පීපල්ස් ලීසිං සමාගම 56වන CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී තවත් ගෞරවනීය සම්මානයක් දිනාගනී.

Webp.net-resizeimage

 



 

 

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම ‘CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී’ (CA Sri Lanka Annual Reports Awards – 2020/21)  තවත් ගෞරවනීය සම්මානයක් දිනාගැනීමට පසුගියදා සමත්විය. එනම් පීපල්ස් ලීසිං සමාගම එම සම්මාන උළෙලෙහි 2020/21 වසර සඳහා Finance Companies and Leasing Companies (Total Assets above LKR 20 Billion) යන අංශය වෙනුවෙන් පිරිනමන රිදී සම්මානය දිනාගැනීමෙනි. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ගණකාධිකරණ ආයතනය වන ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් සංවිධානය කළ CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙල’ විවිධාංගීකරණ ව්‍යාපාරික අංශ අතර පැවැත්වෙන ශී‍්‍ර ලංකාවේ වඩාත් පැරණි හා ගෞරවනීය ආයතනික සම්මාන උළෙලක් සේ පිළිගැනෙන්නකි. සමූහ ව්‍යාපාරවල සිට බහුජාතික සමාගම් දක්වා මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරික ආයතන රැසක්ද මෙවර සම්මාන උළෙල සඳහා තරග කෙරුණි.

පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව අඛණ්ඩව දේශීය මෙන්ම විදේශීය ඇගයීමට ලක්වීමෙන් මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් සමාගම පවත්වාගනු ලබන විනිවිදභාවය, විශ්වාසනීයත්වය හා සමාජ සත්කාරක මෙහෙවර විදහාපාන්නකි. පීපල්ස් ලීසිං සමාගම මෙවර හිමි කරගත් සම්මානය ඉහත සඳහන් අංශවල ඉහළ ගුණාත්මකභාවය පවත්වාගැනීම කෙරෙහි දක්වන කැපවීම තවදුරටත් සනාථ කරන්නක්ද විය. 2020/21 වසර සඳහාවූ පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව එම සමාගමේ 8වන ‘සමෝධානික’ වාර්තාව වන අතර එහි තේමාව වූයේ ‘ ’ යන්න වන අතර එය පසුගිය වසර 25 තුළදී සමාගමට මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් බවට පත්වීමට සහයෝගය ලබාදුන් හා විශ්වාසය තැබූ සියලූ පාර්ශ්වකරුවන්ට දැක්වූ කෘතඥතාවක් විය.

පීපල්ස් ලීසිං සමාගම ගතවූ වසරේදී පෙර නොවූ විරූ සහන ගනුදෙනුකරුවන්ට ලබාදෙමින්, අභියෝගයන් මධ්‍යයේ ඉතිහාසයේ සමූහය ළගා කරගත් ඉහළම ලාභය හිමි කරගැනීමට සමත් විය. වසංගත තත්ත්වය ඇරඹුණු දා සිට පාරිභෝගිකයන්ට අසීරු අවස්ථාවලදී මූල්‍ය අවශ්‍යතා පැනනැගුණු විට දිවයින පුරා පීපල්ස් ලීසිං ශාඛා විවෘතව පවත්වාගනිමින් එයට සහයෝගය දැක්වීම සිදු කෙරුණි. එමෙන්ම රජය විසින් ණය පමා සහන නිවේදනය කිරීමත් සම`ගම පීපල්ස් ලීසිං සමාගම උචිත පහසුකම් සැපයීම, ණය සහන අහිමි පාරිභෝගිකයන්ට පවා ඔවුන්ගේ ගෙවීමේ හැකියාව මත තම ණය පහසුකම ප‍්‍රතිව්‍යූහගතකිරීමේ විකල්ප සැපයීම ආදී වශයෙන් ප‍්‍රතිලාභ පුළුල්කිරීම සිදු කෙරුණි. එයට අමතරව පාරිභෝගිකයන්ට තවත් සහන ලබාදෙමින් ගෙවිය යුතු ණය සඳහා දඩ පොලී නව මසක කාලයක් දක්වා අතහැරීම සිදුවිණි.

පීපල්ස් ලීසිං සමාගම හිමි කරගත් මෙම සම්මානය පිළිබඳව අදහස් දැක්වූ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි, ෂමින්ද්‍ර මර්සිලින් මහතා පැවසුවේ ‘පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව බොහෝ අවස්ථාවල දේශීය හා විදේශීය වශයෙන් ඇගයීමට ලක්වූවක්. එය අප පීපල්ස් ලීසිං සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය, සමාගම් ව්‍යූහය, යහ පාලනය, ආයතනික සමාජීය වගකීම් හි මුලපිරීම්, උපායමාර්ගික යොමුවීම් හා සමාගම් දැක්ම මැනවින්ම විදහාපාන්නකි. එමෙන්ම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ගණකාධිකරණ ආයතනය වන ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් සංවිධානය කළ වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීම අප සමාගමේ වාර්ෂික වාර්තාකරණය හා සන්නිවේදන හැකියාවන් මෙන්ම යහ පාලනය නැවත වරක් සනාථවීමක්.’ යන්නය.

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම වර්තමානයේ කොළඹ කොටස් වෙළෙඳපොලෙහි ශ්‍රේණිගත සමාගමක් වන අතර බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමකි. තවද පීපල්ස් ලීසිං සමාගම ෆිිච් රේට්න්ග්ස් ආයතනයේ A+ (lka) ශ්‍රේණිගත කිරීම සමග මෙරට වැඩිම ශ්‍රේණිගතයක් හිමි බැංකු නොවන මූල්‍ය සමාගමක්ද වේ. තවද ‘Business Today Top – 40’ (2020-21) ශ්‍රේණිගතකිරීමෙහි විශිෂ්ට කාර්යසාධනයක් සහිත ශ්‍රේණිගත සමාගම් අතර 27 වන ස්ථානය  හිමි කරගත් සමාගමක් වන පීපල්ස් ලීසිං සමාගම මූල්‍ය ක්ෂේත‍්‍රයේ වඩාත් වටිනාම හා ලීසිං ක්ෂේත‍්‍රයේ වඩාත්ම ආදරණීය සන්නාමය ලෙස Brand Finance Lanka (2021) විසින් වර්ගීීකරණය කළ සමාගමකි.

පීපල්ස් ලීසිං සමාගම ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, රන් ණය, ණය සාධ්‍යකරණය, ආන්තික වෙළඳාම සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස් පී.එල්.සී, පීපල්ස් මයික්‍රෝ කොමර්ස් ලිමිටඞ්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට් ලිමිටඞ්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් ලිමිටඞ් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් ලිමිටඞ් සහ බංගලාදේශයේ ස්ථාපිත ලන්කන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව