පීපල්ස් ලීසිං සමාගම COVID-19 ආපදාවට පත් ගනුදෙනුකරුවන් 75,000ට වැඩි පිරිසකගේ ලීසිං හා ණය පහසුකම් සඳහා රු. බිලියන 60 ණය සහන ලබාදෙයි.

PLC - Covid Relief

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම ශී‍්‍ර ලංකා මහ බැංකුවේ උපදෙස් අනුව කි‍්‍රයා කරමින් මේ වනවිට තම ගනුදෙනුකරුවන්ගේ ලීසිං හා ණය පහසුකම් ලබාගත් 75,000කට වැඩි පිරිසකට ණය පොලී සහන කාලයක් ලබා දී ඇත. එම සමාගම COVID-19 ආපදාවට පත් ගනුදෙනුකරුවන්ට මෙම සහන ලබාදුන්නේ 11/2020 මූල්‍ය සහන ඉල්ලා සිටීම හා එයට අදාල ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නිර්දේශ යටතේ කි‍්‍රයාකිරීමෙනි. මෙම වැඩ සටහන යටතේ රුපියල් බිලියන 60 ක පමණ පොලී මුදල් ඉවත්කිරීම් හා මාස හය දක්වා ණය සහන කාල ලබාදීම් සිදුකර ඇති අතර මෙරට බැංකු නොවන මූල්‍ය සමාගම් අතර වැඩිම සහන සැපයූ මූල්‍ය ආයතනය වන්නේ ද පිපල්ස් ලීසිං සමාගමයි.

එයට අමතරම පීපල්ස් ලීසිං සමාගම ‘ඉටුකම COVID-19 සෞඛ්‍යය හා සමාජ ආරක්ෂණ අරමුදලට’ රුපියල් මිලියන 5ක මුදලක් එම අරමුදල පිහිටවූ ආරම්භයේදීම පරිත්‍යාග කරනු ලැබීය.

පීපල්ස් ලීසිං සමාගම විසින් COVID-19 ආපදාවට පත් ගනුදෙනුකරුවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලින් මහතා පැවසුවේ ‘පීපල්ස් ලීසිං සමාගම ජන හිතකාමී මූල්‍ය සමාගමක් වන්නා සේම මෙරට පොදු ජනතාවගෙන් සාර්ථකත්වයට පත් සමාගමක්. එම නිසා අපට විශාල වශයෙන් වැදගත්වන අපේ ගනුදෙනුකරුවන් අපහසුතාවයට පත්වූ විට ඔවුන්ට සහනයක් වීම අපේ වගකීමක්. අප අපගේ ගනුදෙනුකරුවන් රැකගත යුතුයි. එම නිසා අප සමාගම හැකි සෑම ආකාරයකින්ම ඉල්ලීම් කළ ගනුදෙනුකරුවන්ට සහන සැපයූවා. දැනටමත් අපි COVID-19 ආපදාවට පත් ගනුදෙනුකරුවන් 75,000කට වැඩි පිරිසකට විවිධ සහන සපයා තිබෙනවා. එමෙන්ම මෙරට බැංකු නොවන මූල්‍ය සමාගම් අතර එසේ ආපදාවට පත් ගනුදෙනුකරුවන්ට වැඩිම සහන සපයා ඇත්තේ අප සමාගම විසිනුයි. වැඩිම මූල්‍ය සහන ලැබේ යැයි ගනුදෙනුකරුවන් අප කෙරෙහි තැබූ විශ්වාසය අප ඔවුන් බලාපොරොත්තු වූ ප‍්‍රමාණයටත් වඩා ඉටුකිරීමට හැකිවීම සමාගමක් සේ අප බොහෝ සතුටුවන්නක්. ඒ සඳහා අපට කදිම ශක්තිය වූයේ අප සමාගම සතු මූල්‍ය ස්ථාවරත්වයයි’ යන්නය.

 




 

 

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව A+ (lka) හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2019 දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම ඇගයීමට ලක් විය. එමෙන්ම zBusiness Today Top 30’ ශ්‍රේණිගත සමාගම් අතරට පැමිණීමටද සමත් විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප‍්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම ^Margin Trading) රන් ණය සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රෝ කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සහ බංගලාදේශයේ ස්ථාපිත ලංකන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව