පීපල්ස් ලීසිං සමාගම විසින් “හරිත නැණ” වෘත්තීය ශිෂ්‍යත්ව පිරිනමමින් සුදුසුකම්ලත් තරුණ තරුණියන් සවිබල ගන්වයි.

PLC - “Haritha Nena” vocational scholarships - Pix- 02 (LBN)

 



 

 

දැයේ ශ්‍රම බලකාය සංවර්ධනය, වෘත්තිය මට්ටමෙන් නිවැරදිව ඇරඹීමේ ජාතික කර්තව්‍යයට උරදීමක් වශයෙන් දෙමුහුන් (Hybrid) මෝටර් රථ තාක්ෂණ ක්ෂේත්‍රය වෙත විශේෂ අවධානයක් යොමු කිරීමට පීපල්ස් ලීසිං සමාගම පසුගියදා කටයුතු කළේය.  ඒ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ එක්ව ‘හරිත නැණ’ වෘත්තීය ශිෂ්‍යත්ව පිරිනමමින් සුදුසුකම් ලත් තරුණ පිරිසකට සාර්ථකව සවිබල ගැන්වීමෙනි. හඳුනාගත් ආර්ථික වශයෙන් අඩු ආදායම්ලාභි ග්‍රාමීය තරුණ තරුණියන් සඳහා මෙම පාඨමාලාවට ඇතුළත්වීමේ නිර්ණායක වූයේ NVQ 3 මට්ටම් සුදුසුකම ය. මෙම වැඩසටහනේ පරමාර්ථය වූයේ ජාතියේ නිපුණ ශ්‍රම බලකාය සවිබල ගැන්වීම, ඔවුන්ගේ සේවා නියුක්තිය ඉහළ නැංවීම සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) ප්‍රගමනයට දායකවෙමින් ජාතියට අනාගත විදේශ ආදායම් ආකර්ෂණය කර ගැනීමය. ඒ අනුව නාරාහේන්පිට (කොළඹ කලාපය) සහ වේගිරිය (මහනුවර කලාපය) පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවලදී වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් දෙකක් පවත්වනු ලැබීය.

ඉහළ යන ගෝලීය උෂ්ණත්වය, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාව සහ අඩු විමෝචනය ඇතුළු ධනාත්මක පාරිසරික බලපෑම් ලබාදෙන දෙමුහුන් මෝටර් රථ සඳහා වැඩි ඉල්ලුමක් තිබෙන අවකාශය තුළ, දෙමුහුන් මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමය සඳහා සැලකිය යුතු හිඟයක් පවතී. එහෙයින් පැය 100ක් ආවරණයවන පරිදි දෙමුහුන් මෝටර් රථ තාක්ෂණය (Hybrid Automobile Technology) පිළිබඳව තරුණ තරුණියන් පිරිසක් සවිබල ගැන්වීමෙන් සමාජයේ පවතින වෘත්තීය නිපුණයන්ගේ හිඟතාව සපුරාලීමද ‘හරිත නැණ’ වෘත්තීය ශිෂ්‍යත්ව වැඩසටහනේ එක් අරමුණකි. වැඩසටහන සාර්ථකව නිම කළ සියලුම තරුණ තරුණියන් NVQ මට්ටම-4 සදහා සුදුසුකම් ලබනු ඇත.

ඒ අනුව අධ්‍යයන කටයුතු සිදුකරන මධ්‍යස්ථාන දෙකේම ශිෂ්‍යත්වලාභි දරුවන් සදහා පාඨමාලා අවසානයේ තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹීමට අවශ්‍ය මුලික දැනුම ලබාදීමද පීපල්ස් ලීසිං සමාගම විසින් සිදුකෙරුණි. වෘත්තීය පුහුණු අධිකාරියේ නිලධාරි මහතුන් සහ පීපල්ස් ලීසිං සමාගමේ තිරසර මූල්‍ය අංශයේ ප්‍රධානී සංජීව බණ්ඩාරනායක මහතා, තිරසාර මූල්‍ය ඒකකයේ කළමනාකාරිනී රොෂ්නි මෝතා මහත්මිය, අලෙවි සහ සන්නිවේදන කළමණාකාර හිෂාන් වැල්මිල්ල මහතා මෙම වැඩමුළු අවස්ථාවට සහභාගි වූහ. පීපල්ස් ලීසිං සමාගමේ ණය හා අවධානම් පාලන අංශයේ සහකාර කළමනාකරු ජී.පී.  සිරිකුමාර මහතා මෙම සැසි දෙක සදහාම මූල්‍ය සාක්ෂරතාවය, අලුතින් පිහිටුවන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක මුදල් ප්‍රවාහයන් දූරදර්ශීව කළමනාකරණය කිරීම, ණය පහසුකමක් සඳහා සුදුසුකම් ලැබීමට හොඳ ව්‍යාපාරික යෝජනාවක් සැකසීම, අන්තර්ක්‍රියාකාරී දැනුම බෙදාගැනීම පිළිබඳව මූලික කරුණු ආවරණය කරමින් සිසුන්ට අවශ්‍ය මුලික දැනුම ලබාදුණි. එමෙන්ම මහනුවර ශාඛාවේ කළමනාකරු සේනක මුණසිංහ මහතා සහ ප්‍රධාන කාර්යාලයේ තැන්පතු සහ ඉතිරිකිරීමේ නිලධාරී මින්තක දීයගහගේ මහතා විසින් මුල්‍ය ආයතනයකින් සිය ගණුදෙනු සිදුකරන ආකාරය හා එහිදී පැන නගින විවිධ ගැටළුවලට මුහුණදිය යුතු ආකාරය පිළිබද හරවත් දේශනයක් සිදු කළහ. මෙම වටිනා ආයතනික සමාජ වගකීම් වැඩසටහන තුළින් සුදුසුකම් ලත් තරුණයින් 35 දෙනෙකුට ප්‍රතිලාභ හිමි විය.

ගෝලීය තරගකාරීත්වය හමුවේ ව්‍යාපාර තම ඉලක්ක හඹායමින් කටයුතු කරයි. එවන් අවස්ථාවලදී බොහෝ සමාගම්, ආයතන තිරසර සංකල්පය අමතක කර ලාභ පමණක් අරමුණු කරගැනීම නිසා තිරසර මුල්‍ය මගහැරේ. නමුත් පීපල්ස් ලිසිං සමාගම සියලු මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ තිරසර අරමුණු පෙරදැරි කරගෙනය.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 14 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව