පීපල්ස් ලීසිං සමාගම 11 වන වාර්ෂික ප්‍රවීණයන්ගේ විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය – 2022 දී විශිෂ්ට දස්කම් දක්වයි

People's Leasing excels at the Masters Athletics 2nd (Open) Championship - 2022 (LBN)

 



 

 

පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මලල ක්‍රීඩා කණ්ඩායම, 2022 ඔක්තෝම්බර් මස 23 සහ 24 යන දිනයන්හිදී මාතර කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත් වූ 11 වන වාර්ෂික ප්‍රවීණයන්ගේ විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය. ශ්‍රී ලංකා දක්ෂිණ ප්‍රවීණ මලල ක්‍රීඩා සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබීය. මෙම දෙදින ඉසව්වට බැංකු හා බැංකු නොවන මූල්‍ය අංශය, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූහ.

තරගාවලිය සදහා පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙක් සහභාගි වූහ. සමස්ත තරග ප්‍රතිඵල වලට අනුව පීපල්ස් ලීසිං සමාගම “විශීෂ්ඨ සමාගම් දසදෙනාගේ” කාණ්ඩයේ පස්වන ස්ථානය හිමි කරගැනීමට සමත් විය. ඒ අනුව පීපල්ස් ලීසිං සමාගමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනාගත්හ.

පීපල්ස් ලීසිං හි ගෝවින්ද සදීප විසින් විවෘත පිරිමි අංශයේ හෙල්ල විසිකිරීම, වෙඩි තැබීම සහ කවපෙත්ත විසිකිරීම යන ඉසව්වලින් රන් පදක්කම් ත්‍රිත්වය දිනාගත් අතර ඔහු විවෘත පිරිමි අංශයේ ශූරයා ලෙසද පිළිගැනීමට ලක්විය.

වයස අවුරුදු 45න් ඉහළ පිරිමි කාණ්ඩයේ මීටර් 110 කඩුලූ මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට වජිර රාමනායක සමත් විය. ෂර්මන් ප්‍රනාන්දු විසින් වයස අවුරුදු 35ට වැඩි පිරිමි මීටර් 110 කඩුලූ මතින් දිවීම ඉසව්වෙන් සහ මීටර් 400 පිරිමි ඉසව්වේ රන් පදක්කම සහ රිදී පදක්කම දිනාගත් අතර සමන්ත සෙනෙවිරත්න විසින් වයස අවුරුදු 50ට වැඩි පිරිමි මීටර් 800 සහ මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම දිනා ගත්හ.

කණ්ඩුල ජයසුන්දර මීටර් 400 විවෘත පිරිමි අංශයේ රිදී පදක්කම දිනාගත් අතර සඳරු චාමික ලෝකඩ පදක්කම දිනා ගත්තේය. විවෘත පිරිමි මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට නදුන් සිල්වා සමත් විය. ඔහු විවෘත පිරිමි මීටර් 200 ඉසව්වේ ලෝකඩ පදක්කමද දිනා ගත්තේය. වයස අවුරුදු 50ට වැඩි සහ 45ට වැඩි පිරිමි මිටිය විසිකිරීමේ ඉසව්වෙන් සම්පත් ප්‍රසංග සහ උජිත් වසන්ත යන ක්‍රීඩකයන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත්හ.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකිග විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත වියග පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව