බණ්ඩාරවෙල ශාන්ත ජෝෂප් විදුහලේ නිල ඇඳුම් සහකරු ලෙස Ovitiyas සමූහය අත්වැල් බැඳ ගනියි

2E1A652ds9_copy-removebgr5r5 (LBN)

මෙරට හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කළමනාකරණ ආයතනයක් වන Ovitiyas සමූහය බණ්ඩාරවෙල ශාන්ත ජෝෂප් විදුහල සහ බණ්ඩාරවෙල මධ්‍යම මහා විද්‍යාලය අතර අප්‍රේල් මස 5 සහ 6 දෙදින සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘ඌව මහ රන් සටන‘ වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමේදී ශාන්ත ජෝෂප් විදුහල් පිලේ නිල ඇඳුම් සහකරු ලෙස අත්වැල් බැඳ ගත්තේය.

 



 

‘ඌව මහ රන් සටන‘ සඳහා සිය හෝටල් සමූහයේ දායකත්වය ලබාදීම පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂිකා ඩිෂානි ධර්මසිරි මහත්මිය කියා සිටියේ මේ වසරේ ඌව මහ රන් සටනේදී ශාන්ත ජෝෂප් විදුහලේ නිල ඇඳුම් සහකරු ලෙස කටයුතු කිරිමට ලැබීම ගැන ඉමහත් ආඩම්බරයට පත්වන බවය. තරුණ දක්ෂතා සඳහා සිය හෝටල් කළමනාකරණ සමූහයේ කැපවීම ඉස්මතු කරමින් තරගයේ ප්‍රමිතිය ඉහළ නැංවීමට ද අපේක්ෂා කරන බව ඇය වැඩිදුරටත් කීවාය.  මෙම හවුල්කාරීත්වය සමඟ ඉදිරි වසර ගණනාවකට මතකයේ රැඳෙන උද්යෝගීමත් ‘බිග් මැච්‘ අත්දැකීමක් අපේක්ෂා කරන බවත් ඩිෂානි ධර්මසිරි මහත්මිය ප්‍රකාශ කළාය.

Ovitiyas සමූහයේ වත්මන් මෙහෙයුම් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ගමනාන්ත කිහිපයකට විහිදී ඇති අතර, එමගින් හෝටල් කළමනාකාරීත්වයේ විශිෂ්ටත්වය සඳහා කීර්තියක් අත්කරගෙන සිටි.

මෙම විශිෂ්ට පාසල් මහා ක්‍රිකට් ගැටුමේ 18 වැනි අවස්ථාව සඳහා  Ovitiyas සමූහය සපයනු ලබන කාර්යභාරය ඌව මහ රන් සටනේ ශාන්ත ජෝෂප් විදුහල සමඟ සිදු කළ නව සහයෝගීතාව තුළින් පෙන්නුම් කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව