බවර් රසායනාගාර සේවාව කාබනික පොහොර සඳහා පිරිනැමෙන ISO ප්‍රමිතිකරණය හිමිකරගනියි

1- Baurs receiving ISO (LBN)

 



 

 

ස්විස් සම්ප්‍රදායන් උරුම කරගත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගම කාබනික පොහොර රසායනාගාර පරීක්ෂාව වෙනුවෙන් පසුගියදා අන්තර්ජාතික ප්‍රමිති සහතිකය හිමිකරගැනීමට සමත්විය. නවෝත්පාදන පිළිබඳ දිගු ඉතිහාසයක් සතු බවර් සමාගම යනු මෙරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයකි.

ඒ අනුව කාබනික පොහොර පරීක්ෂාව වෙනුවෙන් පිරිනමන ISO/IEC 17025 සහතිකය බවර් රසායනාගාර සේවාවට හිමිවිය. කළමනාකරණ පද්ධති, තාක්ෂණික කුසලතා සහ රසායනාගාර පරීක්ෂණ වලංගුතාව ඇතුළු විවිධ ප්‍රමිතීන් සහ සුදුසුකම් ගණනාවක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉකුත් අප්‍රේල් මාසයේදී මෙම සහතිකය පිරිනැමුණි.

ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ පාර්ශ්වකරුවන් රාශියක් සමඟ සක්‍රීයව සම්බන්ධ වෙමින් මෙරට කෘෂිකර්මාන්තයේ තිරසර සංවර්ධනය වෙනුවෙන් බවර් සමාගම අනුගමනය කළ විශිෂ්ට ක්‍රියාවලියේ සන්ධිස්ථානයක් ලෙස මෙම සහතිකය හඳුන්වාදිය හැක. තව ද මෙම ජයග්‍රහණය සමඟින් තවදුරටත් තිරසර වගා භාවිත ප්‍රවර්ධනය කිරීමටත්, අස්වනු සහ වර්ධනය වැඩිදියුණු කරගැනීමටත්, ජනතාවට වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාදීමටත්, ගොවීන්ට සහ සමස්ත ප්‍රජාවට ඇතිවන පාරිසරික හානි අවම කරගැනීමටත් බවර් සමාගමට අවස්ථාව සැලසෙයි.

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂි පරිවර්තනයේ ඉදිරියෙන්ම සිටින බවර් සමාගම, ඒ වෙනුවෙන් පසුගිය කාලයේ කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ ගෝලීය විශේෂඥයින්ගේ සම්පත් දායකත්වයෙන් දැනුම බෙදාගැනීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීය. එමෙන්ම විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමට දේශීය පාර්ශ්වකරුවන් රැසක් සමඟ ද එක්ව ක්‍රියාකිරීමට බවර් සමාගම පියවර ගත්තේය.

මෙසේ කාබනික පොහොර පරීක්ෂාව සඳහා අන්තර්ජාතික සහතිකය ලබාගැනීම තුළින් සෙසු සමාගම්වලට ද ආදර්ශයක් සැපයීමට බවර් සමාගමට හැකිවීම තවත් විශේෂත්වයකි. වෙසෙසින්ම ISO-17025-2017 සහතිකය ලබාගැනීම තුළින් නිරවද්‍ය, විශ්වාසනීය සහ ගෝලීය මට්ටමේ කාබනික පොහොර පරීක්ෂණ සේවාවක් ලබාදීමට බවර් සමාගමට අවස්ථාව උදා වේ.

බවර්හි රසායනාගාර සේවාව මීට ඉහතදී එනම්, 2015 වසරේදී කාබනික නොවන පොහොර පරීක්ෂාව සඳහා ප්‍රතීතනය ලබාගත් අතර, පසුගිය කාලය තුළ පුරෝගාමී සහ නවීන රසායනාගාර සේවාවක් බවට පත්විය. ඊට ISO අන්තර්ජාතික සහතිකකරණය සහිත පොහොර පරීක්ෂණ ක්‍රම රාශියක් ඇතුළත් විය. වර්ෂ 1997 සිට බවර් රසායනාගාර සේවාව ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ සහතික (SLS) සහ අන්තර්ජාතික ප්‍රමිතිකරණ සහතික (ISO) පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව