පීපල්ස් ලීසිං සමාගම විසින් මහියංගනය ළමා උද්‍යානය ප‍්‍රතිසංස්කරණය කර මහජන අයිතියට පත් කරයි.

PLC - Mahiyanganaya Children Park (2)

 



 

 

 

පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම විසින් මහියංගනය ප‍්‍රාදේශීය සභාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව මහියංගනය ළමා උද්‍යානය ළමා හිතකාමී ලෙස නැවත ප‍්‍රතිසංස්කරණයට ලක්කර දරුවන් තුළ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම සඳහා උද්‍යානය ඇතුළත හා පිටත යහපත් පුරුදු පිළිබඳ දැනුවත් කිරිමේ පුවරු ප‍්‍රතිස්ථාපනය කර සවි කරනු ලැබීය.

නවීකරණය කරන ලද ළමා උද්‍යානය පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මහියංගනය ශාඛා කළමනාකරු අසංග ඉරෝෂන් මහතා, මහියංගනය ප‍්‍රාදේශීය සභාවේ සභාපති කේ.පී.ගුණවර්ධන මහතා සහ මහියංගනය මහජන බැංකු ශාඛා කළමනාකරු සුධීර ජයසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා මහජන අයිතියට නැවත පත්කිරීම සිදුවිය.

පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී විසින් 2015 වසරේ මහියංගනය නගරයේ මෙම ළමා උද්‍යානය ඉදිකරන ලද්දේ ඔවුන්ගේ ප‍්‍රජා මූලික ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙසිනි. මෙය මහියංගනය ප‍්‍රදේශයේ දරුවන්ට තම නිදහස් හා නිවාඩු කාලය ඵලදායී ලෙස ගත කිරීමට කදිම විනෝදාස්වාද මධ්‍යස්ථානයක් විය.

2021 වසරේ සිය 25 වන සංවත්සර කඩඉම පසුකළ පීපල්ස් ලිසිං සමාගම ඔවුන්ගේ තවත් එක් සමාජ සත්කාරයක් ලෙස පින්නවල අලි අනාථාගාරයේ (සංරක්‍ෂණාගාරය& අලි සාමාජිකයන් පිළිබඳ දැනුවත් කිරිමේ පුවරු සවිකිරිමට සිය දායකත්වය සපයනු ලැබීය.

පීපල්ස් ලීසිං සමාගම යනු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප‍්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත‍්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව