බවර් සමාගමේ අනෝජා බස්නායක, ප්‍රථම ජාතික ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී ලැයිස්තුවට තේරී පත්වෙයි

Baurs Anoja Basnayake with the Award

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගමේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා අනෝජා බස්නායක, ශ්‍රී ලංකා පරිගණක සංගමය පළමු වරට ප්‍රකාශයට පත්කරන ලද 2023 ජාතික ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී ලැයිස්තුවට තේරීපත්ව තිබේ. ඒ ඇය, මෙරට තාක්ෂණ අංශයට ලබාදුන් දායකත්වය අගයමිනි.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තීකයින්ගේ ඉහළම වෘත්තීය සමාජයවන ශ්‍රී ලංකා පරිගණක සංගමය විසින් ජාතික ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී ලැයිස්තුව 2023 දෙසැම්බර් 12 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රකාශයට පත්කෙරුණි. එහිදී මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ප්‍රමුඛ දායකත්වයක් දුන් පුද්ගලයින් ඇගයීමට ලක්විය. ලොව පුරා සියලු කර්මාන්ත ඩිජිටල් පරිවර්තනයකට ලක්වෙමින් පවතින වර්තමානයේදී ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුරේ භූමිකාව ද දැඩි වෙනසකට ලක්ව තිබේ. එනම්, අතීතයේ හුදෙක් සහායක භූමිකාවක් පමණක් වූ එම තනතුර වර්තමානයේදී වඩාත් ක්‍රමෝපායික වැදගත් තනතුරක් ලෙස අවධානයට ලක්ව තිබේ. ජාතික ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී ලැයිස්තුව සකස් කිරීමේදී ඒ පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුවිය.

වර්ෂ 2008 දී තොරතුරු තාක්ෂණ කළමනාකාරිණියක ලෙස බවර් සමාගමේ සේවයට එක්වීමට පෙර අනෝජා, බ්‍රැන්ඩික්ස්, PricewaterhouseCoopers සහ හේලීස් වැනි මෙරට ප්‍රමුඛ සමාගම් කිහිපයකම සේවය කර තිබුණාය. බවර් සමාගම SAP S/4 HANA 2020 ක්‍රමවේදය SAP Analytics Cloud Live reporting සමඟ ආදේශ කිරීමේ ක්‍රියාවලියේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකාව ලෙස අතිශය වැදගත් කාර්යභාරයකට ඇය දායක වූවාය.  SAP Analytics Cloud Live reporting ක්‍රමවේදය භාවිතයට ගත් ශ්‍රී ලංකාවේ පළමු සමාගම වූයේ ද බවර් සමාගමයි.

ඉන් අනතුරුව සමාගමේ ඩිජිටල් පරිවර්තනය තවදුරටත් වර්ධනය කළ RISE ABC ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ හරහා සමාගමේ මෙහෙයුම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමටත්, නවීන විසඳුම් හඳුන්වාදීමටත් හැකිවිය. තව ද, කෘතිම බුද්ධි තාක්ෂණය, ML ශක්‍යතා ඇතුළු නවීන තාක්ෂණික නවෝත්පාදන ඇතුළත් S/4 HANA ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීමටත් එය මුල්විය.

වසර 25කට අධික කාලයක කළමනාකරණ සහ තාක්ෂණික අත්දැකීම් සහිත අනෝජා බස්නායක, නව්‍යකරණය සහ නවීන තාක්ෂණ ප්‍රවර්ධනයට සිය විශේෂඥ දැනුම එක්කරයි. Project Management Institute, USA Colombo Chapter හි වෘත්තීය සංවර්ධන උප සභාපතිනිය ලෙස ද කටයුතු කරන ඇය, සහතිකලත් ව්‍යාපෘති කළමනාකරණ වෘත්තිකයෙකි. ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ ද සාමාජිකත්වය උසුළන ඇය, එහි නවෝත්පාදන සහ තාක්ෂණ කමිටුවට ද තම සේවය ලබාදෙයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ විශේෂ විද්‍යාවේදී (ගෞරව) උපාධිධාරිනියක වන අනෝජා බස්නායක, සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් සිය වෘත්තීය අධ්‍යාපනය ලබාගෙන තිබේ.

ජාතික ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී ලැයිස්තුව සකස් කිරීමේදී විශේෂ නිර්ණායක 12ක් යටතේ ඇගයීම් සිදුකර තිබුණි. ඒවා නම්, ක්‍රමෝපායික තොරතුරු තාක්ෂණ විචක්ෂණශීලිත්වය, පරිවර්තන කළමනාකරණය, ව්‍යාපාර මනස, ඩිජිටල් උපදේශනය, මෙහෙයුම් විශිෂ්ටත්වය, කාර්යසාධන නැඹුරුව, මූල්‍ය විනය, අවදානම් කළමනාකරණය, දක්ෂතා කළමනාකරණය, නායකත්වය සහ වෘත්තීය විශිෂ්ටත්වය, ගෝලීය අත්දැකීම් සහ නෛතික අනුකූලතාව යන නිර්ණායක ය.

ශ්‍රී ලංකාවට IBM පරිගණක ආගමනයෙන් අනතුරුව වර්ෂ 1982 දී බවර් සමාගම ඩිජිටල් පරිවර්තනයට පෙරමඟ සලකුණු කිරීමට සමත්විය. එතැන් පටන් සයිබර් ආරක්ෂණය, ආපදා පූරණය කරගැනීම, ML, AI, IoT ආදී කාලානුරූපී තාක්ෂණික වෙනස්කම් වැළඳගැනීමට සමාගම ක්‍රියාකර තිබේ. හුදෙක් ජංගම බව, දත්ත සහ විශ්ලේෂණ ආදියෙන් ඔබ්බට ගොස් විකුණුම් කාර්යමණ්ඩල ස්වයංක්‍රීයකරණයට පියවර ගත් සමාගම, තවදුරටත් ගෝලීය තාක්ෂණික සහකරුවන් හා නව සබඳතා ගොඩනඟාගැනීමට කටයුතු කරමින් සිටියි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව