පීපල්ස් ලීසිං සමාගම හරිත ලොවක් නිර්මාණය කිරීමට පොලොන්නරුව ගල් විහාර පරිශ්‍රයට කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් තිළිණ කරයි.

PLC - Gal Viharaya - Polonnaruwa - Pix -01

 



 

 

 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි සමාගම පුරා වසර 25 ක කාලයක සිට තිරසර අරමුණු සාක්‍ෂාත් කරගැනීමට සිදුකරන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් දිගුවක් ලෙස දෛනික කසළ කළමනාකරණ ක්‍රියාපිළිවෙත වඩාත් ක්‍රමවත්කිරීමේ අරමුණෙන් කසළ බදුන් ස්ථාපිතකිරීිමේ ව්‍යාපෘතියක් පොළොන්නරුව ගල් විහාර පූජා භූමිය තුළදී පසුගියදා  මහජන අයිතියට පත් කෙරුණි.

එම ක්‍රමවත්ව කසළ බැහැරකීරීමේ ව්‍යාඵෘතිය පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සිලින් මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මඟපෙන්වීම යටතේ සිදුකෙරුණකි. එම ව්‍යාපෘතිය යටතේ ඉවතලන ඝන අපද්‍රව්‍ය නිසි අයුරින් බැහැරකිරීමට අවශ්‍ය කසළ බඳුන් කට්ටල ඓතිහාසික පොළොන්නරුව සොළොස්මස්ථාන භාරකාර ස්ථවිර කන්දකැටිය අත්තදස්සි ස්වාමීන්වහන්සේට මහජන අයිතිය සඳහා ප්‍රදානයකිරීම පීපල්ස් ලීසිං සමාගමේ සහකාර ප්‍රාදේශීය කළමනාකරු සුසිල් ප්‍රියන්ත මහතා විසින් සිදුකරනු ලැබීය.

මේ අවස්ථාව සඳහා පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන ශාඛාවේ අලෙවි, සන්නිවේදන හා සමාජ සත්කාර අංශ ප්‍රධානී, හිෂාන් වැල්මිල්ල මහතා, පීපල්ස් ලීසිං පොළොන්නරුව ශාඛා කළමනාකරු, නාලක සුරේශ් මහතා, ශාඛා උප ප්‍රධානී චම්මික ජයමන්ත මහතා සහ පොළොන්නරුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන අධීක්‍ෂක එම්. ඩබ්. තිස්ස බණ්ඩාර මහතා සහ පොළොන්නරුව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ කලාපභාර නිලධාරී, මලින්ද නීශාන් පල්ලේමුල්ල මහතා සහ පොළොන්නරුව මහජන සෞඛ්‍ය පරික්‍ෂක චුදත් බාලචන්ද්‍ර මහතා ඇතුළු සෙසු නිලධාරීහූ පිරිසක් සහභාගී වූහ.

අපද්‍රව්‍ය වෙන්කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණ දාමයේ වැදගත් අංගයක් වන අතර එමඟින් නැවත භාවිතය (Reuse), ප්‍රතිචක්‍රීකරණය (Recycle) සහ ප්‍රතිසාධනය (Reuse) සාක්ෂාත් කරගැනීමට හැකි වේ. මෙම RRR ක්‍රමවේදය ප්‍රවර්ධනයකිරීම තුළින් නිසි ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පාරිසරික ආරක්ෂාව සහ මිනිසාගේ යහපැවැත්ම සඳහා ඉතා වැදගත් වේ.

පොළොන්නරුවේ (යුනෙස්කෝ ලෝක උරුම අඩවියේ) පිහිටි ගල් විහාරය ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන වඩාත් ප්‍රසිද්ධ හා පැරණි බෞද්ධ විහාරස්ථාන වලින් එකකි. විශේෂයෙන්, මෙම විහාරස්ථානය එහි අඩංගු බුද්ධ ප්‍රතිමා හතර සඳහා ප්‍රසිද්ධයක් උසුලන අතර ඒ සියල්ල තනි කළුගල් පාෂාණ වලින් නිර්මිත පරිපූර්ණ නිදර්ශක වේ.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව