
පුත්තලම දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශුරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. විවිධ කාණ්ඩ යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන මෙම ශූරතාවලිය ලබන මැයි මස 26 වැනිදා සිට ජූනි මස 1 වැනිදා දක්වා වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බර්ට් එෆ්. පීරිස් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන අතර, අයැදුම්පත් බාර ගැනීම මැයි මස 16 වැනිදායින් නිමාවට පත්වෙයි.
ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරිම්වල පළමු මට්ටමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශුරතාවලියට අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ දක්වා කනිෂ්ඨ අංශය, අවුරුදු 30න් ඉහළ සහ අවුරුදු 70න් ඉහළ ජ්‍යෙෂ්ඨ අංශය සමඟ ඒකල, යුගල හා මිශ්‍ර යුගල තරග ඇතුළත් කාන්තා හා පිරිමි විවෘත තරග අංශය ඇතුළත්ය.
තරගාවලියේ සමාරම්භක උත්සවය මැයි මස 26 වැනිදා උදෑසන පැවැත්වෙන අතර, එදින සිට මූලික වටයේ තරග ආරම්භ වීමට නියමිතය. අනතුරුව මැයි මස 29 වැනිදා අවසන් 16 සහ අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන අතර, අවසන් මහා තරග සහ සමාප්ති උත්සවය ජූනි මස 1 වැනිදා පැවැත්වීමට නියමිතය.
මැයි මස 19 වැනිදා වන විට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව තරග පෙළගැස්ම මැයි මස 22 වැනිදා කොළඹ 7, කේම්බ්‍රිජ් ටෙරසයේ අංක 2 ස්ථානයේ පැවැත්වෙනු ඇත.
ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කුසලාන, පදක්කම් හා සහතිකපත්වලට අමතරව රුපියල් 7,50,000ක මුදල් ත්‍යාග පිරිනැමෙන පුත්තලම දිස්ත්‍රික් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශුරතාවලියේ කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වටිනා ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.
මේ සඳහා අයැදුම්පත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ වෙබ් අඩවිය ඔස්සේ හෝ 0761759017 දුරකතන අංකයෙන් සදීෂ ආදිත්‍ය ඇමැතීමෙන් ලබාගත හැකිය. පුත්තලම දිස්ත්‍රික් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශුරතාවලියට McFoil, Mobil, Li-Ning, 3M සහ GAC.අනුග්‍රාහකත්වය සපයනු ලබයි.