“බසයෙන් අනාගතයට” අද මාතර දී

pexels-thirdman-8926840

 




ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් රථ, පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල නොමැති පාසල් සඳහා ලබාදීමේ “බසයෙන් අනාගතයට” වැඩසටහන යටතේ පාසල් පුස්තකාලයක් ලබා දීමේ වැඩසටහන අද (11) මාතර පට්ටිගල මහා විද්‍යාලයේදී පැවැත් වීමට නියමිතය.

දිස්ත්‍රික්ක 25ටම මෙම සංකල්පය යටතේ බස් රථ පුස්තකාල පිරිනමා තිබූ අතර ඒ අනුව මාතර දිස්ත්‍රික්කයට හිමි පුස්තකාලය අද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

“බසයෙන් අනාගතයට” පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝම්බර් 1 වැනිදාට යෙදුණු ලෝක ළමා දිනය දා ක්‍රියාත්මක වූ අතර, එදින දිස්ත්‍රික්ක 5ක තෝරාගත් පාසල් 5ක් සඳහා බස් රථ පුස්තකාල ප්‍රදානය කෙරිණි

 

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව