පීපල්ස් ලීසිං සමාගම සමාජ සත්කාර ව්‍යාපෘති වැඩසටහන යටතේ හරිත නැණ ශිෂ්‍යත්ව 50ක් පිරිනමයි.

PLC - VTA (LBN)

 



 

 

දැයේ ශ්‍රම බළකාය සංවර්ධනය, වෘත්තිය මට්ටමෙන් නිවැරදිව ඇරඹීමේ ජාතික කර්තව්‍යයට උරදීමක් වශයෙන් දෙමුහුන් මෝටර් රථ තාක්ෂණ ක්ෂේත්‍රය වෙත විශේෂ අවධානයක් යොමු කිරිමට පීපල්ස් ලීසිං සමාගම පසුගියදා කටයුතු කෙරුණි.

පීපල්ස් ලීසිං සමාගම විසින් වර්තමානයේ පවතින වෘත්තීය සුදුසුකම්ලත් සේවා නියුක්තියන්ගේ කාලීන අවශ්‍යතාවය හදුනාගෙන එය අවමකිරීමේ අරමුණින් දෙමුහුන් මෝටර් රථ තාක්ෂණ වෘත්තීය පුහුණු පාඨමාලා සදහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණි. මේ සදහා වෘත්තීය පුහුණු අධිකාරියේ සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින නිපුණතා සංවර්ධන හා වෘත්තීය අධ්‍යාපන අංශයේ මගපෙන්වීමෙන් අදාළ ශිෂ්‍යත්වලාභීන් පනස් දෙනෙකු (50) හදුනාගෙන දිවයිනේ තෝරාගත් මධ්‍යස්ථාන කිහිපයක අධ්‍යයන කටයුතු සිදුකිරීමට නියමිතය.

මෙම ශිෂ්‍යාධාර වැඩසටහනේ ප්‍රථම කණ්ඩායමේ සමාරම්භක වැඩසටහන පසුගියදා නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරී පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ සදහා පීපල්ස් ලීසිං සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අයකිරිම් හා ණය කළමනාකරණ අංශ) දමිත් මලවිතන්තිල, අලෙවි, සන්නිවේදන හා සමාජ සත්කාර අංශ ප්‍රධානි හිෂාන් වැල්මිල්ල, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් චුලාංගනි පෙරේරා සහ අධ්‍යක්ෂ (පුහුණු) ශාන්ති එදිරිසිංහ අනෙකුත් අධ්‍යයන අංශයන්හි අධ්‍යක්ෂකවරුන් හා පීපල්ස් ලීසිං නියෝජිතයන් ඇතුළු පාඨමාලා සිසු දරුවන් සහභාගී වූහ.

එහිදි වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් චුලාංගනි පෙරේරා මහත්මිය සිසු දරුවන් අමතමින් පැවසුවේ, වර්තමානයේ මෙම විෂය ක්ෂේත්‍රයේ වෘත්තීය මෝටර්රථ කාර්මික ශිල්පීන්ගේ අවශ්‍යතාව ඉහල මට්ටමක පැවතුණත් ඒ සදහා නිපුණතාවයෙන් හෙබි වෘත්තිකයන්ගේ අඩුවක් දක්නට ඇති බවය. එසේම තරගකාරී ලෝකය සමග ගැටෙන තරුණ පිරිස් මෙම අංශය කෙරෙහි දක්වන අවධානය අවමවීමෙන් ගෝලීය වශයෙන්ද මෙම ක්ෂේත්‍රයේ විශාල රැකියා අවස්ථාවන් විවෘත බැවින් මෙම පාඨමාලාව සදහා සුදුසුකම්ලත් සිසු දරුවන් සියලුදෙනා අධ්‍යයන කටයුතු කැපවීමෙන් සිදුකර තම වෘත්තීය ජිවිතය ජය ගන්නා ලෙසිනි.

“කාර්මිකරණයත් සමග ව්‍යාපාරික ලෝකය තරගකාරීත්වය හමුවේ විශාල ලෙස තම ඉලක්ක හඹායමින් කටයුතු කරයි. එවන් අවස්ථාවන්වලදී ව්‍යාපාර තම ලාභ පමණක් අරමුණු කරගෙන යාම නිසා ඔවුන්ට තිරසරත්වය මගහැරෙනවා. නමුත් පීපල්ස් ලිසිං සමාගම සියලු මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ තිරසර අරමුණු පෙරදැරි කරගෙනයි. ඒ අනුව වාර්ෂිකව සිදුකරන තිරසර ව්‍යාපෘති යටතේ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනය හා මුල්‍ය සාක්ෂරතාව ගොඩනැගීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකිරිමට අප කටයුතු කළා. එහිදි අපි හදුනාගත්තා දෙමුහුන් මෝටර් රථ කාර්මික ශිල්පීන්ගේ හිගකම. එය අවම කිරිමට සිදුකළ යුතු හොදම දේ ලෙස ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සහය හා මගපෙන්වීම යටතේ මෙම පාඨමාලාව ඇරඹීම කාලෝචිත ක්‍රියාවක්.” පීපල්ස් ලීසිං සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අයකිරිම් හා ණය කලමනාකරණ අංශය) දමිත් මලවිතන්තිල මහතා උත්සවය අමතමින් පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් ඒ මලවිතන්තිල මහතා පැවසුවේ, පීපල්ස් ලීසිං සමාගමේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් ලබාදුන් මෙම වටිනා ශිෂ්‍යත්වය දරුවන් ලද මහගු අවස්ථාවක් සේ සළකා කටයුතුකරන ලෙසයි. එසේම පාඨමාලා අවසානයේ වෘත්තීය නිපුණත්වයෙකු බවට පත්වන ඔබ ඉන් නොනැවති ව්‍යවසායකයෙකු ලෙස වෘත්තීය ජිවිතය ජයගන්නා ලෙසත් ඒ සදහා අවශ්‍ය ව්‍යාපාරික දැනුම ලබාදීමට අප ඔබ සමග නිරතුරුව සිටින බවත්ය.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව