බවර් සමාගමට SAP Dare to Dream Awards 2023 සම්මාන උළෙලේදී සුවිශේෂ ඇගයුම් සම්මානයක් හිමිවෙයි

1 - Baurs SAP Award (LBN)

 



 

 

තිරසර ඩිජිටල් පරිවර්තනයක් උදෙසා ගනු ලැබ ඇති ප්‍රයත්න අගය කරමින්, පසුගියදා පැවැති Dare to Dream Awards 2023 ශ්‍රී ලාංකික සම්මාන උළෙලේදී Finance Transformation සම්මානය දිනාගැනීමට මෙරට ප්‍රමුඛතම විවිධාංගීකරණ සමූහයක්වන A Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම සමත් විය. Dare to Dream Awards 2023 යනු John Keells IT හි සහයෝගීතාව ද, EY හි දැනුම් සහයෝගීතාව ද සමඟ SAP මගින් සංවිධානය කරන ලද සුවිශේෂ සම්මාන උළෙලකි.

බවර් සමාගම ඉකුත් වසර තුළ SAP තාක්ෂණය සහ විසඳුම් භාවිත කරමින් හඳුන්වා දෙන ලද, නවෝත්පාදන, ක්ෂණික පරිවර්තන සහ ව්‍යාපාරය තුළ ඇති කළ පරිවර්තන ක්‍රියාකාරම්, මෙම සම්මානය හරහා ඇගයීමට ලක්විය.

2021 වසරේදී බවර් සමාගම SAP Analytics Cloud Live reporting තාක්ෂණය වැළඳගනිමින් SAP S/4 HANA 2020 ක්ලවුඩ් භාවිතය ආරම්භ කළ අතර, එම පරිවර්තනයට යොමු වූ ප්‍රථම ශ්‍රී ලාංකික සමාගම බවට ද පත්විය. Cloud migration, technical migration with integration platform conversion, S/4 HANA migration with business process re-engineering, SAP Mobility Platform සහ SAP Analytics Cloud භාවිතයට ගැනීම යනාදිය මෙම ඩිජිටල් පරිවර්තනයට ඇතුළත් විය.

ඒ සමඟින්, RISE ABC ව්‍යාපෘතිය ද ආරම්භ කෙරුණු අතර, බවර් සමාගමේ ව්‍යාපාර ක්‍රියාවලියට SAP තාක්ෂණය තවදුරටත් භාවිත කිරීමට එහි අභිප්‍රාය විය. එහි ප්‍රතිඵලය වූයේ, මෙහෙයුම් ක්‍රියාවලිය තවදුරටත් ප්‍රශස්ත කරගනිමින් සහ කාලීන නවෝත්පාදන විසඳුම් භාවිතයට ගනිමින් සමාගමේ ඩිජිටල් පිය සටහන් වඩාත් ප්‍රසාරණය කරගැනීමට හැකිවීම යි.

ව්‍යාපෘතිය ආරම්භ වූයේ කොවිඩ්-19 වසංගතය ඉතා උත්සන්නව තිබුණු අවධියක දී ය. එම නිසා ප්‍රථමයෙන් මාර්ගගත නොවන අන්දමින් අදියර ලෙස ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් අදාළ පාර්ශ්ව සම්බන්ධ කරගනිමින් ව්‍යාපෘතිය ආරම්භ විය. විවිධ බාධක හමුවේ වුව ද නියමිත කාලසීමාව සහ පිරිවැය තුළම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමට බවර් සමාගමට හැකිවිය.

මෙම ව්‍යාපෘතිය මගින් බවර් සමාගමට ලැබුණු ප්‍රතිලාභ බොහෝමයකි. ව්‍යාපාර ක්‍රියාවලිය සරලවීම සහ ස්වයංක්‍රීයකරණය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඩිජිටල්කරණය, S/4 HANA Finance & Controlling  වැනි නවතම විශේෂාංග හරහා මූල්‍ය ක්‍රියාවලි නවීකරණය කිරීම ආදිය ඒ අතර වේ. මේ සියලු ප්‍රතිලාභ හරහා සමාගමේ කාර්යක්ෂමතාව, ඵලදායීතාව, ආරක්ෂාව මෙන්ම ව්‍යාපාර අනුකූලතාව ද විශාල වශයෙන් දියුණු විය.

මීට අමතරව, S/4 HANA පහසුකම ද බවර් සමාගම විසින් භාවිතයට ගැනිණි. S/4 HANA යනු AI, ML හැකියාවන්ගෙන් යුත් IOT, RPA and blockchain තාක්ෂණයන්ගෙන් ද පරිපූර්ණ විසඳුමකි.

ශ්‍රී ලංකාවට IBM සමාගම පැමිණීමත් සමඟ 1982 වසරේදී ම ඩිජිටල් පරිවර්තනයට යොමු වුණු පළමු ශ්‍රී ලාංකික සමාගම් අතරට බවර් සමාගම ද අයත් වේ. එතැන් පටන් අඛණ්ඩව ඩිජිටල් පරිවර්තනය කෙරෙහි බවර් සමාගම දැඩි උනන්දුවක් දැක්වීය. කාලයත් සමඟ සිදුවන තාක්ෂණික වෙනස්කම් ඉක්මණින් වැළඳගත් බවර් සමාගම, සයිබර් ආරක්ෂාව, ආපදා ප්‍රතිසාධන විසඳුම්, machine learning, කෘතිම බුද්ධිය සහ IoT වැනි තාක්ෂණික වෙනස්කම්වලට ද වේගයෙන් යොමුවිය. එමෙන්ම ජංගමකරණය, දත්ත සහ විශ්ලේෂණය ආදියෙන් ඔබ්බට ගොස් ව්‍යාපාර සහ ව්‍යාපාර මාධ්‍ය ඒකාබද්ධ කිරීම තුළින් තම විකුණුම් බලකාය ස්වයංක්‍රීයකරණය කිරීමට ද බවර් සමාගම පෙරමුණ ගෙන තිබේ

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව