බ්‍රැන්ඩික්ස් උසස් පෙළ සිසු සිසුවියන් දිරිගැන්වීමට ‘මනුසත්කාර’ විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කරයි

01 Image - D.N.D. Deraniyagala from Gampaha receiving the scholarship at the school with her family members and other representatives. She has been selected to the University of Colombo, (LBN)

 



 

 

2022 නොවැම්බර්, කොළඹ: මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් (Brandix Apparel Ltd.), උසස් පෙළ සිසුන් සිසුවියන් දිරිමත් කිරීමේ අරමුණින් විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් බොහෝ දෙනෙකුට අධ්‍යාපන වියදම් දැරීම ගැටලුවක් බවට පත්වෙමින් පවතින පසුබිමක් තුළ මෙය අතිශයින් කාලෝචිත වැඩසටහනක් වනු ඇත.

මෙම වැඩසටහන නම් කර ඇත්තේ ‘මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන’ යනුවෙනි. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කරන සිසු සිසුවියන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වලට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ පෞද්ගලික සහ වෘත්තීය සංවර්ධනයට අවශ්‍ය පිටුබලය ලබාදීම මෙහි මූලික අරමුණ වී ඇත.

වැඩසටහනේ ප්‍රථම අදියරේදී, ‘බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන’ වල වෙසෙන සිසු සිසුවියන් අතරින් උසස් පෙළ විභාගයේදී ඉහළම දක්ෂතා පෙන්නුම් කරමින් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව පිරිනැමේ. ආදර්ශ ගම්මාන යනු බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවල සිට කිලෝමීටර් 10 ක දුර ප්‍රමාණයක් තුළ වෙසෙන ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් විසින් ක්‍රියාවට නංවන ලද විශේෂ වැඩසටහනකි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන, ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ දක්වා මෙම වැඩසටහන යටතේ සිසු සිසුවියන් 18 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනමා ඇත. එම සිසු සිසුවියන් දැනටමත් පූර්ව පුහුණු වැඩසටහන් සහ ඉංග්‍රීසි භාෂා වැඩසටහන් සාර්ථක ලෙස අවසන් කර ඇති අතර, ඔවුන්ගේ විශ්ව විද්‍යාල දේශනද මේ වනවිට සාමාන්‍ය සහ මාර්ගගත ක්‍රම යටතේ ආරම්භ වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, කැළණිය, මොරටුව, රජරට, නැගෙනහිර, පේරාදෙණිය සහ වයඹ යන විශ්ව විද්‍යාලවල මෙම සිසු සිසුවියෝ ඉගෙනුම ලබති.

බ්‍රැන්ඩික්ස් මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ප්‍රථම ශිෂ්‍යත්වය හිමිකර ගැනීමට සමත් වූයේ කේ. අක්ෂිකා සිසුවියයි. කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයට සුදුසුකම් ලැබූ ඇයට 2021 වසරේදී මෙම ශිෂ්‍යත්වය හිමි විය. 2019 වසරේ උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශය යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත ලංකා දෙවැනි ස්ථානය දිනාගන්නා ලද්දේ ඇය විසිනි.

“බ්‍රැන්ඩික්ස් යනු සියලුම දෙනා වෙනුවෙන් පිබිදුණු විසඳුම් ලබාදීමට කැපවුණු ව්‍යාපාරයක්. එම අරමුණ ඔස්සේ, හුදෙක් ව්‍යාපාර කටයුතු වලින් ඔබ්බට යමින්, ජනතාවටත් පරිසරයටත් යහපත සැලසීම සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීමට අප පියවර ගෙන තිබෙනවා. ‘Provide, Educate and Engage’ යන සංකල්පය යටතේ ක්‍රියාත්මක වන අපගේ සමාජ තිරසාරත්ව උත්සාහයන්ට සමගාමීව අප මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කළා. අභියෝග හමුවේ නොසැලී උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ශ්‍රී ලාංකික තරුණ පරපුරට අත්වැලක් වීම එහි අරමුණයි.” බ්‍රැන්ඩික්ස් සමූහයේ සමාජ සත්කාර  ප්‍රධානී මාලිකා සමරවීර මහත්මිය පැවසුවා ය.

“රාජ්‍ය විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලබන සිසු සිසුවියන් අතරින් සැලකිය යුතු පිරිසකට තම උසස් අධ්‍යාපන කටයුතුවලදී විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවනවා. මෙය ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම්වලට සහ වෘත්තීය දියුණුවට දැඩි ලෙස බලපාන දෙයක්. දැනට පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ මෙම ගැටලු පෙරටත් වඩා බහුලව පවතින බව අපට පෙනී ගියා. මෙම සිසු සිදුවියන්ට බාධාවකින් තොරව උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට අවස්ථාව සලසා දෙන මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව  වැඩසටහන දියත් කිරීමට අප කටයුතු කළේ ඒ නිසයි. මෙම වැඩසටහන ඔවුන්ට ඉමහත් සහනයක් වනු ඇතැයි කියා අප සිතනවා.” මාලිකා සමරවීර මහත්මිය වැඩිදුරටත් කියා සිටියා ය.

ශ්‍රී ලංකාවේ ඉතා වගකීම් සහගත සමාගමක් වශයෙන්, පුද්ගලයන්ට තම අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යමින් පෞද්ගලික ඉලක්ක ළඟා කර ගැනීමට අත්වැලක් වීම සඳහා බ්‍රැන්ඩික්ස් හි සමාජ සත්කාර සහ මානව සම්පත් ක්‍රමෝපායන් තුළ වැදගත් තැනක් හිමි වේ.  මෙය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 4 වන ඉලක්කය වන ‘ගුණාත්මක අධ්‍යාපනය’ යන්නටද සමගාමී මෙහෙවරකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව