පීපල්ස් ලීසිං සමාගම නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනෙකු පත් කරයි.

PLC - Mr.Laksanda Gunawardena -Head of Branch Network (LBN)

 

 



 

 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ලෙස මූල්‍ය පසුබිම්වලින් හෙබි ප්‍රවීණයන් දෙදෙනෙකු පත් කිරීම පසුගියදා සිදුවිය. 2022 ඔක්තෝම්බර් මස 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි පීපල්ස් ලීසිං ශාඛා ජාල ප්‍රධානි ලෙස ලක්සඳ ගුණවර්ධන මහතා පත් කරන ලද අතර සමාගම් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස උදේශ් ගුණවර්ධන මහතා පත් කරන ලදී.

ගිණුම්කරණය, විගණනය, මූල්‍ය කළමනාකරණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන උදේශ් ගුණවර්ධන මහතාට මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 25 කට වැඩි පළපුරුද්දක් තිබේ. ඔහු මූල්‍ය ක්ෂේත්‍රය තුළ ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවමින් නායකයෙකු ලෙස තම හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ද්විතීයික පදනම මත පීපල්ස් ලීසිං හි අනුබද්ධිත ආයතනයක් වන බංග්ලාදේශයේ ලන්කන් එලායන්ස් ෆිනෑන්ස් ලිමිටඩ් හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ද භූමිකාවක් ඉටු කරයි.

ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙක් සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකි. ඔහුට ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ භාණ්ඩාගාර, ආයෝජන සහ අවදානම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද තිබේ. ඊට අමතරව ඔහු ඕස්ටේ්‍රලියානු පරිගණක සංගමයේ ලෝක ත්‍යාගලාභී සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.

එසේම පීපල්ස් ලීසිං ශාඛා ජාල ප්‍රධානි ලෙස පත්වු ලක්සඳ ගුණවර්ධන මහතාට ආයතනික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක මූල්‍යකරණය පිළිබඳ වසර 27කට අධික පළපුරුද්දක් ඇත. ඔහු ණය, අලෙවිකරණය, කළඹ කළමනාකරණය (Portfolio Management), ශාඛා සංවර්ධනය සහ මෙහෙයුම් යන ක්ෂේත්‍රවල දැනුමින් හෙබි නායකයෙකු වේ. එතුමා වසර 13ක් සමාගමේ ලීසිං අංශයේ ප්‍රධානියා ලෙසත් අලෙවිකරණ ප්‍රධානියා ලෙසත් සිය නායකත්ව ගුණාංග සමඟ කටයුතු කර ඇත. ඔහු සතුව ඇති දක්ෂතා අතර අභියෝගාත්මක නායකත්ව භූමිකාවන්, පරිවර්තනීය වෙනසක් සාක්ෂාත් කර ගැනීම සහ තිරසාර ව්‍යාපාර වර්ධන සාර්ථකත්වය පිළිබඳ ඉතා හොද වාර්තා ඔහු සතු වේ. ලක්සඳ මහතා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත පීපල්ස් මයික්‍රෝ කොමර්ස් ලිමිටඩ් හි අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කරයි.

ඔහු වේල්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදි පශ්චාත් උපාධියක් ලබා ඇති අතර සහතික කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය- ඕස්ටේුලියාවල සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු වන අතර  සහ ආසියානු විශ්ව විද්‍යාලයෙන් උපාය මාර්ගික අලෙවිකරණය පිළිබඳ MSc උපාධියක් දි හිමි කරගෙන තිබේ. ඔහු CMA (ඕස්ටේුලියාව) සහ CPM (ආසියාව) සඳහා සුදුසුකම්ලභා ලබා ඇත. තවද, ලක්සඳ මහතා ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයෙන් ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇත. එසේම ඔහු ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහතිකලත් සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙක් මෙන්ම ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ ද සාමාජිකයෙකි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකිග විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත වියග පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව