පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන ඇරැඹේ

DSC_0028 (LBN)

 


 

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණු සංවර්ධන කමිටුව එක්ව සංවිධාන කරනු ලැබූ පුහුණුකරුවන් පුහුණු කිරීමේ පළමු මට්ටමේ වැඩසටහන කොළඹ, මෙට්ලන්ඩ් පෙදෙසේ, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී ආරම්භ විය. ශ්‍රී ලංකාවේ විවිධ පළාත් නියෝජනය කරමින් පුහුණුකරුවන් 52 දෙනකු එම සිව්දින වැඩසටහනට එක්වී සිටිති.

දිවයින පුරා විසිරී සිටින යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දැනුම හා ප්‍රවීණත්වය සපයා දෙනු ලබන මෙරට පුහුණුකරුවන් දැනුවත් කිරීම අරමුණු කරමින් එම වැඩසටහන පැවැත්වෙයි. විවිධ වයස් කාණ්ඩවල පසුවන විවිධ නිපුණතා මට්ටම්වලින් සමන්විත එම පුහුණුකරුවන් එම වැඩසටහනේ පුහුණු සැසි මගින් විශේෂිත පුහුණුවක් ලබා ගනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව