Picture1

ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂණික අවන්හල් සේවා ජාලය වන පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් පුද්. සමාගම [Perera & Sons Bakers Private Limited (P&S)] තම පස්යාල නිෂ්පාදන ඒකකයේ 125kWp බලශක්ති ජනන හැකියාවක් සහිත පියසි මත සවිකරන PV සූර්ය බලශක්ති පද්ධතියක් සවිකිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය පරිසර හිතකාමී ලෙස ව්‍යාපාර කටයුතු සිදුකිරීම සඳහා පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම දරන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරකි.

 



 

Vislam Energy Lanka (පුද්.) සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය සමග එක් වී 2024 වසරේ මැයි මාසයේදී මෙම සූර්ය බලශක්ති පද්ධතිය ක්‍රියාත්මක කරන ලදි. මෙමගින් වසරකට පරිසර හිතකාමී බලශක්තිය කිලෝවොට් පැය 181,500 ක් ජනනය කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, මෙමගින් වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කිලෝග්‍රෑම් 127,050 කින් පහළ යනු ඇත.

1902 වසරේදී ආරම්භ වූ පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම මේ වනවිට දිවයින පුරා අලෙවිසැල් 214 කට වැඩි සංඛ්‍යාවක් විවෘත කර තිබේ. මෙම අලෙවිසැල් වෙතින් පාරිභෝගිකයන්ට උසස්ම ප්‍රමිතියෙන් යුත් ප්‍රණීත ආහාරපාන සාධාරණ මිලගණන් යටතේ ලබාගත හැක. එමෙන්ම පාරිසරික සහ සමාජයීය යහපත උදෙසා සමාගම මේ වනවිට තවත් වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබේ.

“මෙවැනි පරිසර හිතකාමී හා තිරසාර පියවරක් තබමින්, පස්යාල කර්මාන්තශාලාවේ සූර්ය බලශක්ති පද්ධතියක් සවිකිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙමගින් අපගේ කාබන් පියසටහන අවම කිරීමට මෙන්ම, අවට කර්මාන්තශාලාවලට ඉතා හොඳ ආදර්ශයක් ලබාදීමට අපට හැකියාව ලැබෙනවා. පරිසරයේ යහපත වෙනුවෙන් ඉදිරියටත් මෙවැනි පියවර ගැනීමට අප සූදානම්.” පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගිහාන් පෙරේරා මහතා පැවසී ය.

මෙම සූර්ය බලශක්ති පද්ධතිය එම ප්‍රදේශයේ මෙතෙක් සවිකළ විශාලතම සූර්ය බලශක්ති පද්ධතිවලින් එකක් ලෙස සැලකේ. මෙමගින් ජනනය වන විදුලිය ජාතික විදුලිබල පද්ධතියටද එක්වන අතර, එය රටේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීම සඳහා රුකුලක් වනු ඇත. එමෙන්ම මෙය තිරසාරත්වය ඔස්සේ වඩාත් පරිසර හිතකාමී අනාගතයක් නිර්මාණය කිරීම සඳහා පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම දරන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයකි.

පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගමේ සමාජයීය හා පාරිසරික වැඩසටහන්, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක හා සමගාමී වන ආකාරයට සැලසුම් කර ඇත.  විශේෂයෙන්ම ඉලක්ක අංක 06 (පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව), 10 (අව අසමානාත්මතා) සහ අංක 12 (වගකීමෙන් යුතු පරිභෝජනය සහ නිෂ්පාදනය) යන ඉලක්කවලට සමගාමීව ඒවා සැලසුම් කර තිබේ. මෙම ඉලක්කවලට මුල් තැන දෙමින්, නැවුම් ක්‍රමෝපායන් සහ හවුල්කාරීත්වයන් ඔස්සේ, සමානාත්මතාවයෙන් යුත් සහ පරිසර හිතකාමී අනාගතයක් නිර්මාණය කිරීම සඳහා පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම කැප වී සිටී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව