බවර් සමාගම, ශ්‍රී ලංකාව තුළ GSK ඖෂධ හා එන්නත් බෙදාහැරීම වෙනුවෙන් නව සහයෝගීතාවක

1- Baurs-GSK agreement sharing (LBN)

 


 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගම, ලොව ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක්වන GSK හි ඖෂධ සහ එන්නත් ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම වෙනුවෙන් පසුගියදා සුවිශේෂී සහයෝගීතාවකට එළඹුණි. ඉකුත් වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාව තුළ තම වාණිජ ව්‍යාපාර කටයුතු අවසන් කිරීම පිළිබඳ GSK සමාගම තීරණය කරතිබූ පසුබිමක, මෙම නව සහයෝගීතාව සමඟින් මෙරට ජනතාවට තවදුරටත් GSK හි ආරක්ෂිත, ඵලදායී සහ උසස් තත්ත්වයේ ඖෂධ ලබාගැනීමේ අවස්ථාව උදා වී තිබේ.

නව සහයෝගීතාවට එළඹීම වෙනුවෙන් 2023 මැයි 9 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ විශේෂ උත්සවයක් පැවැත්වුණු අතර, බවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් සහ GSK හි ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකරු/ විධායක අධ්යක්ෂක/ප්‍රධාන මූල්‍ය නිලධාරි මනෝජ් ජයවර්ධන යන මහත්වරු ද, බවර් සමාගමේ සෞඛ්‍ය සේවා අංශ අධ්‍යක්ෂ නිශාන්ත වීරසිංහ, ජෛව විද්‍යා අංශ අධ්‍යක්ෂ ගෙහාන් සෙනෙවිරත්න යන මහත්වරු ද එක්වූහ. බවර් සහ GSK ශ්‍රී ලංකා සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ, ව්‍යාපෘති කණ්ඩායම්, අංශ ප්‍රධානීහු ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අති නවීන ඩිජිටල් යටිතල පහසුකම් සහ ශක්තිමත් ව්‍යාපාරික ආකෘතිවලින් සමන්විත පුළුල් බෙදාහැරීමේ ජාලයක් සහිත ඉහළ සදාචාරාත්මක, විශ්වසනීය සහ නිපුණතාවයෙන් හෙබි ආයතනයක් ලෙස බවර් සමාගම දශක ගණනාවක් පුරා සුවිශේෂී කීර්තියක් හිමිකරගෙන සිටී. මෙම හවුල්කාරිත්වය හරහා, GSK හි විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, පර්යේෂණ සහ සංවර්ධන සහ නවෝත්පාදන නිෂ්පාදන ඉදිරියටත් වෛද්‍යවරුන්ට සහ රෝගීන්ට ලබා ගත හැකිය.

1945 වසරේදී බවර් සමාගම සෞඛ්‍ය සේවා අංශයට පිවිසීමෙන් පසු, ශල්‍ය, රෝග විනිශ්චය සහ වෛද්‍ය පෝෂණ නිෂ්පාදන සඳහා වඩාත්ම ඉල්ලුමක් ඇති ආයතනයක් බවට පරිණාමය වී ඇති අතර විශ්වසනීයත්වය, නවෝත්පාදනය, සහ ගුණාත්මකභාවය පිළිබඳ විශිෂ්ට ඉතිහාසයක් සමාගම සතුය.  බවර් සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම සහ ජාත්‍යන්තරව පිළිගත් ඖෂධ සන්නාම කිහිපයක් නියෝජනය කරන අතර, GSK හි හවුල්කාරිත්වය තුළින් ද එය තවදුරටත් පිළිබිඹු වේ.

ශ්‍රී ලංකාව තුළ බවර් සමාගම මගින් බෙදාහරනු ලබන ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සන්නාම අතර Sanofi, Novartis, Sandoz, Nestlé Health Science, Merck, Roche, isispharma, MSD, Vitrolife, Unichem, Apex, Alcon, Vaitris, Inova, Santen, Eisai, Mega life Science, Rohto, Dexa Medica, Takeda සහ Ajanta Pharma වේ.

බවර් සමාගම, නිෂ්පාදකයාගේ සිට රෝගියා තෙක් අවසානය දක්වා වූ සිය ක්‍රියාකාරකම් සඳහා ඉහළම මට්ටමේ පාලනයක් සහ අනුකූලතාවක් පිරිනමයි. සිය පුළුල් බෙදාහැරීම් සහ ශක්තිමත් අලෙවිකරණ නිපුණතා මෙන්ම, ශීතාගාර ආශ්‍රිත සැපයුම් දාම කළමනාකරණයේ කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූලව දිවයින පුරා නිෂ්පාදන බෙදාහැරීමේ ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමට බවර් බලාපොරොත්තු වේ.

රෝගවලින් නිවාරණය වෙනුවෙන් විද්‍යාව, තාක්ෂණය සහ දක්ෂතා එකට එකතුකිරීමේ අරමුණ ඇතිව, 2030 වසර අවසන් වන විට බිලියන 2.5 ක ජනතාවගේ සෞඛ්‍යයට ධනාත්මක බලපෑමක් ඇති කිරීම GSK හි අරමුණයි.

GSK

GSK විසින් ප්‍රධාන චිකිත්සක ක්ෂේත්‍ර හතරක් හරහා එන්නත් සහ ඖෂධ පිළිබඳ පර්යේෂණ ප්‍රමුඛත්වය ලබා දෙයි. ඒවා වන්නේ බෝවන රෝග, HIV, පිළිකා රෝග සහ ප්‍රතිශක්ති විද්‍යාව යනාදියයි.  ඒ අතරම මෙම චිකිත්සක කෂේත්‍ර බලගැන්වීමට මුල් වී ඇත්තේ  ප්‍රතිශක්තිකරණ පද්ධතියේ විද්‍යාව, මානව ජාන විද්‍යාව සහ උසස් තාක්ෂණයන් කෙරෙහි බවර් හි පර්යේෂණ සහ සංවර්ධන අවධානය යොමු වීමයි.

මෙරට තුළ, GSK යනු Augmentin (Amoxicillin/ clavulanic acid) සමඟ ප්‍රතිජීවක වෙළෙඳපොළේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන අතර, Seretide (Salmeterol, Fluticasone propionate) ඇතුළු ළමා හා වැඩිහිටි එන්නත් සඳහා බොහෝ චිකිත්සක ක්ෂේත්‍ර සඳහා එන්නත් සපයන ප්‍රමුඛතම සමාගම ද වේ..

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව