බවර් සමූහය සිය 1000 වැනි අධ්‍යක්ෂ මණ්ඩල හමුව පවත්වයි

1- Baurs BOD (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක්වන බවර් සමූහයේ 1,000 වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම,  2025 අප්‍රේල් 10 වැනිදා පැවැත්වුණි. නවෝත්පාදනය, තිරසරභාවය සහ අඛණ්ඩ වර්ධනය පෙරදැරි කරගත් බවර් සමූහය, වසර 128ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම ජනතාවට ද ලබාදුන් සුවිශේෂී දායකත්වය සැළකිල්ලට ගැනීමේදී මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම මෙරට ව්‍යාපාර ලෝකය තුළ ඓතිහාසික වැදගත්කමක් සහිත අවස්ථාවක් විය.  කොළඹ කොටුවේ ඉහළ චැතැම් වීදියේ පිහිටි බවර් ගොඩනැගිල්ලේ මෙම අධ්‍යක්ෂ මණ්ඩල හමුව පැවැත්වුණි.
 



 
වර්ෂ 1897 සිට ශ්‍රී ලංකාව තුළ සිදුවූ විවිධ වෙනස්කම්වලට සුදුසු ලෙස අනුවර්තනය වෙමින් ද, විවිධ ව්‍යාපාර මානයන් ඔස්සේ ඉහළට ගමන් කරමින් ද, ගෝලීය මට්ටමේ ප්‍රමිතීන් මෙරටට හඳුන්වාදෙමින් ද අති සාර්ථක ගමන්මඟක් පසුකිරීමට බවර් සමාගමට හැකිවී තිබේ. මෙසේ බවර් සමාගමේ ප්‍රගමනය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකොට තිබේ. කෘෂිකර්මාන්තය, ඩිජිටල් පරිවර්තනය සහ සංචාරක කර්මාන්ත අධ්‍යාපනය ආදී විවිධ විෂය ක්ෂේත්‍ර තුළ සමාගම ඉදිරියට යාමට මෙම අධ්‍යක්ෂ මණ්ඩල හමු වැදගත් විය.

බවර් සමාගම විවිධ ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සාර්ථකත්වයට පත්වෙමින් තම ප්‍රජාවට සේවය කිරීමට හැකිවන ආකාරයේ සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමට ද අධ්‍යක්ෂ මණ්ඩලය හරහා ලැබුණු දායකත්වය සුළුපටු නොවේ.

2021 වසරේදී ශ්‍රී ලංකාව කාබනික කෘෂිකර්මාන්තය වෙත පරිවර්තනය වීමට ඇරඹීමත් සමඟ ක්ෂණිකව ඊට අනුවර්තනය වූ බවර් සමාගම, ස්විට්සර්ලන්තයේ FiBL සහ HAFL ආයතනවලට සහයෝගීතාව ද සමඟින් තිරසර කාබනික කෘෂිකර්මාන්තය වෙනුවෙන් මහා පරිමාණ සැලසුමක් ද දියත් කරන ලදී.

අද වනවිට කාබනික කෘෂිකර්මාන්තය වෙනුවෙන් අංග සම්පූර්ණ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද බවර් සමූහයට හැකිවී තිබේ. ඒ විවිධ පාර්ශ්වකරුවන් රැසකගේ සහයෝගය ද සමඟිනි. මෑතකදී සුපර් යූරියා පොහොර හඳුන්වා දෙමින් මෙරට පොහොර භාවිතයේ කාර්යක්ෂතාව විප්ලවීය වෙනසකට බඳුන් කිරීමට ද බවර් සමූහයට හැකිවිය. ද්විත්ව නයිට්‍රජන් ස්ථායීකරණයක් සපයන මෙම සුපර් යූරියා පොහොර මගින් අස්වැන්න වැඩිකරන අතර, පරිසර හානිය ද අවම කරයි. මෙය වර්ෂ 2030 වනවිට ගෝලීය නයිට්‍රජන් අපතේ යාම හරි අඩකින් අඩුකිරීම අරමුණු කරගනිමින් නිකුත් කළ, එක්සත් ජාතීන්ගේ කොළඹ ප්‍රකාශනයට සමගාමීව ක්‍රියාත්මක කරන ලද නව හඳුන්වාදීමක් වීම ද විශේෂත්වයකි.

කෘෂිකර්මාන්තයට අමතරව ඖෂධ බෙදාහැරීමේ ක්ෂේත්‍රය තුළ ද තම වපසරිය වර්ධනය කරගැනීමට බවර් සමාගම ක්‍රියාකර තිබේ. ගෝලීය සමාගම් සමඟ ඇතිකරගත් විශේෂ උපායමාර්ගික ගෝලීය හවුල්කාරීත්ව තුළින් මෙරටට නවීනතම ඖෂධ සහ වෛද්‍ය තාක්ෂණය ගෙනඒමටත් සමාගම කැපවී කටයුතු කර ඇත. ඒ අතර GSK, Fresenius, Nestlé Health Science, Roche, Sanofi, Isispharma , OMRON, Viatris (formerly Mylan), Sandoz, Ajanta Pharma, Novartis, Alcon, Mega, Merck, Dexa, Eisai, MSD, Encube, CheplaPharm, Johnson &  Johnson, Apex, Vitrolife, Unichem, Rohto, Medtronics, Wellch Allyn, Beckton Dickinson, සහ Geister වැනි දැවැන්ත ගෝලීය සන්නාම රැසක් වේ. තව ද මෙරට වෛද්‍ය පහසුකම් සඳහා මහජන ප්‍රවේශය වැඩිකිරීමට සහ මිල අවමකරණයට ද එමගින් අවස්ථාව උදාවී තිබේ.

බවර්හි පාරිභෝගික සේවා අංශය යටතේ ආහාරපාන, සනීපාරක්ෂක, ගෙදරදොර පවිත්‍රතා සහ පෝෂණ වැනි කාණ්ඩ කිහිපයකින් Turkey Brand, Marico, Emami, Energizer වැනි සන්නාම යටතේ නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. අති නවීන ගඩබා පහසුකම් මෙන්ම 15,000කට වැඩි ඍජු අලෙවිසැල් ආවරණය කරන පුළුල් බෙදාහැරීම් ජාලයකින් ද සමන්විත බවර් සමාගම සමස්ත දිවයිනම ආවරණය කිරීමට සමත්ව තිබේ. ‍ෙ

මේ අතර බවර් සමාගමේ කර්මාන්ත අමුද්‍රව්‍ය සැපයුම් අංශය ද ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත අංශය තුළ නමක් දිනාගෙන සිටී. විශේෂයෙන්ම as Klüber, Vanessence, Everlight, SEFAR, Argus Shanghai, Colors India, Vibrantz Nubiola, SAM-A, Soltex India, Pon Pure Chemicals, Jaysynth, Meghmani, ITW, DATACOLOR, සහ Texpro ආදී ගෝලීය සන්නාම රැසකට අයත් ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් කර්මාන්ත යෙදවුම් සැපයීමට බවර් සමාගමට හැකිවී තිබේ. Pulviver සහ Confluence Valley සන්නාමවලට අයත් අමුද්‍රව්‍ය ආහාර නිෂ්පාදන කර්මාන්තයට සපයන අතර, ඇඟලුම්, මුද්‍රණ තීන්ත, සෙරමික්, තීන්ත, ඖෂධ, ප්ලාස්ටික්, නිවාස සහ පෞද්ගලික සනීපාරක්ෂක, රබර්, සිමෙන්ති, වීදුරු, ලෝහ සහ ඇඟලුම් රසායන වැනි කර්මාන්ත ක්ෂේත්‍රවලට ද අමුද්‍රව්‍ය සපයයි. එහිදී ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් උසස් තත්ත්වයේ මෙන්ම අන්තර්ජාතික ප්‍රමිතීන්ට යටත් අමුද්‍රව්‍ය සැපයීමට බවර් සමාගම කැපවී සිටියි. නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය එක්කරගනිමින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට ශක්තියක් වීමට බවර් සමාගමට හැකිවී ඇත.

ව්‍යාපාරවලට අමතරව අධ්‍යාපනය සහ ශ්‍රම බලකා සංවර්ධනය වෙනුවෙන් ද බවර් සමූහය ඉහළ අවධානයක් යොමුකර තිබේ. තම ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය සහ තිරසර වර්ධනය සඳහා කුසලතා ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අනාගත වෘත්තිකයින් බිහිකිරීමෙහිලා ද සමාගම පෙරමුණ ගෙන ඇත. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 10ක් හරහා වර්ෂ 2025 අවසානය වනවිට මෙරට සංචාරක කර්මාන්තයට තරුණ වෘත්තිකයින් 2,240ක් නිර්මාණය කරදීමේ  බවර් සමාගමේ ඉලක්කය, නියමිත කාලයටත් පෙර ළඟාකරගත හැකිවනු නිසැක ය.

සමාගම ඩිජිටල් පරිවර්තනය තුළින් සමූහයේ අභ්‍යන්තර ක්‍රියාවලි රැසක කාර්යක්ෂමතාව නැංවීමට ද පියවර ගෙන තිබේ. ඒ අතර, විකුණුම් බලකාය ස්වයංක්‍රීයකරණය, දත්ත විශ්ලේෂණය, සයිබර් ආරක්ෂණය සහ කෘතිම බුද්ධිය පාදක කරගත් ව්‍යාපාර බුද්ධිය ආදිය මුල්තැනක් ගනී. සමාගම තම තිරසර න්‍යායපත්‍රයට ද වැඩි ඉඩකඩක් ලබාදී ඇත. එහිදී සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වැනි පුනර්ජනනීය බලශක්ති භාවිතය, පරිසර හානිය අවමකිරීම ආදියට වැඩි තැක් හිමිවේ.

සමාගමේ ස්විට්සර්ලන්ත උරුමය සහ ඇල්ෆ්‍රඩ් සහ ඉයුජිනි බවර් පදනම සමඟ ඇති සම්බන්ධතාවය ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි වගකීමක් ඇති කර තිබේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ Global Compact, ආයතනික සමාජ වගකීම් සහ පුළුල් සේවක සුභසාධන වැඩසටහන් සමඟ ඇති සම්බන්ධතාවය තුළින්, බවර්ස් සමූහය ශ්‍රී ලංකාව වෙනුවෙන් මහත් දායකත්වයක් දක්වා ඇත. සියවසකට අධික කාලයක් පුරා විහිදුණු එහි උරුමය සහ ඉදිරි වසර සඳහා ගතික දැක්මක් අඛණ්ඩව පවත්වාගෙන යමින්, බවර්ස් ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීම සඳහා සිය අඛණ්ඩ කැපවීම තහවුරු කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව