බ්‍රැන්ඩික්ස් ‘මනුසත්කාර තිළිණ’ වෙතින් පාසල් දරුවන් 16,000 කට වැඩි පිරිසකට පාසල් උපකරණ

Brandix Manusathkara Thilina 2022 (LBN)

 



 

 

බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගමේ (Brandix Apparel Ltd.) ‘මනුසත්කාර තිළිණ’ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ පාසල් දරු දැරියන් 16,824 දෙනෙකු වෙත නව පාසල් වසර සඳහා අවශ්‍ය පාසල් ලිපිද්‍රව්‍ය සහ පාසල් බෑග් පරිත්‍යාග කිරීම පසුගියදා සිදුකෙරිණි.

බ්‍රැන්ඩික්ස් සමූහය දීර්ඝ කාලයක පටන් මෙරට සියලුම පුරවැසියන්ට නිසි අධ්‍යාපනයක් හිමිවන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටී. මේ වනවිට රටේ පවතින තත්ත්වය හමුවේ, විශේෂයෙන්ම ලිපිද්‍රව්‍ය වල මිලගණන් විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන්, තම සාමාජික සාමාජිකාවන්ගේ දරුදැරියන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහයෝගයක් අවශ්‍ය බව බ්‍රැන්ඩික්ස් සමූහය තීරණය කළ අතර, ඒ අනුව සාමාජික සාමාජිකාවන් 10,933 දෙනෙකුගේ දරුවන් වෙනුවෙන් පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ කට්ටල පරිත්‍යාග කරන ලදි. අඛණ්ඩව 7 වන වරටත් පැවති මෙම වැඩසටහන යටතේ, පෙර පාසල් වයසේ සිට 13 ශ්‍රේණිය දක්වා දරුවන් පිරිසකට පාසල් උපකරණ හිමි විය.

“නව පාසල් වර්ෂයක ආරම්භය යනු සිසු සිසුවියන් සෑම දෙනෙකුම පාහේ ඉතාමත් උනන්දුවෙන් හා ආශාවෙන් බලා සිටින දෙයක්. කෙසේ නමුත් අපගේ ආයතනයේ ජීවනාලිය වන අපගේ සාමාජිකයින්ට, තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට අත්‍යවශ්‍ය වන පාසල් උපකරණ මිලදී ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත් වී ඇති බව අපට පෙනී ගියා. ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම යනු අප කවදත් බෙහෙවින් වැදගත් කොට සලකන දෙයක්. මෙම පරිත්‍යාගයන් මේ දරුවන්ට අඛණ්ඩව අධ්‍යාපනය ලබමින් යහපත් අනාගතයක් උදාකර ගැනීමට මහෝපකාරී වනු ඇතැයි කියා අප සිතනවා.” බ්‍රැන්ඩික්ස් සමූහයේ සමාජ සත්කාර  ප්‍රධානී මාලිකා සමරවීර මහත්මිය පැවසුවා ය.

බ්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජික සාමාජිකාවන්ගේ දරුවන් තුළ අධ්‍යාපන කටයුතු සඳහා ඇති උනන්දුව තවදුරටත් වර්ධනය කරවීමේ අරමුණ ඇතිව, 2016 වසරේදී මනුසත්කාර පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහන ආරම්භ කරන ලදි. මේ වනවිට මෙම වැඩසටහන යටතේ දරුවන් 37,000 කට අධික පිරිසකට පාසල් ලිපිද්‍රව්‍ය සහ උපකරණ පරිත්‍යාග කර තිබේ.

සැමට සමාන අවස්ථා සහ අධ්‍යාපනයට ඇති අයිතිය තහවුරු කරමින් සමාජ තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම බ්‍රැන්ඩික්ස් හි අරමුණයි. මෙම පරිත්‍යාගයන්, රටේ පවතින දුෂ්කරතා හමුවේ මෙම දරුවන්ටත් ඔවුන්ගේ පවුල් වලටත් ඉමහත් සහනයක් වනු නො-අනුමාන ය.

සිය අධ්‍යාපනික ප්‍රජා සත්කාර මෙහෙවරේ තවත් ඉදිරි පියවරක් වශයෙන් බ්‍රැන්ඩික්ස් සමූහය මේ වනවිට මනුස්ත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන නමින් තවත් මෙහෙවරක් ආරම්භ කර තිබේ. බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන වල පදිංචි, උසස් පෙළ විභාගය ඉහළින් සමත් වන සිසු සිසුවියන්ට, උසස් අධ්‍යාපනය හදාරා රටේ ශ්‍රම බලකායට අර්ථවත් දායකත්වයක් ලබාදීමට අත්වැලක් වීම මෙහි අරමුණයි. බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා වල සිට කිලෝමීටර් 10 ක පරාසයක් තුළ පදිංචි ජනතාවගේ යහපත සැලසීම ඉලක්ක කරගෙන බ්‍රැන්ඩික්ස් සමූහය විසින් ‘බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන’ සංකල්පය හඳුන්වා දෙන ලදි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව