පීපල්ස් ලීසිං සමාගම CSE Masterminds Quiz – 2022 හි මුල්‍ය අංශයේ ප්‍රථමයා බවට පත් විය

PLC - Winner in Finance Category at the CSE Masterminds Quiz - 2022 (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මුල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං සමාගම විසින් කොළඹ කොටස් වෙළදපොල මඟින් සංවිධානය කළ Masterminds Quiz – 2022 හි 4වන අදියරයේ මූල්‍ය අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනිමට සමත් විය.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පසුගියදා පැවති මෙම තරඟාවලියට දිවයින පුරා පිහිටි පෞද්ගලික හා රාජ්‍ය අංශයේ බැංකු හා බැංකු නොවන මුල්‍ය ආයතන නියෝජනය කරමින්  කණ්ඩායම් 67ක්  තරඟ වැඳුණි.

සහභාගි වූ කණ්ඩායම් ඔවුන්ගේ මුලික ව්‍යාපාරික ක්ෂේත්‍රය මත පදනම්ව කාණ්ඩ 7කට බෙදා එක් එක් කාණ්ඩයන් හි විශිෂ්ටතා ඇගයිමට ලක් කෙරුණු අතර ප්‍රධාන වශයෙන්  මෙම තරඟයේදී අවධානය යොමුවූයේ ගෝලීය ආර්ථික සහ ප්‍රාග්ධන වෙළඳපොල, කි්‍රීඩා සහ විනෝදාස්වාදය, ජාත්‍යන්තර ව්‍යාපාර, ශ්‍රි ලංකාවේ ආර්ථිකය, කොටස් වෙළඳපොල යන ක්ෂේත්‍රයන්ය.

පීපල්ස් ලීසිං සමාගම මුල්‍ය අංශයේ ජයග්‍රාහකයාවීමට සමත් වූ අතර DFCC බැංකුව, අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, CT CSLA, ZeroBeta, Ansell Lanka (Pvt) Ltd යන සමාගම් අනෙකුත් අංශයන් හි ජයග්‍රාහකයෝ වූහ.

මෙම ජයග්‍රහණය ලබාගැනිමට චමෝද්‍යා ගුණවර්ධන, ශිරංග අර්සකුලරත්න, ප්‍රසාදි එන් ලීලාරත්න, තරංග ගම්ලත් සහ එරන්දති කුමාරසේන පීපල්ස් ලීසිං සමාගම නියෝජනය කරනු ලැබිය.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 16 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව