බ්‍රැන්ඩික්ස් මනුසත්කාර සරසවි ශිෂ්‍යත්ව වැඩසටහන තුළින් තවත් විශිෂ්ටයන් පිරිසකට ශිෂ්‍යත්ව

Brandix Manusathkara University Scholarship Programme nurtures the future potential of youth -1 (LBN)

 



 

 

2022 නොවැම්බර් 28, වැලිසර: ශ්‍රී ලංකාවේ යොවුන් පරපුරේ අනාගතය වඩාත් යහපත් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, මෙරට ප්‍රධානතම ඇඟලුම් නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම (Brandix Apparel Ltd.), උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් තවත් සිසු සිසුවියන් පිරිසකට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට පසුගියදා කටයුතු කළේ ය.  බ්‍රැන්ඩික්ස් ‘මනුසත්කාර’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මෙය සිදුකරන ලදි.

දිවයිනේ විශ්ව විද්‍යාල 8 කට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ, ඒ සම්බන්ධ මූලික පාඨමාලාව සහ ඉංග්‍රීසි පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 18 දෙනෙකුට, පසුගියදා පැවති විශේෂ උත්සවකදී මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු විය.

වැලිසර බ්‍රැන්ඩික්ස් ‘ෆාස්ට් ෆැෂන් සෙන්ටර්’ හිදී පැවති මෙම උත්සවයට කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ සමූහ අධ්‍යක්ෂිකා නටාෂා බොරලැස්ස යන මහත්ම මහත්මීන් ප්‍රමුඛව බ්‍රැන්ඩික්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දෙමාපියන්, සිසු සිසුවියන් සහ ප්‍රජා නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්වූහ.

උසස් පෙළ විභාගයේදී විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පෞද්ගලික හා වෘත්තීය සංවර්ධනයට අත්වැලක් වීමේ අරමුණින් බ්‍රැන්ඩික්ස් විසින් මනුසත්කාර සරසවි ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදි.

තම සාමාජික සාමාජිකාවන්ගේ මෙන්ම සමස්තයක් ලෙස සියලුම ප්‍රජාවන්ගේත් පරිසරයේත් යහපත වෙනුවෙන් කටයුතු කිරීම බ්‍රැන්ඩික්ස් සමූහයේ අනිවාර්ය ගුණාංගයකි. ‘පරිත්‍යාගය, අධ්‍යාපනය සහ සම්බන්ධවීම’ යන මූලික අංශ යටතේ බ්‍රැන්ඩික්ස් සමූහය දශක දෙකහමාරකට අධික කාලයක් තිස්සේ සමාජ සත්කාර වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ. මෙහි ‘අධ්‍යාපනය’ අංශය යටතේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පාසල් වර්ෂයටම ප්‍රමාණවත් වන පරිදි පාසල් බෑග්, පොත්පත් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමට බ්‍රැන්ඩික්ස් කටයුතු කර ඇති අතර, මේ දක්වා එමගින් සෙත සැලසී ඇති සිසු සිසුවියන් සංඛ්‍යාව 45,000 කට අධික ය. එමෙන්ම තම සාමාජික සාමාජිකාවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් සමූහය ශිෂ්‍යත්ව සිය ගණනක් ප්‍රදානය කර තිබේ.

මනුසත්කාර සරසවි  ශිෂ්‍යත්ව වැඩසටහන යනු, බාධාවකින් තොර අධ්‍යාපනයක් සමගින් පුද්ගලයන්ට තම අනාගත අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කරගැනීමට අත්වැලක් වීම සඳහා බ්‍රැන්ඩික්ස් සමූහය දරන උත්සාහයේ තවත් ඉදිරි පියවරකි. එය එම සමූහයේ සමාජ සත්කාර සහ මානව සම්පත් ක්‍රමෝපායන්ගේ අනිවාර්ය අංගයක් වන අතර, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 4 වන ඉලක්කය වන ‘ගුණාත්මක අධ්‍යාපනයක්’ යන්නට සමගාමී පියවරක්ද වේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 8 ක බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන වල පිහිටි පාසල් වල අධ්‍යාපනය ලබා, උසස් පෙළ විභාගයේදී විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 18 දෙනෙකුට මෙවර බ්‍රැන්ඩික්ස් මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව හිමි විය. 2015 වසරේදී ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ, බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා වල සිට කිලෝමීටර් 15 ක් ඇතුළත වෙසෙන ජනතාවට සෙත සැලසේ. එම ප්‍රදේශ වල වෙසෙන ජනතාවගේ සහ ප්‍රජාවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් එම බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා සුවිශාල මෙහෙවරක් ඉටුකරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව