පීපල්ස් ලීසිං සමාගම CMA Excellence in Integrated Reporting Awards – 2021 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන 2ක් දිනාගනී.

PLC

 



 

 

 

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මුදල් සමාගම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම මුදල් සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම (පීපල්ස් ලීසිං සමාගම& වාර්ෂික වාර්තා වෙනුවෙන් සම්මාන පිදෙන CMA Excellence in Integrated Reporting Awards – 2සම්මාන උළෙලේ ප‍්‍රමුඛතම සම්මාන 2ක් දිනාගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල ශී‍්‍ර ලංකාවේ සමෝධානික වාර්ෂික වාර්තා ඇගයීමට ලක්කිරීමට වාර්ෂිකව පවත්වන්නකි.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම කළමනාකරණ ගණකාධිකරණ ආයතනය වන ශී‍්‍ර ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙලෙහි 7වන අදියර ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී මෙවර පැවැත්වුණි.

පීපල්ස් ලීසිං සමාගමේ වසර 2020/21 සඳහා වූ වාර්ෂික වාර්තාව එම සමාගමේ 8වන ‘සමෝධානික’ වාර්ෂික වාර්තාව වන අතර එහි තේමාව වූයේ  යන්න වන අතර එය පසුගිය වසර 25 තුළදී සමාගමට මුදල් සමාගම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් බවට පත්වීමට සහයෝගය ලබාදුන් හා විශ්වාසය තැබූ සියලූ පාර්ශ්වකරුවන්ට දැක්වූ කෘතඥතාවක් විය.

පීපල්ස් ලීසිං සමාගමේ එම 2020/21 වාර්ෂික වාර්තාව මෙම සම්මාන උළෙලේදී ශී‍්‍ර ලංකාවේ ‘විශිෂ්ටතම සමෝධානික වාර්තා 10’ (‘Ten Best integrated Reports’) අතරට තේරුණු අතර ‘Best Disclosure on Strategic Focus’ අංශය වෙනුවෙන් පිරිනමන සමස්ත විශේෂ සම්මානයද දිනාගැනීමට සමත් විය.

පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව අඛණ්ඩව දේශීය මෙන්ම විදේශීය ඇගයීමට ලක්වීමෙන් මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් සමාගම පවත්වාගනු ලබන විනිවිදභාවය, විශ්වාසනීයත්වය හා සමාජ සත්කාරක මෙහෙවර විදහාපාන්නකි. පීපල්ස් ලීසිං සමාගම මෙවර හිමි කරගත් සම්මාන ඉහත සඳහන් අංශවල ඉහළ ගුණාත්මකභාවය පවත්වාගැනීම කෙරෙහි දක්වන කැපවීම තවදුරටත් සනාථ කරන්නක්ද විය.

පීපල්ස් ලීසිං සමාගම හිමි කරගත් මෙම සම්මාන පිළිබඳව අදහස් දැක්වූ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි, ෂමින්ද්‍ර මර්සිලින් මහතා පැවසුවේ ‘පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව බොහෝ අවස්ථාවල දේශීය හා විදේශීය වශයෙන් ඇගයීමට ලක්වූවක්. එය පීපල්ස් ලීසිං සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය, සමාගම් ව්‍යූහය, යහපාලනය, ආයතනික සමාජීය වගකීම් හි මුලපිරීම්, උපායමාර්ගික යොමුවීම් හා සමාගම් දැක්ම මැනවින් විදහාපාන්නකි. එමෙන්ම මෙම CMA Excellence in Integrated Reporting Awards – 2021 සම්මාන උළෙලේ ලද ඇගයීමෙන් අප ගනු ලබන සියලූ තීරණවල සමාගමේ ඒකාබද්ධ චින්තන රටාව මනාව පිළිබිඹු වේ. තවද අප හිමි කරගත් ‘Best Disclosure on Strategic Focus’ සම්මානයෙන් නිරූපණයවන්නේ සියලූ පාර්ශ්වකරුවන්ට වටිනාකම් උපදවමින් තිරසාර අනාගතයක් සඳහා වූ සමාගමේ දැක්මය.’ යන්නය.

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම වර්තමානයේ කොළඹ කොටස් වෙළෙඳපොලෙහි ශ්‍රේණිගත සමාගමක් වන අතර බැංකු නොවන මුදල් සමාගම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමකි. තවද පීපල්ස් ලීසිං සමාගම ෆිිච් රේට්න්ග්ස් ආයතනයේ A+ (lka) ශ්‍රේණිගත කිරීම සමග මෙරට වැඩිම ශ්‍රේණිගතයක් හිමි බැංකු නොවන මුදල් සමාගමක්ද වේ. තවද ‘Business Today Top – 40’ (2020-21) ශ්‍රේණිගතකිරීමෙහි විශිෂ්ට කාර්යසාධනයක් සහිත ශ්‍රේණිගත සමාගම් අතර 27 වන ස්ථානය  හිමි කරගත් සමාගමක් වන පීපල්ස් ලීසිං සමාගම මූල්‍ය ක්ෂේත‍්‍රයේ වඩාත් වටිනාම හා ලීසිං ක්ෂේත‍්‍රයේ වඩාත්ම ආදරණීය සන්නාමය ලෙස Brand Finance Lanka (2021) විසින් වර්ගීීකරණය කළ සමාගමකි.

පීපල්ස් ලීසිං සමාගම ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, රන් ණය, ණය සාධ්‍යකරණය, ආන්තික වෙළඳාම සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස් පී.එල්.සී, පීපල්ස් මයික්‍රෝ කොමර්ස් ලිමිටඞ්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට් ලිමිටඞ්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් ලිමිටඞ් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් ලිමිටඞ් සහ බංගලාදේශයේ ස්ථාපිත ලන්කන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව