පොලී රහිතව ඩෙබිට් කාඞ් එකෙන් ටික ටික ගෙවන්න Koko

Webp.net-resizeimage




 

ශ්‍රී ලංකාවේ පළමු වරට ඩෙබිට් කාඞ්පත් හිමියන්ටත් සීමා මායිම්වලින් තොරව ඔන්ලයින් හා  ඕෆ්ලයින් යන  ඕනෑම ආකාරයකට සාප්පු සවාරියේ යෙදීමේ අවස්ථාව Alibaba සමූහයේ Daraz කණ්ඩායමෙන් හඳුන්වා දෙන නවතම මොබයිල් ඇප් එක වන Koko වෙතින් හිමිකර දී තිබේ. Koko ඇප් එක මගින් “දැන් මිලදී ගන්න – පස්සෙ ගෙවන්න” (Buy Now, and Pay Later)  තේමාවෙන් යුතුව පොලී රහිත වාරික 3 කින් මුදල් ගෙවීමේ අවස්ථාව හඳුන්වා දී ඇති නිසා උත්සව සමයේ ඔබේ සාප්පු සවාරියට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

Koko ඇප් එක ඩෙබිට් කාඞ්පත් වෙනුවෙන් හඳුන්වාදෙන වාරික 3 කින් මුදල් ගෙවීමේ ක‍්‍රියාවලිය දින 60 කටත් වඩා දීර්ඝ කරවාගැනීමේ හැකියාව පවතියි. සාම්ප‍්‍රදායික මුදල් ගෙවීම් ක‍්‍රමයන්ගේ මෙන් Koko හි  මුදල් රැඳවීමේ සීමාවන් පනවා නොමැත. ඔබේ භාණ්ඩ අවශ්‍යතාව පසුම්බියට බරක් නොදැනෙන්නට සම්පූර්ණ කරගැනීමේ සැනසිල්ල හිමිකරදෙන Koko කාටත් ආර්ථික දුෂ්කරතා ඇති වෙන මෙවැනි කාලයකට වඩාත් ගැලපෙන මුදල් හසුරවීමේ ක‍්‍රමවේදයකි.

ඔබේ ජංගම දුරකතනයට ඉතා පහසුවෙන් ඩවුන්ලෝඞ් කරගෙන ලියාපදිංචි විය හැකි Koko ඇප් එක  ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකි සරල හා හුරුබුහුටි නිමාවකින් යුක්තය. මිනිත්තුවක් වැනි කෙටි කාලයකින් ඩවුන්ලෝඞ් වෙන Koko ඇප් එකට මුදල් ගෙවීමේ සීමාව ඉතාමත් කෙටි කාලයක් ඇතුලත සක‍්‍රීය වේ. ණදනද ඇප් එකෙන් ඩෙබිට් කාඞ්පත් භාවිතා කොට සිදුකෙරෙන online හෝ in-store මිලදී ගැනීම් සඳහා රුපියල් 15,000 ක සීමාව දක්වා ගනුදෙනු කිරීමේ පහසුකම හිමි වේ. Koko ඇප් එක ඩවුන්ලෝඞ් කරගැනීමෙන් පසු shopping tab එක හරහා සාප්පු සවාරිය ඇරඹිය හැකිය. භාණ්ඩ මිලදී ගැනීමට ප‍්‍රථමයෙන් ඇප් එකේ My Koko වෙතට ගොස් එයට ඔබේ ඩෙබිට් කාඞ්පත සම්බන්ධ කළ යුතුය. මුදල් ගෙවීමේ සීමාව වැඩි කරගැනීම සඳහා ජාතික හැඳුනුම්පතේ පිටපතක්, ආසන්නතම වැටුප් වාර්තා සහ තමා නමට ගෙවන ලද වෙනත් බිල්පත් කිහිපයක් upload කළ යුතු අතර ඒ හරහා Koko අදාල පාරිභෝගිකයාගේ පසුව මුදල් ගෙවීමේ හැකියාව පිළිබඳ තක්සේරුවකට එළඹෙයි.

100,000 කට වැඩි පාරිභෝගිකයන් පිරිසක්  සහිත Koko කාලයේ තාලයට ගැලපෙන නම්‍යශීලී මුදල් ගෙවීමේ ක‍්‍රමවේදයක් සොයන අය වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දකි. 500 කට අධික අලෙවිකරුවන් පිරිසක් සහ නවතම වෙළෙඳ නාම රැුසක් අත්වැල් බැඳගෙන සිටින Koko ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළ මුදල් ගෙවීමේ ක‍්‍රමවේදයන් අතර නව්‍යකරණයෙන් පෙරමුණ ගෙන සිටියි. ඉලෙක්ට්‍රොනික් උපකරණ, ඇඳුම් පැළඳුම් හා විලාසිතා, ශරීර සුවතා හා කායවර්ධන උපකරණ ඇතුළු එදිනෙදා දිවිය පහසු කරන භාණ්ඩ රැසක් Koko සතුව පවතියි. ඔන්ලයින් පරීක්ෂා කිරීමකින් හෝ ෆේස්බුක් හා ඉන්ස්ටග‍්‍රෑම් පණිවුඩයකින් ඔබ කැමතිම භාණ්ඩ ඔබේ සිතැඟි පරිදි තෝරාගනිමින් පහසුවෙන් මිලදී ගැනීමට Koko උපකාරී වේ. Koko භාවිත කරන ඔබට ඇප් එක තුළ ඔබ හඳුනාගත් භාණ්ඩ, එය ඉදිරිපත්කොට ඇති ආයතනයේ භෞතික වෙළෙඳසැලකට ගොස් අදාල QR Code ස්කෑන් කොට මිලදී ගැනීමට අවස්ථාව ද හිමි වේ.

Koko හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී එහි පළමු වාරිකය අයකරගන්නා අතර ඉතිරි වාරික 2 මාස 2 ක් ඇතුලත ගෙවීමට හැකිය. තමා සිදු කළ මිලදී ගැනීම්වල විස්තර Koko ඇප් එක තුළ සටහන් වන අතර පාරිභෝගිකයන්ගේ පහසුව උදෙසා දැනට මිලදී ගනිමින් සිටින භාණ්ඩයන්ගේ මිල ගණන් එකතුවත් ඇප් තිරය මත සටහන් වේ. යම්හෙයකින් පාරිභෝගිකයාට ගිවිස ගත් දිනයට මුදල් ගෙවීමට නොහැකි වුවහොත් ඒ පිළිබඳව හා ප‍්‍රමාද ගාස්තු ඇතුළු විස්තර ද Koko ඇප් එක හරහා දැනුවත් විය හැකිය.

ශ්‍රී ලාංකිකයන්ගේ සාප්පු සවාරි සංස්කෘතියේ පෙරළිකාර වෙනසක් සිදු කළ Koko ඇප් එක සීතල නත්තලේ අසිරියට උණුසුම් ප‍්‍රබෝධයක් එක් කරමින් තෝරාගත් නිෂ්පාදන රැසක් සඳහා 30‍% දක්වා වට්ටම් සමග ආකර්ෂ ර්‍ණය දීමනා රැසක් හඳුන්වා දී තිබේ. නත්තලේ ඔබේත් පවුලේත් හිතමිතුරන්ගේත් සතුට වෙනුවෙන් අදම Koko සමග එක්ව සාප්පු සවාරියේ යෙදෙන්න, “දැන් මිලදී ගන්න – පස්සෙ ගෙවන්න”




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව