පීපල්ස් ලීසිං සමාගම සෑම ජිවිතයක්ම රැගෙන ඉහළට

Mr Pradeep Amirthanayagam (LBN Fill)

 



 

 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ශ්‍රී ලංකාවේ මූල්‍ය ඇතුළත්කිරීම් ප්‍රවර්ධනය කිරීමෙහිලා සහ ගණුදෙනුකරුවන් ඉහළ මට්ටම් කරා ළඟාවීමට බලගැන්වීමෙහිලා විශිෂ්ඨ කාර්යභාරයක් ඉටු කරනු ලබන ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයකි.

ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක (MSMEs) ප්‍රජාවගේ සාර්ථකත්වය සදහා පීපල්ස් ලීසිං සමාගම විසින් මූල්‍ය විසඳුම් පිරිනමනු ලබයි. බැංකු අංශයේ වඩාත් විධිමත් මූල්‍ය විසඳුමක් ලබාගැනීමට නොහැකි වන පුද්ගලයෙකුට වුවද පීපල්ස් ලීසිං සමාගම තුළින් පහසු මූල්‍ය ප්‍රවේශයක් ලබාගැනීමට හැකියාව ලැබේ. එසේම අභියෝගාත්මක කාලපරිච්ඡේදයන්හිදී සමාගම සිය ගණුදෙනුකරුවන්ට ඔවුන්ගේ මූල්‍ය අසීරුතාවයන් මඟහරවා ගැනීමටත් ජීවනෝපායන් උසස් කරලීමට සහ බිඳවැටුණු ව්‍යාපාර යළි නගා සිටුවීමටත් උපරිම සහාය නිරතුරුව ලබා දී ඇත. ගෝලීය කොවිඩ්-19 වසංගතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අවපාතය හේතුවෙන් බලපෑමට ලක් වූ ජීවනෝපායන් සහ ව්‍යාපාර ගණනාවක් සඳහා මූල්‍ය සහන/ විසදුම් සහ උපදේශන සේවා සමාගම විසින් සපයා තිබීම විශේෂත්වයකි.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි සමාගමේ නව සභාපති ලෙස පත්වූ ප්‍රදීප් අමිර්තනායගම් මහතා පැවසුවේ, ජීවනෝපාය සහ ව්‍යාපාර සවිබල ගන්වමින් ජාතියේ උන්නතියට දායකවීම පීපල්ස් ලීසිං සමාගමේ ඒකායන අරමුණ බවත් හා සමාගම ඉහළ අවධානයක් යොමු කරන්නේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට බවත්ය. එසේම සමාගමේ විශ්වාසනීය පාරිභෝගික හිතකාමී මූල්‍ය විසඳුම් සහ සේවා විශිෂ්ටත්වය තුළින් අපි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශක්තිමත් කරන අතර එමඟින් ආර්ථික වර්ධනයට සෘජුව දායක වන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

අමිර්තනායගම් මහතා පවසන පරිදි, ජව සම්පන්න සේවක පිරිසකින් සමන්විත දිවයින පුරා පිහිටි පීපල්ස් ලීසිං ශාඛාවන්ට ඩිජිටල් තාක්ෂණ සහයත් සමගින් තම ගණුදෙනුකරුවන්ට අවශ්‍ය කඩිනම් මූල්‍ය විසදුම් සේවාවන් පිරිනැමීමට හැකියාවක් පවතින බවයි.

පාස්කු ප්‍රහාරය, කොවිඩ්-19 වසංගතය සහ මූල්‍ය අර්බුදය ඇතුළු අභියෝග රාශියකින් ව්‍යාපාර යළි නැගී සිටීම සඳහා සහයවීමේදී වගකීම් සහගත මූල්‍ය ආයතනයක් ලෙස පීපල්ස් ලීසිං සමාගම මූලික වී කටයුතු කර ඇති බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී, ෂමින්ද්‍ර මර්සිලින් මහතා පැවසීය. “මූල්‍ය අභියෝගවලට මුහුණ දී සිටින ජීවනෝපායන් මාර්ග සදහා සහන සැලසීමට හා ව්‍යවසායන් යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලින් එය තවදුරටත් පැහැදිලි වන බව ඔහු අවධාරණය කළේය.” අප සමාගම ශක්තිමත් ප්‍රාග්ධන තත්ත්වයක් සහ ශේෂ පත්‍රයක් සමඟින් 2019 වසරේ සිට ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා රුපියල් බිලියන 85ක සහන සහ 105,000කට අධික ගණුදෙනුකරුවන්ට ප්‍රතිලාභ ලැබෙන මූල්‍ය සහනයන් ලබා දී ඇත.

මර්සිලිං මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, වඩාත් නම්‍යශීලී, පුද්ගලාරෝපිත සහ පාරිභෝගික හිතකාමී සේවාවක් ලබාදීමෙන් ව්‍යාපාරය එහි තරඟකාරීත්වය පවත්වාගනු ඇති බවත්, පීපල්ස් ලීසිං සමාගම, ඩිජිටල් නව්‍යකරණයත් සමගින් පාරිභෝගික හිතකාමීත්වය, පහසුව සහ ප්‍රවේශ්‍යතාව වැඩි දියුණුකිරීම සඳහා කටයුතු කරන බවයි. ඒ අනුව ”අපගේ ප්‍රධාන අරමුණ ගණුදෙනුකරුවන්ට බාධාවකින් තොරව සහ අපහසුතාවකින් තොර නවමු අත්දැකීමක් ලබාදීම” බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

වර්ෂ 1996 දී පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා කල්බඳු සේවා සපයමින් සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු ඇරඹු පීපල්ස් ලීසිං සමාගම අද වන විට මූල්‍ය සේවා සපයමින් පුද්ගලික මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගූණාත්මකභාවය වැඩි දියුණු කිරිම සඳහා සිය දායකත්වය ලබා දෙයි. එහෙත් පැවැති කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ පුද්ගලික මගී ප්‍රවාහන සේවා සපයන බස්රථ හිමිකරුවන්ගේ ජීවනෝපාය සහ ව්‍යාපාර පසුගිය කාලසීමාවේදි අඩාල විය.

එවන් පසුබිමක පීපල්ස් ලීසිං සමාගම විසින් “හිත මිතුරු” මූල්‍ය සහන සේවාව හඳුන්වා දෙමින් මූල්‍ය අසීරුතාවයට ලක්වූ පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ හිමි ගණුදෙනුකරුවන්ට සහන සලසන ලදී.

“හිතමිතුරු” සහන යෝජනා ක්‍රමය සහනදායී පොළී අනුපාතිකයක් සහිත ගෙවීම් කල්දැමීමේ වැඩසටහනක් ලෙස පිරිනමනු ලැබු අතර මාස 6 – 12 ක ගෙවීම් කල් දැමීමේ කාලයක් ද පිරිනමනු ලැබීය. සහන ගෙවීමේ කාලයෙන් පසුවද ආපසු ගෙවීමේ අනුපාතයට තම වාරික ගෙවීම කරගෙන යාමට ගණුදෙනුකරුවන්ට අවකාශය සලසා දෙනු ලැබීය.

දිවයින පුරා 100කට අධික පුළුල් ශාඛා ජාලයක් සහ 2,400 ක පමණ අභ්‍යන්තර ශ්‍රම බලකායක් සමඟින්, පීපල්ස් ලීසිං සමාගම වර්ෂ 1996 සිට අද දක්වා විවිධ අභියෝගතා රැසක් හමුවේ නොසැළී පැමිණි අකණ්ඩ ගමන්මගේ සංධිස්ථානයක් ලෙස වර්ථමානය වන විට පීපල්ස් ලීසිං සන්නාමය ශ්‍රී ලාංකිකයන්ගේ හදවතේ නොමැකෙන නාමයක් බවට පත් වී තිබේ. පීපල්ස් ලීසිං සමාගමට දක්ෂ සුහදශිලි කාර්යය මණ්ඩලයක් මෙන්ම නවීන තාක්ෂණික හැකියාවන්ට අමතරව, සමාගමට විචක්ෂණ කළමනාකරණ පද්ධති සහ ශක්තිමත් ප්‍රාග්ධන පදනමක්ද ඇත. වර්තමානය වන විට සමාගම විශ්වාසනීය පාරිභෝගික හිතකාමී මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස සිය කීර්ති නාමය ගොඩනඟා ගෙන ඇති අතර සිය ගනුදෙනුකරුවන්ගේ සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ නොසැලෙන පක්ෂපාතිත්වය සහ විශ්වාසය සුරක්ෂිත කර ඇති වගකීම් සහගත මුල්‍ය සමාගමකි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව