බවර් සමාගම සුපර් යූරියා සමඟින් ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයට තිරසර නයිට්‍රජන් කළමනාකරණය හඳුන්වාදෙයි

1- Baurs Super Urea trial 2 (LBN)

 



 

 

වර්ෂ 2030 වනවිට නයිට්‍රජන් අපද්‍රව්‍ය ජනනය වීම හරි අඩකින් අඩුකරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සමඟ එක්ව 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී ‘කොළඹ ප්‍රකාශනය  (Colombo Declaration) එළිදක්වන ලදී.  Nitrogen for Life නමින් එළිදැක්වුණු මෙම ප්‍රඥප්තියට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 15ක් අත්සන් තැබීය.

මෙම වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙනයමින් ඉකුත් වසරේදී ශ්‍රී ලංකාව විසින් අන්තර්ජාතික නයිට්‍රන් කළමනාකරණ පද්ධතියේ සහයෝගීතාවයෙන් පස්වැනි එක්සසත් ජාතීන්ගේ පරිසර සමුළුවට තිරසර නයිට්‍රජන් කළමනාකරණ යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. ගෝලීය නයිට්‍රජන් භාවිතයේ තිරසරභාවය නංවාලීම එහි අරමුණ විය.

ගෝලීය නයිට්‍රජන් භාවිතය ඉතාමත් අකාර්යක්ෂම අතර, අනිසි ලෙස පරිසරයට නයිටජන් මුදාහැරීම ඉතාම ඉහළ මට්ටමක පවතියි. නයිට්‍රජන් කළමනාකරණයේ දුර්වලතා සහ අධිභාවිතය හේතුවෙන් භූමිය, ජලය, ජෛව විවිධත්වය, මිනිස් සෞඛ්‍ය සහ වාතය ආදී අංශ ගණනාවක් ඔස්සේ අයහපත් බලපෑම් ඇතිකරයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හා සබැඳි ප්‍රමුඛ සමාගමක්වන බවර් සමාගම (A. Baur & Co. පුද්ගලික සමාගම) අකාර්යක්ෂම නයිට්‍රජන් භාවිතය පාලනය කරනු වස් වර්ෂ 2018 දීම සුපර් යූරියා පොහොර හඳුන්වාදීමට කටයුතු කළේය. සුපර් යූරියා යනු ඇමෝනියා වාෂ්පීයතාව සහ නයිට්‍රජන් පොහොර පසේදී නයිට්‍රීකරණය වීම අවම කිරීමේ ද්විත්ව හැකියාවෙන් යුත් පොහොර විශේෂයකි. ඒ හරහා නයිට්‍රජන් පොහොරවල කාර්යක්ෂමතාව වැඩි කරන අතර, නයිට්‍රජන් හායනය අවම කරයි. එනම් පාරිසරික බලපෑම අවම කරමින් අස්වැන්න වර්ධනය කරයි.

එතැන් සිට බවර් සමාගම, ප්‍රකට කෘෂි විද්‍යාඥයින්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨ ආචාර්යවරු සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක්ව බෝග ආශ්‍රිතව සුපර් යූරියා යොදාගනිමින් පර්යේෂණ සිදුකළ අතර, පසේ ස්වභාවය, දේශගුණය සහ බෝග වර්ගය අනුව මෙම නයිටජන් ස්ථායීකරණ කාර්යක්ෂමතාව වර්ධනය වන අයුරු නිරීක්ෂණය කරන ලදී. පර්යේෂණ සාර්ථකත්වයෙන් අනතුරුව සුපර් යූරියා පොහොර වාණිජ වශයෙන් අලෙවියට සූදානම් බව බවර් සමාගම පසුගියදා නිවේදනය කළේය.

මෙම සුපර් යූරියාවල විශේෂත්වය වන්නේ බෝගවලට නයිට්‍රජන් වැඩි වශයෙන් ලබාගැනීමට හැකිවීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස නයිට්‍රජන් පොහොරවල කාර්යක්ෂමතාව වැඩි කරගනිමින්, පාරිසරික බලපෑම අවම කරගැනීමටත්, තිරසර වගා භාවිතාවන් අනුගමනය කිරීමටත් ගොවීන්ට අවස්ථාව සැලසේ.

වර්ෂ 2021 දී රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට රජය තීරණය කිරීමත් සමඟ, ප්‍රමුඛ පර්යේෂණ ආයතන සහ විද්වතුන්ගේ දායකත්වය ද සමඟින් ශ්‍රී ලංකාවේ කාබනික සහ තිරසර කෘෂිකර්මාන්තය පිළිබඳ විශිෂ්ටත්වයේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද බවර් සමාගම පියවර ගත්තේය.

සමස්ත දකුණු ආසියාවේම වඩාත් දියුණු, අති නවීන පොහොර මිශ්‍රණ කර්මාන්තශාලාවක් බවර් සමාගම සතු ය. මෑතකදී කාබනික පොහොර වෙනුවෙන් ISO තත්ත්ව සහතිකය ලබාගැනීම වෙනුවෙන් ද බවර් රසායනාගාරය තම පළමු පියවර තැබීය. තිරසර වගා ක්‍රමවේද, අස්වනු වර්ධනය, ප්‍රජාව වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර සහතික කිරීම හා පාරිසරික බලපෑම් අවම කිරීම ආදී අංශ වෙත සමාගම දක්වන අඛණ්ඩ කැපවීම තුළ ගොවීන්ට මෙන්ම සමස්ත සමාජයටම ප්‍රතිලාභ හිමිවී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව