙකුත් රුධිරය පරිත්‍යාග කර තිබේ.

“බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ අපි, අපගේ සාමාජිකයන්ගේ යහපැවැත්ම වෙනුවෙන් කැපවෙන අතර ඉන් ඔබ්බට ගොස්  අපගේ  සේවය සමස්ත ප්‍රජාව කෙරෙහිම විහිදෙයි. රුධිර පරිත්‍යාගය,  ශ්‍රී ලාංකීය ජන ජීවිත නගාසිටුවීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන එක් වැඩසටහනකි, මෙයට ජාතික රුධිර පාරවිලයන සේවය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබාදෙන සහයෝගය අපි කෘතඥ පූර්වක ලෙස අගය කරන්නෙමු.” යනුවෙන් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සමූහ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී මාලිකා සමරවීර මහත්මිය ප්‍රකාශ කළාය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව