බස්නාහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල ශූරතාව ලෝචන ඔෂාන් දිනා ගනී රනිත්මා ලියනගේට ද්විත්ව ශූරතා

IMG-20240621-WA0029 (LBN)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා බස්නාහිර පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට ලෝචන ඔෂාන් ද සිල්වා සමත් වූ අතර,  රනිත්මා ලියනගේ විවෘත කාන්තා ඒකල ශූරතාව සහ විවෘත කාන්තා යුගල ශූරතාව දිනා ගනිමින් ද්විත්ව ශූරතාවට හිමිකම් කීවාය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පළමු මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරිමේ තරගාවලියක් ලෙස පසුගියදා ලුම්බිණි විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් තරගයේදී ලකුණු 13-21, 21-14ක් සහ 21-17ක් ලෙස සෙතුම් සිත්මික පෙරේරා පරාජය කිරීමට ලෝචන ඔෂාන් සමත් විය. එහි කාන්තා අවසන් තරගයේදී රනිත්මා ලියනගේ හමුවේ ලකුණු 21-18ක් සහ 21-16ක් ලෙස විදාරා සුහස්නි විදානගේ පරාජයට පත්වූවාය.

 



 

ලකුණු 13-21, 21-18ක් සහ 21-18ක් ලෙස බුවනෙක ගුණතිලක හා ජේසන් හාමර් පරාජය කරමින් විවෘත පිරිමි යුගල ශූරතාව දිනා ගැනීමට ප්‍රින්ස් දාහල් සහ චමත් ඩයස් සමත්වූ අතර, රනිත්මා ලියනගේ සහ ප්‍රවීනා විජේසුන්දර එක්ව ලකුණු 19-21, 21-16ක් සහ 21-18ක් ලෙස රෂ්මි භාග්‍යා හා වරංගනා ජයවර්ධන පරදවා විවෘත කාන්තා යුගල ශූරතාවට හිමිකම් කීහ. විවෘත තරග අංශයේ මිශ්‍ර යුගල ශූරතාව දිනා ගැනීමට සමත් වූයේ අවසන් තරගයේදී ලකුණු 17-21, 21-14ක් සහ 21-19ක් ලෙස තුලිත් පල්ලියගුරු හා වරංගනා ජයවර්ධන පරාජයට පත් කරනු ලැබූ මර්සිලෝ විටෝරියෝ සහ රනුමි සුහස්නි විසිනි.

කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, අවුරුදු 110ට වැඩි ඒකාබද්ධ වයස් කාණ්ඩ තරග,  විවෘත තරග සහ පළඟ කාණ්ඩයේ තරග ඇතුළත්ව පැවැති  සමස්ත ලංකා බස්නාහිර පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ බාලක ඒකල ශූරතාව ෂෙනුක් සමරරත්න දිනා ගත් අතර, බාලිකා ඒකල ශූරතාව දිනා ගනු ලැබුවේ පවනි ඉලේපෙරුමආරච්චි විසිනි. බාලක අවසන් තරගයේදී ලකුණු 21-13ක් සහ 21-16ක් ලෙස ෂෙනුක් සමරරත්න හමුවේ දහම් ගුණවර්ධන පරාජයට පත් විය. බාලිකා අවසන් තරගයේදී පවනි ඉලේපෙරුමආරච්චි හමුවේ අමන්තා තත්සරණී ලකුණු 21-16ක් සහ 26-24ක් ලෙස පරාජයට පත් විය. පමිත් බණ්ඩාර අත්තනායක හා තිදස ඉරූෂික එක්ව ලකුණු 18-21, 21-15ක් සහ 21-16ක් ලෙස සංජුල හඳපාන්ගොඩගේ සහ ෂෙනුක් සමරරත්න පරදවා 19න් පහළ බාලක යුගල ශූරතාව දිනා ගත් අතර,  ලකුණු 17-21, 21-19ක් සහ 21-16කින් තිසෙජ හේරත් හා රනුමි සුහස්නි පරාජය කරමින් සනුදි ගුරුසිංහ හා පවනි ඉලේපෙරුමආරච්චි 19න් පහළ බාලිකා යුගල ශූරතාව දිනාගත්හ.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාග, පදක්කම් සහ සහතික පත් පිරි නැමූ සමස්ත ලංකා බස්නාහිර පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය McFoil, Mobil, Li Ning, 3M සහ GAC අනුග්‍රාහකත්වය යටතේ පැවැත්විණි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව